නවතින්නෙ නෑ | Nawathinne Na by Various Artists

නවතින්නෙ නෑ
බය දන්නේ නෑ
අපි එක රෑනේ නිසා

නවතින්නෙ නෑ
බය දන්නේ නෑ
අපි එක යායේ නිසා

පෙර භවයක පැතුවා වාගේ
මේ අත්වැල් ගී මල් පාරේ
ලංවී යමු ජය ගමනේ

නවතින්නෙ නෑ
බය දන්නේ නෑ
අපි එක යායේ නිසා

වැටෙන තැනදී
අත දෙන දෙවියා
එදා පටන් හැමතැන සිටියා

කරදර කරදර නොකර ගියා
පිහිටට ආ විට හැර නොගියා

මං කියන ගයන මේ ගී
සත්සර වයමුද අපි ආයේ
මහා රැල්ලක් වෙලා

සිනහ සෙන්න කදුලැල් පිසිනා
ලෙන්ගතු ඔය හිත
තනි රකිනා
හිතේ හයිය මොහොතින් ගෙනෙනා
ආදර වදනින් ගී ගයනා

යමු අත්වැල් බැද මේ
එක තාලේ
සංගීතේ යව්වන කාලේ
මහා රැල්ලක් වෙලා

නවතින්නෙ නෑ
බය දන්නේ නෑ
අපි එක රෑනේ නිසා

නවතින්නෙ නෑ
බය දන්නේ නෑ
අපි එක යායේ නිසා

පෙර භවයක පැතුවා වාගේ
මේ අත්වැල් ගී මල් පාරේ
ලංවී යමු ජය ගමනේ

නවතින්නෙ නෑ
බය දන්නේ නෑ
අපි එක යායේ නිසා

හැඩකාරි | Hadakari by Lavan Abhishek & Kamani Lasanthika

හැන්දෑවේ හිරිපොද වැස්සෙන්
උන්නා තනියෙන් සීතලේ
ඇයි නාවේ මා හමුවන්නට
කියපං මොකදැයි කාරනේ

ලන්තෑරුම් එලියෙන් නිවෙනා
අදුරෙන් මැවුනා සාගරේ
කොල්ලෑවේ එල්ලී හිටියා
මහ රෑ තනියෙන් පාරුවේ

හැන්දෑවේ හිරිපොද වැස්සෙන්
උන්නා තනියෙන් සීතලේ
ඇයි නාවේ මා හමුවන්නට
කියපං මොකදැයි කාරනේ

ලන්තෑරුම් එලියෙන් නිවෙනා
අදුරෙන් මැවුනා සාගරේ
කොල්ලෑවේ එල්ලී හිටියා
මහ රෑ තනියෙන් පාරුවේ

හැඩකාරී නුඹේ නෙරියේ
පැටලෙන්න ඉන හරියේ
මට තාම ඉඩ නෑ අනේ

ඔය හීන සැනකෙලියේ
ගුලි වෙන්න කිටි කිටියේ
මට තාම හුරු නෑ අනේ

හැමදේම මගේ ලෝකේ
ඔය නමට ලිව්වේ
දැනුනාද නැහැ දන්නේ
ඔබ මාගේ ප්‍රානේ

හුරතල්ම දග මල්ල
කීකරුව හැදුනේ
ලද බොලද නැහැ කැකුල
රූ සුවද ඉතිරේ

හැඩකාරී නුඹේ නෙරියේ
පැටලෙන්න ඉන හරියේ
මට තාම ඉඩ නෑ අනේ

ඔය හීන සැනකෙලියේ
ගුලි වෙන්න කිටි කිටියේ
මට තාම හුරු නෑ අනේ

මනමාල ඔය දෑස දැක ගන්න ආයේ
කවදාද හමුවන්නේ මුදු හාදු ඕනේ
හැමදාම ලග ඉන්න ආසයි හෙට දවසේ
එක වහල යට හීන එලිවෙන්න ඕනේ

හැන්දෑවේ හිරිපොද වැස්සෙන්
උන්නා තනියෙන් සීතලේ
ඇයි නාවේ මා හමුවන්නට
කියපං මොකදැයි කාරනේ

ලන්තෑරුම් එලියෙන් නිවෙනා
අදුරෙන් මැවුනා සාගරේ
කොල්ලෑවේ එල්ලී හිටියා
මහ රෑ තනියෙන් පාරුවේ

හැඩකාරී නුඹේ නෙරියේ
පැටලෙන්න ඉන හරියේ
මට තාම ඉඩ නෑ අනේ

ඔය හීන සැනකෙලියේ
ගුලි වෙන්න කිටි කිටියේ
මට තාම හුරු නෑ අනේ

ආශා දහසක් (සංගීතේ Teledrama Song) | Asha Dahasak (Sangeethe Teledrama Song) by Lavan Abhishek ft. Anura Priyakalum, Nilupul Bandara & Sachini Ranwaka [2019]

