තවම පණ තියෙනවා | Thawama Pana Thiyenwa by Abhisheka

ආදරේ හිතෙනවද අහනවා
ඔව් මටත් ආදරේ හිතෙනවා
හාදු මට දැනෙනවද අහනවා
ඔව් මමත් උණුහුමක් හොයනවා
කිරි වරම් නෑ නේද අහනවා
කිරි නැතත් පපුවෙ ඉඩකඩ තියෙනවා
මුගුරක් අරන් ඇනපන් තදින්
භුමියට තාම පණ තියෙනවා

හත් මාල නළල් පට නෑ
සුදු නෙලුම් රෝස පෙති නෑ
නෙත් අඳුන් යටින්
ගලනා කඳුළැල් ඔබ දුටුවේ නම් නෑ
මුගුරක් අරන් ඇනපන් තදින්
භුමියට තාම පණ තියෙනවා

ගිනි කඳුළෙන් දෙමට මලෙන්
නයි කඳුළෙන් නුග කොළයෙන්
ඉපදුණු සත් පත්තිනි බල මහිමෙන්
දිරිය අරන් පිපියන්
මුගුරක් අරන් ඇනපන් තදින්
භුමියට තාම පණ තියෙනවා

written by Abhisheka Wimalaweera

ලස්සන ලස්සන | Lassana Lassana by Sangeeth Wijesuriya

ලස්සන ලස්සන මගෙ ආදරීයේ
හෝ හෝ
මෙච්චර ලස්සන
ඔය කොහෙද සිටියේ

ලස්සන ලස්සන මගෙ ආදරීයේ
හෝ හෝ
මෙච්චර ලස්සන
ඔය කොහෙද සිටියේ

ඔය මගෙ ආදරීයේ
ඔය මගෙ ආදරීයේ
මුදු අවිහිංසකාවී
මගෙ මනලෝල දේවී
ආදරීයේ
ආදරීයේ වැයූ මේ පෙම් ගී වැල්

නිල්මිණි දිලිසෙන උන්මාදිනියේ
හෝ හෝ
හදවත සනසන පුණ්‍යාංගනීයේ

නිල්මිණි දිලිසෙන උන්මාදිනියේ
හෝ හෝ
හදවත සනසන පුණ්‍යාංගනීයේ

බෝසේ කැළුමන් බෙදා දී
ඔබෙ දෙනුවන් සිනාසී
රූබරීයේ
රූබරීයේ කෝ ඔබ රූ පෑ විස්කම්

ලස්සන ලස්සන මගෙ ආදරීයේ
හෝ හෝ
මෙච්චර ලස්සන
ඔය කොහෙද සිටියේ

sangeeth wijesooriya,sangeethmedley,sangeeth,relaxing songs,acoustic songs,classical songs,trending sinhala songs,sinhala new songs,sinhala songs,love songs,pinwanthiye,sinhala old songs,new sinhala songs,90s sinhala songs,derana e tunes,old sinhala songs 90s,lassana lassana mage adariye,colletion,old songs,mal perahara,dandi pin di,along,songs,sinhala slndu,best music lk,rapura,wayonew,gayen ma mudawala,sirasa tv,derana tv,beautifull, wayo

සුදු අසු පිට | Sudu Asu Pita by Indrani Perera

සුදු අසු පිට නැගලා
මංගල රථේ තියා
බැන්දා රන් තොරණේ
කැන්දා මා යන්නේ
උන්මාද සිහිනෙන් ඔයා
මල්සර දෝණී මෙමා

සිහිනෙන් වගේ මැවිලා පෙනේ
මාගේ හදේ මිහිරක් දැනේ
ආලේ ඔබේ මටනේ ප්‍රියේ

සුදු අසු පිට නැගලා
මංගල රථේ තියා
බැන්දා රන් තොරණේ
කැන්දා මා යන්නේ
උන්මාද සිහිනෙන් ඔයා
මල්සර දෝණී මෙමා

