සුසුමට | Susumata Susumak by Sanka Dineth ft. Uresha Ravihari

කොඳ මල් ඇතිරූ සඳ යහනාවේ
සතපා සනසන්නම්
ඔබෙ සිත මද සිහිලෙන් නිවුනාවේ
සිහිනය අඩ නින්දේ තිබුනාවේ
මතකේ නැලවෙන්නම්
අපෙ හඬ විතරක් මට ඇහුනාවේ

නිහඬතාවේ වයන්නේ සංගීතේ
නිහඬතාවේ වයන්නේ සංගීතේ
නිහඬතාවේ වයන්නේ සංගීතේ
නිහඬතාවේ වයන්නේ සංගීතේ

සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය
සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය
සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය
සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය

තුරු වියනට පිනිකැට වැටෙනා විට
ඒ හඬ කවියකි නිසංසලේ
දිය කඳුරක පොඩි පෙන නැගෙනා විට
සන්ධ්වනියකි පෙම් ප්‍රගීතයේ
නිහඬතාවේ වයන්නේ සංගීතේ
නිහඬතාවේ වයන්නේ සංගීතේ

සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය
සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය
සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය
සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය

අපටම වෙන්වුනු මේ නිදි නැති රෑ
බවුන් වඩනවා හෙමින් සැරේ
කිසිදා නොසිදෙන ආදර උල්පත
ගලා හැලෙන හැටි හදින් හදේ
නිහඬතාවේ වයන්නේ සංගීතේ
නිහඬතාවේ වයන්නේ සංගීතේ

සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය
සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය
සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය
සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය

written by Nilar N Kasim

රිදෙන නොරිද්දෙන | Ridena Noriddana by Sanka Dineth [2018]

රිදෙන නොරිද්දෙන කම්මුල් අවුස්සලා
කියඹුලතා ඇයි මාව කොනිත්තලා
ආදර සැලසුම් සිහින නෙවෙයි කිසිදා
මැවෙන්නේ දෙව්ලිය පපුවෙ හුස්ම තියා
මා ඇවිලිලා.. ඈ නිවෙනවා
ඈ ඇවිලිලා.. මා නිවෙනවා

උණුසුම් දෙතොලේ හැඟුමන් කිති කවලා
සඳ නැති රෑ තරු සියො ළඟ කතා කළා
අත අතනෑරම නොනිදා පහන් කළා
නිදි නැති නදියක උණුහුම ඉපැද්දුණා
මා ඇවිලිලා.. ඈ නිවෙනවා
ඈ ඇවිලිලා.. මා නිවෙනවා

උරහිසේ හිස තියන් ආදරේ කියනවා
වේදනා ඇස් දෙකේ ඇවිලිලා
මා නිවෙනවා ඈ නිවෙනවා
ඈ නිවෙනවා මා නිවෙනවා

රිදෙන නොරිද්දෙන කම්මුල් අවුස්සලා
කියඹුලතා ඇයි මාව කොනිත්තලා
ආදර සැලසුම් සිහින නෙවෙයි කිසිදා
මැවෙන්නේ දෙව්ලිය පපුවෙ හුස්ම තියා
මා ඇවිලිලා.. ඈ නිවෙනවා
ඈ ඇවිලිලා.. මා නිවෙනවා

written by Upul Shantha Sannasgala

sanka dineth,sanka dineth new song,sanka dineth super star,dineth,sanka new songs,sanka official,srilankan music,sanka,srilankan music videos,raa sihine maa,sinhala songs,numba nomethi,sri lanka,ridena noriddena,sinhala mp3,wisal nagare,studio,transstudios,sinhala song,raween kanishka,sinhala pop music,transfilms,numba nomethi wisal nagare,trans,music,shanudri priyasad,new,official

නුඹ නොමැති | Numba Nomethi Wisal Nagare by Sanka Dineth

නුඹ නොමැති විසල් නගරේ
දැන් ඇවිද යන්නෙමි තනියෙන්
හැමතැනම නුඹේ මතකේ,
මං කොහොම ඉන්නද ඉවසන්
නුඹ එක්ක දුරක් ඇවිදින්
මං කොහොම යන්නද තනියෙන්,

නු⁣ඹේ..මගේ..සොඳුරු මතකය සමගින්
අතහැරුනු මතකය සමගින්

රෑ තරු සේ අහසේ
පායන් ආකාසේ
මට පෙනෙන දුරක් ඇවිදින්
නුඹ නොමැති විසල් නගරේ
දැන් ඇවිද යන්නෙමි තනියෙන්
හැමතැනම නුඹේ මතකේ්
මං කොහොම ඉන්නද ඉවසන්
නුඹ එක්ක දුරක් ඇවිදින්
මං කොහොම යන්නද තනියෙන්

