ආදරේ තරම් | Adare Tharam by Shan Hassim [2021]

ආදරේ තරම් කියා ගන්න බැරි වූ නිසා
ජීවිතේ පැතුම් රහසේම වියකෑ ගියා
රහසේම කවුදෝ ඉක්මන් වෙලා
හඬවාලා මගේ දෑස ඔබ ගෙන ගියා
දැන උන්නා නම් ආදරේ
ඔබ යන්නේ නෑ මා දමා

දහසක් පැතුමි මහදේ සිර කොට තබා
මා පෙම් කලේ සිතින් සුසුමන් දරා
මා තුරුලේ ඔබ උන්නා හීනෙන් පවා
ඇයි ඉන්නනේ හොර රහසේම මා රිදවලා
දැන උන්නා නම් මේ ආදරේ
ඔබ යන්නේ නෑ මා දමා

දෙනුවන් අගට රහසේ කඳුලැල් උනා
ඔබ ගැනම රෑ තිස්සේ සිහිපත් කලා
මා පෙම් කල බව තාමනොදනී ඔයා
අදටත් සිතින් මා ඔබෙ පෙම්වතා
දැන උන්නා නම් මේ ආදරේ
ඔබ යන්නේ නෑ මා දමා

ආදරේ තරම් කියා ගන්න බැරි වූ නිසා
ජීවිතේ පැතුම් රහසේම වියකෑ ගියා
රහසේම කවුදෝ ඉක්මන් වෙලා
හඬවාලා මගේ දෑස ඔබ ගෙන ගියා
දැන උන්නා නම් ආදරේ
ඔබ යන්නේ නෑ මා දමා