මධු මල් පිපෙන්නේ අපි දෙන්නා හින්දයි
බඹරුන් හඬන්නේ මල් හී විදින්නයි
දෙනෙතේ රැඳෙන්නේ ඔබගේම රුවමයි
මනමත් කරන්නේ මල්හීසරාමයි
හිතවත් කියන්නේ ඔබ මාගේ හින්දයි

සුදු අසු පිට නැගලා
මංගල රථේ තියා
බැන්දා රන් තොරණේ
කැන්දා මා යන්නේ
උන්මාද සිහිනෙන් ඔයා
මල්සර දෝණී මෙමා

උන්මාද සිහිනෙන් ඔයා
මල්සර දෝණී මෙමා
මල්සර දෝණී මෙමා
මල්සර දෝණී මෙමා
මල්සර දෝණී මෙමා

පෙති ගෝමර | Pethi Gomara by Chamara Fernando [2021]

පෙති ගෝමර පිපි ළමැදට
සැලෙන ලෙලෙන නාරි ගතට
නැමුණු සලෙල පිරිමි හිතක නෑ සැබෑ සෙනේ..
හඳුන් සුවඳ ගල්වාගෙන නුඹේ අතින් පිදූ පහන
නුඹම නිවා යන්න ගියේ ඇයිද මා ලඳේ..

මා හදේ ගැබේ පුදසුන
ප්‍රේමයෙන් සුගන්ධිත කර
ඔබේ පෙම් කුසුම ඒ මත පිබිදුවා එදා..
සිනිඳු මුදු බඳින් පහලට
ගලා හැලුණු මකරන්දය
පිරුණු කුසුම අද වෙනතක
වල්මත්ව ගියා..

සුවෙන් හිස තැබූ මුදු ලය
පොට්ටු පිපුණු යහන් තලය
නොමැති පාලු සයනය මත මතක පාරනා..
නලවන්නට තාල නොදැන
කිරි කඳුළට හඬා වැටෙන
නුඹෙයි මගෙයි ලේ ධාතුව
සිඹිමි රෑ පුරා..

ලා සඳ ආයේ පායාලා | La Sanda Aye Payala by Samitha Mudunkotuwa [2013]

ලා සඳ ආයේ පායාලා
නෙතුමානේ පායාලා
රෑ පානේ පායා රූ ඡායා
නෙත් තරු අදුරේ පීදීලා
සද එලියෙන් නෑවිලා
සිත්මානේ පායා රූ ඡායා
දිලී තාරකාවෝ රිදී රැස් දිදී
හදේ විල් තලාවේ රටාවන් ඇදී

ලා සඳ ආයේ පායාලා
නෙතුමානේ පායාලා
රෑ පානේ පායා රූ ඡායා

මවා ගත් රසෝගේ – හදේ තත් ගැටී
සුසුම් යාවුනා – පවන් හා ගැටී
යොවුන් හීන පීදිලා – සිතුම් යාය කැළඹීලා
යා වීලා අනුරාගී සේ පී දීලා සෙනේහෙ ඡායා
යා වීලා පී දීලා චංචලයි සේයා

ලා සඳ ආයේ පායාලා
නෙතුමානේ පායාලා
රෑ පානේ පායා රූ ඡායා
නෙත් තරු අදුරේ පීදීලා
සද එලියෙන් නෑවිලා
සිත්මානේ පායා රූ ඡායා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

විරාමයක් | Viramayak by Bhashi Devanga [2020]

පෙම්වන්තී අතීතය විරාමයක් දෙසිත් නතරකල
පෙම්වත්වී ගෙවූ ඒ සුයාමයත් ඒද මතකෙට
නෑසේවා බිඳක් බිඳී සැලෙයි සුසුම් ද සිර කල
නුදුරේ මා වුවත් දුරක් ගියේ ඔබයි නිහඬවම