නුඹ නොමැති විසල් නගරේ
දැන් ඇවිද යන්නෙමි තනියෙන්
හැමතැනම නුඹේ මතකේ,
මං කොහොම ඉන්නද ඉවසන්
නුඹ එක්ක දුරක් ඇවිදින්
මං කොහොම යන්නද තනියෙන්,

written by Isuru Weerasingha Mudali

අතින් අල්ලන් | Athin Allan by Sankhaja Dissanayaka [2022]

අතින් අල්ලන්
හිතින් අතහැර
දකින තුරු දිගු දිවියෙ රුදු බව

මුල පුරන්නට
සැරි සරන්නට
අත් දකින්නට
ඇද වැටෙන්නට
පහු බහින්නේ නෑ

අතින් අල්ලන්
හිතින් අතහැර
දකින තුරු දිගු දිවියෙ රුදු බව

විද බලන්නට
මුලා වෙන්නට
පසු තැවෙන්නට
මග සොයන්නට
මතක් වෙන්නේ නෑ

අතින් අල්ලන්
හිතින් අතහැර
දකින තුරු දිගු දිවියෙ රුදු බව

හැර දකින්නට
හැර විදින්නට
හැර දමන්නට
ජය ලබන්නට
වෙනත් විදියක් නෑ
අතින් අල්ලන් හිත් හරින තුරු

written by Sashika Vishan

sankhaja dissanayaka,athin allan hithin athahera,sanka new songs,sanka dineth new song,the voice sankhaja,sankhaja voice,san sanana,sankhaja the voice,sankhaja,the voice teens sri lanka today,the voice teens sri lanka,the voice sri lanka,sri lanka,sanka dineth,voice sri lanka 2022,voice teens sri lanka,sanka official,voice sri lanka,voice sri lanka super knockouts 2022,sinhala music,sanka,voice super knockouts 2022 sri lanka,pop songs,sirasa voice

රිදෙන තරම් | Ridena Tharam by Sanka Dineth

රිදෙන තරම්
සොදුරුයි ජීවිතේ
කදුළු පිරෙයි
යළි මැකෙයි

දුරට පෙනෙයි
නොපෙනෙයි ආදරේ
මතක ලිහෙයි
යළි බැදෙයි

සමුදී නෑ සමුගෙන ගියත්
සමුදුන් සිතේ මගේ
වෙන්වී නෑ වෙන්වී ගියත්
වෙන්වූ හැගුම් අපේ

ක්ෂිතිජයක් දුර මාවතේ
ආදරේ පවතින තුරා
සිහිනේ ලග
අප යලි නැවතිලා
ආයෙත් තනිවෙනවා

රිදෙන තරම්
සොදුරුයි ජීවිතේ
කදුලු පිරෙයි
යළි මැකෙයි
දුරට පෙනෙයි
නොපෙනෙයි ආදරේ
මතක ලිහෙයි
යළි බැදෙයි

සමුදී නෑ සමුගෙන ගියත්
සමුදුන් සිතේ මගේ
වෙන්වී නෑ වෙන්වී ගියත්
වෙන්වූ හැගුම් අපේ

හැරගිය දා | Haragiya Da by Savindi Sithmini ft. Sanka Dineth [2022]

ඇස් ඇහුවෙම නෑ අදත්
හිස් වෙනවද වෑහුනත්
දස් කිව්වට මා උනත්
දිස් නොවුනෙද ස්නේහයක්

හිත් බිඳුනාම කැඩුනාම
මං විතරයි හැදුවේ ම
ප්‍රේමයේ නාමයෙන්
එය දැනුනාද දැනුනාද
නුඹ විතරයි දන්නේම
මගේ ආදරේ ඒ තරම්

හැරගිය දා සදා සිහිවේ
හිත රිදෙනා නිසා ගමනේ
මතු පතනා සිනා සසරේ
ඔබ යනවා දවා සිහිනේ

ඇස් ඇහුවෙම නෑ අදත්
හිස් වෙනවද වෑහුනත්
හිත් බිඳුනාම කැඩුනාම
මං විතරයි හැදුවේ ම
ප්‍රේමයේ නාමයෙන්
එය දැනුනාද දැනුනාද
නුඹ විතරයි දන්නේම
මගේ ආදරේ ඒ තරම්

