සුදු සේල | Sudu Sela by Shehan Kaushalya [2021]

සුදු සේල මල් ඇතිරිල්ලී
සැගවී ගිහින් හසරැල්ලේ
ලොව අද නොවේ වෙනදා වගේ

හිම ගවුමකින් සැරසිල්ලේ
නුඹ නිදනවා සැනසිල්ලේ
සුරගන මගේ නොකියා ගියේ

මේ පාලු රෑ යාමේ
තනිකම ගෙනා ආලේ
ගිලිහී වැටේ කොපුලේ
කදුලෙන් තෙමේ
නුබ නේන මේ යාමේ
මතකේ පුරා යාවී
තනිවී සුසුම් අතරේ හැගුමන් ඔහේ

සුදු සේල මල් ඇතිරිල්ලී
සැගවී ගිහින් හසරැල්ලේ
ලොව අද නොවේ වෙනදා වගේ

මේ පාලු රෑ යාමේ
තනිකම ගෙනා ආලේ
ගිලිහී වැටේ කොපුලේ
කදුලෙන් තෙමේ
නුබ නේන මේ යාමේ
මතකේ පුරා යාවී
තනිවී සුසුම් අතරේ හැගුමන් ඔහේ

මගේ හිතේ | Mage Hithe by Shehan Kaushalya [2013]

ඔබ සොයාලා කකියනා නෙතේ ඉවසුමක් නැතුවා
හද හඩාලා වැලපෙනා දිනේ ඔබ යලිත් දැනුනා
ආයෙ නොඑන්න මා ගියත් පාලුවේ දමා
මගෙ සිනා පාවුනා ඈත ගියදා එදා
මගේ හිතේ ඔයා කෙරේ යලි ආදරේ පිරිලා
ඔබේ නෙතේ තියා හැඬූ වේදනා දැකලා

හෙමිහිට මාගේ නෙතු ලඟ කඳුලැලි රූරාලා
හැමතැන වාගේ ඔබෙ රුව මැවි මැවි පායාලා
වෙන් වුනත් මේ වාසනාවෙන් මා දුකක් දීලා
ඉන්න බෑනේ පාලුවෙන් නම් සෝ තැවුල් ඉවසා
මගේ හිතේ ඔයා කෙරේ යලි ආදරේ පිරිලා
ඔබේ නෙතේ තියා හැඬූ වේදනා දැකලා

ඉදහිට ආයේ හමුවෙලා දොඩමලු වී මා හා
ඉමු පෙර වාගේ සැනසීලා මදකට ලංවීලා
කවුරුත් නෑ මේ තරම්නං ආදරේ දීලා
යන්නෙ නෑ මං හීනෙකින්වත් තාරුකා සොයලා
මගේ හිතේ ඔයා කෙරේ යලි ආදරේ පිරිලා
ඔබේ නෙතේ තියා හැඬූ වේදනා දැකලා

ඔබ සොයාලා කකියනා නෙතේ ඉවසුමක් නැතුවා
හද හඩාලා වැලපෙනා දිනේ ඔබ යලිත් දැනුනා
ආයෙ නොඑන්න මා ගියත් පාලුවේ දමා
මගෙ සිනා පාවුනා ඈත ගියදා එදා
මගේ හිතේ ඔයා කෙරේ යලි ආදරේ පිරිලා
ඔබේ නෙතේ තියා හැඬූ වේදනා දැකලා

 

අප හමුනොවුනා නම් | Apa Hamunowuna Nam by Shehan Kaushalya [2020]

අප හමුනොවුනා නම්
මේ තරම් දුකින්
නොයින්න තිබුනා
කදුළු නැතිව
හිනාවෙලා ඉදින්න තිබුනා

යාළුකමට එහා ගිහින්
අපිට ආදරේ හිතුනම
මගේ කනට කොදුරා නොකියා ඉන්නට තිබුනා
කැමති උනත් මට අකමැති වෙන්නට තිබුනා

හිනාවෙච්ච
ඇස් පිහාටු
කදුලු එක්ක ගොළු උනා
හිත හදන්නවත් නුඹ ලග ඉන්නට තිබුනා
රිදුනු හිතට තවත් දුකක් නොදෙන්නට තිබුනා

අප හමුනොවුනා නම්
මේ තරම් දුකින්
නොයින්න තිබුනා
කදුළු නැතිව
හිනාවෙලා ඉදින්න තිබුනා