හිත බැඳි ස්නේහවන්ති නුඹ
වැඩිපුර ආලවන්ත වුන
උනුහුම් තාල ගේන හිත
හෙමින් සැලුනා පෙමින් වෙලුනා

විරසක හීන මංසලක
නැවතුනේ මා නොවෙයි එ ඔබ
නුහුරු නුපුරුදුව ඈත දුර
ගිහින් තිබුනා පෙමින් මිදුනා

විඳගත් හාදුවේ දුන් නිකැළැල් ආදරේ
බිඳුවක් මා ළයේ නුඹ සොයනා
ඇරයුම් නොකළ පෙම් සාදේ
නුඹ කෝ අහිමි සඳ මාගේ
පිලියම් සොයමි තුන් යාමේ
තහනම් වචනය කි ආලේ

ලස්සනට ඉදුනු | Lassanata Idunu by Chinthy [2019]

ලස්සනට ඉදුනු වැලට හැදුනු කොමඩු පිපිඤඤා
පුර හඳ දඟකර හිත විසකර පස්ස රතිඤ්ඤා
පණ හතක් ගියත් එපා වෙන්නෙ නෑනෙ රත්තරං
සුමනෝ මගෙ මැණිකෙ වෙයන් බං

පස් ගෝ රස මී රස ගී රස අහස උසටම ගෝසා
ඇගෙ බෙලි කටුවැල
ගෙල පැලඳලා සොලවන රෝසා
මට මතක් උනේ කලින් සැරේ කාපු පැනි දොඩම්
ඇලිසෝ මගෙ තුරුලට පැනපං

රත්තරං එන්නකො මං කියාලා දෙන්නම්
ඉස්තරම් කැමතිම රතු හැට්ටෙ අඳින්නම්
මැණිකෙට ජහුටා පොලෙන් වස්තු ගෙනෙන්නම්
වෙස් අරන් පස්ස දෙරෙන් ඇතුලට එන්නම්

ලස්සනට ඉදුනු වැලට හැදුනු කොමඩු පිපිඤඤා
පුර හඳ දඟකර හිත විසකර පස්ස රතිඤ්ඤා
පණ හතක් ගියත් එපා වෙන්නෙ නෑනෙ රත්තරං
සුමනෝ මගෙ මැණිකෙ වෙයන් බං
පස් ගෝ රස මී රස ගී රස අහස උසටම ගෝසා
ඇගෙ බෙලි කටුවැල
ගෙල පැලඳලා සොලවන රෝසා
මට මතක් උනේ කලින් සැරේ කාපු පැනි දොඩම්
ඇලිසෝ මගෙ තුරුලට පැනපං

රත්තරං එන්නකො මං කියාලා දෙන්නම්
ඉස්තරම් කැමතිම රතු හැට්ටෙ අඳින්නම්
මැණිකෙට ජහුටා පොලෙන් වස්තු ගෙනෙන්නම්
වෙස් අරන් පස්ස දෙරෙන් ඇතුලට එන්නම්

නැත අත මිට කාසි
මැටි ගොඩ මම ආසි
ඔට්ටුයි මම ලඟ වාසි
තව රස පුහුල් දෝසි
ඉතිං ලංකාවෙ මං ආවෙ
බයිලා පෘතුගීසි රාවෙ
ඔහෙලට දැනුනද මගෙ රස්නෙ
ඇස්වහ ගැස්සෙ දිදී දිස්නෙ
අල්ලපු වැටෙන් උස්ස ගත්ත
කැරකෙන මගෙ රූං පෙත්ත
හතර වටින් පෙන්න පෙන්න
රතට රතේ පස්ස

ලස්සනට ඉදුනු වැලට හැදුනු කොමඩු පිපිඤඤා
පුර හඳ දඟකර හිත විසකර පස්ස රතිඤ්ඤා
පණ හතක් ගියත් එපා වෙන්නෙ නෑනෙ රත්තරං
සුමනෝ මගෙ මැණිකෙ වෙයන් බං