ආ ආ ආ ආ ආ ආ ආ

ආශා දහසක් පොදි බැද
දෑසක් දැක්කොත් ලුහුබැඳ
ජීවිතේට රස්නෙ හොයපු කාලේ

සිහිනෙන් සිහිනෙට වද විද
සිතු සේ ඉවසාගෙන දුක
මතකද ඒ පිස්සු නටපු කාලේ

ගිහින් කටු ගාලක රෑ පැටලී
ඉර පානෙත් යළි පැටලී
තරුණ විසේ රහට විඳපු කාලේ

සිහිකෙරුවත් දෑස් තෙමෙන
ලස්සන දේවල් මතක ද
ආදරේට පිස්සු වැටුණු කාලේ

සිහිකෙරුවත් දෑස් තෙමෙන
ලස්සන දේවල් මතක ද
ආදරේට පිස්සු වැටුණු කාලේ

කඳුළු පුරවන් මොකෝ
සතුට හොරු ගත්තදෝ
දුක කියන්න නොසඟවා
තැවුල් කාටත් පොදුයි

සුසුම් හෙලලා සුළං වෙතට හරවන්නකෝ
පුලුන් රැල්ලක් වගේ නිදැල්ලේ පාව යයි

කඳුළු පිස දා ඉතින් සතුට අරගන්නකෝ
දුක කියන්නේ මේ ලොවේ ජීවිතේ ජය මඟයි

සුසුම් මුසුවී තමයි සුළඟ හැදුනේ කියා
හැඬුම් මුසුවී තමයි වැස්ස හැදුනේ කියා

වදන් ඔවදන්
කර පෙන්වා..ලු
අතීතෙ ලස්සන මතකද

හිතේ ඇති දේ කියා ගන්න දවසක් මදි
වෙච්ච දේවල් අහෝ නිමක් නෑ සුන්දරයි

විවර කරනා හදේ සිරව ඇති සෑම දේ
යොවුන් බඹරුන් වගේ ඉන්න කාටත් හැකියි

දෑත් විහිදා සුපෙම් මතක පවසන්නකෝ
අසා ඉන්නා තරම් තවත් සතුටක් නොවේ

එවන් රස පෙම් කතා තමයි ඔබගෙයි මගෙයි
පතන පැතුමන් පවා අමුතු වෙනසක් කළේ

සිතුම් සිතුවම්
සේ ගලපා..ලු
මතකෙට ස්තුති සැමට

ආශා දහසක් පොදි බැද
දෑසක් දැක්කොත් ලුහුබැඳ
ජීවිතේට රස්නෙ හොයපු කාලේ

සිහිනෙන් සිහිනෙට වද විද
සිතු සේ ඉවසාගෙන දුක
මතකද ඒ පිස්සු නටපු කාලේ

ගිහින් කටු ගාලක රෑ පැටලී
ඉර පානෙත් යළි පැටලී
තරුණ විසේ රහට විඳපු කාලේ

සිහිකෙරුවත් දෑස් තෙමෙන
ලස්සන දේවල් මතක ද
ආදරේට පිස්සු වැටුණු කාලේ

සිහිකෙරුවත් දෑස් තෙමෙන
ලස්සන දේවල් මතක ද
ආදරේට පිස්සු වැටුණු කාලේ

අද නම් මා හද | Ada Nam Ma Hada by Raween Kanishka & Kalpana

අද නම් මා හද
ඉවසුම් නෑ
සොයුරේ පෙම දැණුනා
හැගුමන් පායනවාදෝ
මංගල මුදු පළදා

එක ලේ පැහැයයි සිරැරේ පුරා
සොයුරේ නුඹ මගේ පණයි සදා

සතුටින් ඉනු මැන
දිවිය පුරාවට
නිදුකින් මතු සැමදා

අයදිම් සමාව මා සැමදා
සිදුවී ඇතොත් වරදක්
ඔබගේ ලගින්ම මා
මතු රැදි නොබිදී උතුම් හැගුමන්

පෙරුමන් පුරාන ආවදෝ
මා සොයුරුමේ සොදුරු.
මේ ලෙසින් අපි අපේම වී
සසරේ බැදී

සසරේ පුරාම මා පතනා
සොයුරේ ඔබයි සොදුරු
ඔබගේ දයාව ප්‍රේමය රැදි
මතකයි සෙනේ පිරුනූ

පෙරුමන් පුරාන ආවදෝ
මා සොයුරුමේ සොදුරු
මේ ලෙසින් අපි අපේම වී
සසරේ බැදී

සතුටින් ඉනු මැන
දිවිය පුරාවට
නිදුකින් මතු සැමදා
සතුටින් ඉනු මැන
දිවිය පුරාවට
නිදුකින් මතු සැමදා

නෙතු යුග විහිදා | Nethu Yuga Vihida by Lavan Abhishek

නෙතු යුග විහිදා සැනසිලා එක්වීලා
පතිනිය වීලා හැඩවීලා
යුග දිවි අරඹා පුබුදාලා හිනැහිලා
අතිනත පතලා ලංවීලා

මනමාලිය හිනැහේ මුව සරසා
සද වැනි වත දිදුලා
හැම දෑසම හිනැහෙන දිනයක සැවොම
ප්‍රිය තෙපුලින් වෙලුනා

දැනුනා හැගුනා මධු සාදේ ආශාවිසිරි
මංගල සේයාරු පිරුනා
සිතලා පතලා පැතු පැතුමන් නිසි සේ ඉටුවී
හදවත් ආශාවේ ගිලුනා

දෙහදක ආශා හමුවීලා ලංවීලා
සිතුවිලි සේයා මුසු වීලා
රන්හුය පටලා මුමුනාලා සැනසීලා
අඹරණ පලදා හිනැහීලා

මධු සමයට පිට වී හදවත් සසැලි
නව දිවියක් අරඹා
නව යුවලට සතුටින් සුබ පතමි
ආසිරි මල් අතුරා

දැනුනා හැගුනා මධු සාදේ ආශාවිසිරි
මංගල සේයාරු පිරුනා
සිතලා පතලා පැතු පැතුමන් නිසි සේ ඉටුවී
හදවත් ආශාවේ ගිලුනා

ආදරයේ ජීවිතේ
සෑම දා විදලා
ජීවිතේ මේ සතුටින්
ආදරේ කරමු

දැනුනා හැගුනා මධු සාදේ ආශාවිසිරි
මංගල සේයාරු පිරුනා
සිතලා පතලා පැතු පැතුමන් නිසි සේ ඉටුවී
හදවත් ආශාවේ ගිලුනා