නෙතින් ගලා යන | Nethin Gala Yana by Chandana Liyanarachchi

නෙතින් ගලා යන කඳුලැල් හමුවේ
පිවිතුරු පෙම් කැකුළක් මිලිනව හැඬුවේ
මා පිදු පිවිතුරු පෙමට මුලා වී
කව්රුදෝ ඔබ ලඟ සැඟ වී සිටියේ
නෙතින් ගලා යන කඳුලැල් හමුවේ

ඔහුට පුදන්නට පිවිතුරු පෙම් බස්
තවමත් ඔබ ලඟ ඇත්ද ලයේ
මා වැනි ඔහුටත් කෙබදු දිනක හෝ
ඔබ කී පෙම් බස් සිත පාරයිද ලඳේ

නෙතින් ගලා යන කඳුලැල් හමුවේ
පිවිතුරු පෙම් කැකුළක් මිලිනව හැඬුවේ
මා පිදු පිවිතුරු පෙමට මුලා වී
කව්රුදෝ ඔබ ලඟ සැඟ වී සිටියේ
නෙතින් ගලා යන කඳුලැල් හමුවේ

ඔබ ගියදා සිට අදටත් සිත ළඟ
දහසක් පෙම් මල් පිපී වැඩේ
ඒ වගෙ මල් වල පහස විඳින්නට
තවමත් මගෙ සිත බයයි ලඳේ

නෙතින් ගලා යන කඳුලැල් හමුවේ
පිවිතුරු පෙම් කැකුළක් මිලිනව හැඬුවේ
මා පිදු පිවිතුරු පෙමට මුලා වී
කව්රුදෝ ඔබ ලඟ සැඟ වී සිටියේ
නෙතින් ගලා යන කඳුලැල් හමුවේ

යන්නෙමි | Yannemi by Vidura Jayasooriya ft. Tharindu Damsara [2021]

පලා යන්නෙමි
පමා වී ආ ලොවින්
තවත් හිඳ පලක් නොම වේ ඉතිං
පලා යන්නෙමි පමා වී
ආ ලොවින්

සිතුවිලි පවා පමණට වැඩියෙන් සිතේ
නුඹ නිසා, හෙට දින ලතැවුල් මැවේ
කුමක්නම් කරම්දෝ සිතා
බලාගත් අත බලා
මුළු රෑ ගෙවේ

ජීවිතේ සොදුරු මොහොතක් අපේ
හදවතින් සදා නොමැකී තියේ
පමා වී ආ වසන්තේ හැරදමා
යන මොහොත ලං ලං ලංව එන බව හැඟේ

හන්තානේ | Hanthane by Ashanthi de Alwis ft. Delon

මල් ගොමු ගානේ රොන් යායේ
ගින්දර තාලේ උණුසුම් කාලේ
නිම් නාදේ දෙකොපුල් මාගේ
හිරිවැටුනා…

මල් ගොමු ගානේ රොන් යායේ
ගින්දර තාලේ උණුසුම් කාලේ
නිම් නාදේ දෙකොපුල් මාගේ
හිරිවැටුනා…

හන්තානේ (හන්තානේ)
මල් පාරේ (මල් පාරේ)
සංසාරේ (සංසාරේ)
පිය නගලා…

මන්දාරම් (මන්දාරම්)
හැන්දෑවේ (හැන්දෑවේ)
තරු රෑනේ (තරු රෑනේ)
මම හිටියා…

හන්තානේ (හන්තානේ)
මල් පාරේ (මල් පාරේ)
සංසාරේ (සංසාරේ)
පිය නගලා…

මන්දාරම් (මන්දාරම්)
හැන්දෑවේ (හැන්දෑවේ)
තරු රෑනේ (තරු රෑනේ)
මම හිටියා…

මං දන්නෑනේ සංසාරේ
ප්රේමය ඔබගේ සංසුන් තාලේ
හැන්දෑවේ පැළඳූ සේලේ
හිස සිඹලා…

මං දන්නෑනේ සංසාරේ
ප්රේමය ඔබගේ සංසුන් තාලේ
හැන්දෑවේ පැළඳූ සේලේ
හිස සිඹලා…

හන්තානේ (හන්තානේ)
මල් පාරේ (මල් පාරේ)
සංසාරේ (සංසාරේ)
පිය නගලා…

මන්දාරම් (මන්දාරම්)
හැන්දෑවේ (හැන්දෑවේ)
තරු රෑනේ (තරු රෑනේ)
මම හිටියා…

හන්තානේ (හන්තානේ)
මල් පාරේ (මල් පාරේ)
සංසාරේ (සංසාරේ)
පිය නගලා…

මන්දාරම් (මන්දාරම්)
හැන්දෑවේ (හැන්දෑවේ)
තරු රෑනේ (තරු රෑනේ)
මම හිටියා…

හන්තානේ (හන්තානේ)
මල් පාරේ (මල් පාරේ)
සංසාරේ (සංසාරේ)
පිය නගලා…

මන්දාරම් (මන්දාරම්)
හැන්දෑවේ (හැන්දෑවේ)
තරු රෑනේ (තරු රෑනේ)
මම හිටියා…