පස් ගෝ රස මී රස ගී රස අහස උසටම ගෝසා
ඇගෙ බෙලි කටුවැල
ගෙල පැලඳලා සොලවන රෝසා
මට මතක් උනේ කලින් සැරේ කාපු පැනි දොඩම්
ඇලිසෝ මගෙ තුරුලට පැනපං

රත්තරං එන්නකො මං කියාලා දෙන්නම්
ඉස්තරම් කැමතිම රතු හැට්ටෙ අඳින්නම්
මැණිකෙට ජහුටා පොලෙන් වස්තු ගෙනෙන්නම්
වෙස් අරන් පස්ස දෙරෙන් ඇතුලට එන්නම්

රත්තරං එන්නකො මං කියාලා දෙන්නම්
ඉස්තරම් කැමතිම රතු හැට්ටෙ අඳින්නම්
මැණිකෙට ජහුටා පොලෙන් වස්තු ගෙනෙන්නම්
වෙස් අරන් පස්ස දෙරෙන් ඇතුලට එන්නම්

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

අල්තිනායි | Althinai by Chathuranga Kasthuriarachchi [2019]

පාට පාටින් හැඩ නොදා
කටු පෑන් සලකුණු තබා
තින්ත බොදවුනු පොතේ
හරි වැරදි ගැරහුම් රැසේ
අල්තිනායි මම දුයිශෙන් නම් නොවේ…
අල්තිනායි මම දුයිශෙන් නම් නොවේ…

ගස් දෙකක් නොව මහ ගොඩක්
අතර හිරවුනු කිරිලියක්
අහඹුවක් ලෙස මුනගැසී
මමයි හෙලුවේ මුලාවේ…..

අල්තිනායි මම දුයිශෙන් නම් නොවේ…
අල්තිනායි මම දුයිශෙන් නම් නොවේ…

ගිම්හානයේ කටු පදුරතේ
පිපුනු කටු මල් අතොරතේ
මලක පෙති වනසන්නෙමී
පිපුනු නිසලව එක්පෙතී..
අල්තිනායි මම දුයිශෙන් නම් නොවේ…
අල්තිනායි මම දුයිශෙන් නම් නොවේ…

අම්භලමේ කථා | Ambalame Katha by Manasick & Minol Witharana ft. Samith Gomes & Hiyum | Naraa Sandeshaya [2020]

සුදු කලිසමකට ආඩම්බර තැලිලා
මගේ ඇඟේ හැප්පිලා යන පොඩි උන්
මතක් කලා කාලයක්
බස් රථයක බර කල්පනාවේ වැටිලා
මං ඇහැරුණු තැන
ධනවාදියෙක් විකුණනවා පෑන්
ඇයි මොකද මල්ලි
නැද්ද ඉගෙනගන්න සල්ලි
තියනවා ඒත් නිදහස් අධ්‍යාපනයට
ඕනේ වන්දි


මාක්ස්වාදී චේ ගුවේරා රැඩිකල්
අපි පාර දන්නේ
උඹේ අම්මට උකස් තියපු
මාලේ සල්ලි,
කාලකන්නී…. නිකන් බොරු බල
හොරු කඩකිය පොරකන වෙලාවට
අපිට සැපට හිතපන් වැඩට
යන වෙලාවෙම
කඳුළු ගෑස් නැතුව ඇඬෙන


උඹේ අම්මට තාත්තට
අධ්‍යාපනය උඹේ අතේ
අනාගතේ සමාජෙට
උඹට තේරුමක් ඇතත්
හේතුවක් ඇතත්
ගත්තෙ පෑන හිත හිත
මම ලියනවා උඹේ ගත්ත පෑනත්
ඉවරයි වගේ කැඩි කැඩී අනේ…
ෂික්…….