හැරගිය දා සදා සිහිවේ
හිත රිදෙනා නිසා ගමනේ
මතු පතනා සිනා සසරේ
ඔබ යනවා දවා සිහිනේ

කඳුලු කඳු මැද නිම්නයේ
නිමුනාද ඒ සුසුම් දියේ
මතක හිරි කඩ සාගිනේ
අත් නොහැරුන වස්සානයේ
ඉතිම් අපේ රහස නෑසි ගියාවේ
වැසී ආදරේ සිහිනයන්

හැරගිය දා සදා සිහිවේ
හිත රිදෙනා නිසා ගමනේ
මතු පතනා සිනා සසරේ
ඔබ යනවා දවා සිහිනේ

අපේ කොල්ලෝ | Ape Kollo by Bathiya & Santhush ft. Yohani & etc

මුලු පිටියම දෙවනත් කර
ජයගමු නොසැලීම
පසු නොබසින අදිටන ගෙන
හැප්පෙමු පෙර සේම

ධජය ලෙලවන සිංහයෝ
හදවතේ අපේ වීරයෝ
ධජය ලෙලවන සිංහයෝ
හදවතේ අපේ වීරයෝ

අපේ කොල්ලෝ
අපේ කොල්ලෝ
අපේ කොල්ලෝ
අපේ කොල්ලෝ

වැට කඩුලු බ්ද කඩුලු ගමු
සිත සවිය කොට පිටිය ජය ගමු
වැටෙන තැන නැගිට යමු සිහ
නදින් මුළු ලොවම කලබමු

අද බබලන මුතු ඇට ඔබ
මත දුදලපු මුතු කැට එළි
රල බිදගෙන පෙරටම යමු
බාදක බ්ද ගෙන රට

හද ගැස්මන් නවතින තැන
නංවමු ජය රාවය
මුලු ලෝකෙම දන්නම නම
දිනවමු සැමදාම

ධජය ලෙලවන සිංහයෝ
හදවතේ අපේ වීරයෝ
ධජය ලෙලවන සිංහයෝ
හදවතේ අපේ වීරයෝ

අපේ කොල්ලෝ
අපේ කොල්ලෝ
අපේ කොල්ලෝ
අපේ කොල්ලෝ

හීන කතන්දර | Heen Kathandara by Sanka Dineth

හීන කතන්දර ඉවරයි
මං ඔයාට පාර කියන්නම්
මහ සයුරේ දිය ඉවරයි
දිය උල්පත ළඟ මම නවතින්නම්

ඇත්තයි මල් පරවෙනවා
තරුකැට කඩා වෙනවා
සරණයි කඳුළු වැටෙනවා
තුරු හිස මත ආයෙ පිපෙනවා
මං ඔය හිත සුවඳ කරනවා

හීන කතන්දර ඉවරයි
මං ඔයාට පාර කියන්නම්
මහ සයුරේ දිය ඉවරයි
දිය උල්පත ළඟ මම නවතින්නම්

පුදුමයි තරු ඇහැරෙනවා
අහස ම එළිය කරනවා
විරලයි ඇස් දන් දෙනවා
ඔය ඇස මට පාර කියනවා
මම මඟෙ හිත ඔයාට දෙනවා

හීන කතන්දර ඉවරයි
මං ඔයාට පාර කියන්නම්
මහ සයුරේ දිය ඉවරයි
දිය උල්පත ළඟ මම නවතින්නම්

ශාන්ත සිතුවිලි (Remake) | Shantha Sithuvili by Sanka Dineth

ශාන්ත සිතිවිලි මැව්නාවේ
බල බලා හැඩ ගංගාවේ
දෙදෙන සුපුරුදු ලැසි ගමනේ
සෑමදා වාගේ සෑමදා වාගේ

ශාන්ත සිතිවිලි මැව්නාවේ
බල බලා හැඩ ගංගාවේ
දෙදෙන සුපුරුදු ලැසි ගමනේ
සෑමදා වාගේ සෑමදා වාගේ

පාවෙන බක් මී මල් යහනේ
ආදරයේ රඟදෝ මැව්නේ
නෑසේ ළඟ සැනවුනු ශෝකේ
මිහිරනේ පෑවේ

සී පද රාවේ තොටියාගේ
සන්තාපේ සිතිවිලි මැකුනේ
මෝදුර පායා එන තරුවේ
රහසනේ කීවේ

ශාන්ත සිතිවිලි මැව්නාවේ
බල බලා හැඩ ගංගාවේ
දෙදෙන සුපුරුදු ලැසි ගමනේ
සෑමදා වාගේ සෑමදා වාගේ

ශාන්ත සිතිවිලි මැව්නාවේ
බල බලා හැඩ ගංගාවේ
දෙදෙන සුපුරුදු ලැසි ගමනේ
සෑමදා වාගේ සෑමදා වාගේ