මනමාලී | Manamali by Kamaj [2022]

තොරන් බඳින්නට, රබන් ගසන්නට
කැලේ රිලව් රැල, පසුපසින් දුවන්නට
ගමේ පුරන් කෙත අස්වද්දන්නට
උඹේ ඉඩම් ටික මගේ නමින් ලියන්නට

මනමාලී මගේ කැන්දන් යමී ආදරෙන්..
කරකාරේ බැඳන් බරබාගේ හිමින් පාගමින්

මනමාලී මගේ කැන්දන් යමී ආදරෙන්..
කරකාරේ බැඳන් බරබාගේ හිමින් පාගමින්

ලෝකෙ වටේ මට සවාරි යන්නට
සීගිරි ගල උඩ මුදුනටම නගින්නට
බිතු සිතුවම් පෙන්නලා, ඒ වගෙ අන්දලා ගන්නට
මැණික් ගඟේ ගිලි, ගිලි ගිලී නාන්නට

මනමාලී මගේ කැන්දන් යමී ආදරෙන්..
කරකාරේ බැඳන් බරබාගේ හිමින් පාගමින්

මනමාලී මගේ කැන්දන් යමී ආදරෙන්..
කරකාරේ බැඳන් බරබාගේ හිමින් පාගමින්

උතුරු කොනේ | Uthuru Kone by Gunadasa Kapuge

උතුරු කොනේ නුඹ හිනැහෙන් නඩරාජා මල්ලීයේ
දකුණු කොණේ නුඹ හිනැහෙන් සුමනසිරි මල්ලීයේ
උතුරු කොනේ නුඹ හිනැහෙන් සෙල්ලම්මා නංගීයේ
දකුණු කොණේ නුඹ හිනැහෙන් සෙනෙහෙලතා නංගීයේ

කොතැනක හිටියත් ඉපදුන මිය යන බිම එක නේදෝ
ඒ බිම එක් වී සුරකින යුතුකම අප සතු නේදෝ

උතුරු කොනේ නුඹ හිනැහෙන් නඩරාජා මල්ලීයේ
දකුණු කොණේ නුඹ හිනැහෙන් සුමනසිරි මල්ලීයේ
උතුරු කොනේ නුඹ හිනැහෙන් සෙල්ලම්මා නංගීයේ
දකුණු කොණේ නුඹ හිනැහෙන් සෙනෙහෙලතා නංගීයේ

එක මවකගේ දරු කැළ සේ හිනැහී ඉන්නයි සැමදා
නෙතු හමුවට කඳුළැල්ලක් ළං නොම වන්නයි කිසිදා

උතුරු කොනේ නුඹ හිනැහෙන් නඩරාජා මල්ලීයේ
දකුණු කොණේ නුඹ හිනැහෙන් සුමනසිරි මල්ලීයේ
උතුරු කොනේ නුඹ හිනැහෙන් සෙල්ලම්මා නංගීයේ
දකුණු කොණේ නුඹ හිනැහෙන් සෙනෙහෙලතා නංගීයේ

මලෙන් උපන් | Malen Upan Samanali by Raween Kanishka & Nuwandika

මලෙන් උපන් සමනළී
රෝස කැලෙන් හමුවුනී
හිතේ රිදුන තැන් බලා
හෙමින් ඉඹින්නම්

මලෙන් උපන් සමනළී
රෝස කැලෙන් හමුවුනී
හිතේ රිදුන තැන් බලා
හෙමින් ඉඹින්නම්

හිනා වෙන්න…ලගින් ඉන්න
මා ගාවම තටු සලන්න
හිත හදන්න… ලගට එන්න
මලෙන් උපන් සමනලී

මුලා වෙන්න එපා ඔන්න
මේ පාරේ පියාඹන්න
පෙම් කරන්න උගන්නන්න
මලෙන් උපන් සමනලී

මහනපුරන් එකතු වෙලා
නපුරුකමක් කලදෝ
මගෙන් ඔබට හිත රිදිලා
ලොවම එපා වෙලාදෝ

හීන දකින වෙලාවේ
චුට්ටක් බය උනා නේ
ලොවම කතා වුනාවේ
ලගම සොදුරු ඔයානේ

මලෙන් උපන් සමනළී
රෝස කැලෙන් හමුවුනී
හිතේ රිදුන තැන් බලා
හෙමින් ඉඹින්නම්

මමයි රෝස සමනලී
රෝස කැලේ ඉපදුනී
හිතේ තැනක් රිදුනොතින්
තුරුලට එන්නම්

හිනා වෙන්න…ලගින් ඉන්න
මා ගාවම තටු සලන්න
හිත හදන්න… ලගට එන්න
මලෙන් උපන් සමනලී

පියාඹන්න කියාදෙන්න
හිත අස්සට වෙලා ඉන්න
අල්ලගන්න ලගින් ඉන්න
බයයි රෝස සමනලී

සංසාරේම මේ වාගේ
දෑස් ලගම ඉන්නකෝ
රිදෙන තැනදි ඔය වාගේ
ආදරේම දෙන්නකෝ

ලොවම එරෙහි උනාවේ
කාලය නැවතුනාවේ
මගේ දෙතොලේ ඔයාගේ
කම්මුල් මල් තලාවේ