එහෙමත් නැත්නම් මේ පෑනත්
උඹේ ඔලුවට හිස් කබලක් ආවා
ඒත් ඔලුවක් නැත්නම්,
මේ මොනවද අම්මේ

මේක හන්තානේ කතාව
ශීත සර්පයින්ගේ විමාන
තෘඩු ගුරුස්ගේ රටාව
වෙද නලාව කලාව
වෙනස් කලාද කවදාවත්
උපදිනා ඒ ශ්‍රද්ධාව
සරසවි ගැබ් වෙලාද
මේ හිස් වූ හිස්වල

මේක හරිම සරලයි
උඹලා වසර හතලිහක් පරණ
උඹලා ඉතුරුකලේ අවසානෙට
නවක වදය අවිසිව
කිව්වෙනම් අන්තර් විශ්ව විද්‍යාල
ශිෂ්‍ය බලය
උඹලා මඟ සලකුණු කලේ
ධර්මපාලේ අමාලි මරලයි
උසස් පෙලට වතුරේ දාලා වතුසුදු
විල ජපුරට ගමෙන් ආවා
ලහිරුලා හිඳ පිඟ සිටු
හොරට අහුලන් කෑවා ක්‍රමයෙන්
බොල ඉඦු ඉඳු
කඳුළු ගෑස් කසාවතට ගඩොල්
කෑලි දෙස සිදූ

මේක ගිනිබත් වුණු හීනයක්
මට ඕයි මිනෝල් අර ඇහෙන්නේ
නිදහස් අධ්‍යාපනයේ
ඉස්මුරුතාසස් විලාපද
හරයක් ඵලයක් පෙන්වා
ගමනක් යන්න එන්න කිව්වොත්
මුලාවකට මුවාවෙද සුරා සත්තු
සුරාසෙත
වටා නිට්ඨ වටා රවුමේ
කඳුලෙන් තෙම සුමානෙට
පෙලපොත් තවමත් දැක නෑ
හොවා හැට
සිසිර වෙනුර කිත්සිරි සටනත්
එක්කලා සුසානෙට


ලහිරු මහීන් නමින් නම් කල
අමුණන් තෙඹ තුවාලෙට
නිදහස් අධ්‍යාපනේ පහසුකම්
නැතත් පාස් වූ
දහම් පාසල් ඇයි ඕන නම්
උන්ට ටියුෂන් ක්ලාස් රූම්
උගේ මව පියා නම් ගෙවන්නේ ගාස්තු
උඹේ පිකටේ පිටට තට්ටු කලා
ඌ පෙන්නයි වැඩි උගේ මාර්ක්ස් ඌ

උසස් පෙල තෙක් ඉගෙන ගත්තුවා
ප්‍රායෝගික නෑ..
අපි උසස් තැනට ගෙනෙන දැනුම
කාලෝචිතත් නෑ..
කොටින්ම පුංචි පහේ පොඩි එකෙක්ගේ
සාමාන්‍යවත් නෑ..
දැනුම ග්‍රන්තාරූඪ වුණු එකෙක්ට
තානාත්තර නෑ..
ඇලපිලි ඉස්පිලි විද්‍යා ගණිතෙට
බයේ හවුහරනෙක..
සිසුවෙක් විෂයක් තෝරා ගතයුත්තේ
බහුවරණෙක..
නිදහස් වුණත් කොන්දේසිය
ක්‍රමයෙන් දුන්න බලකරන එක
ඔය විරෝධ මැතිවරණය
පල කරන එක

තණ කන ගවයෙක්
පොත පත කන්නේ නෙව කවයෙක්
පොඩි රූල් පොතක කොටුකරාම
හරියනවද ළමයෙක්
අන්තරය එකෙක් අරන්
දෙනවා මම වමේ කනට
දකුණින් ප්‍රසූතිය දෙන
උඹ වගේ නැති මෙවන් ළමයෙක්

අධ්‍යාපන කියන නිදහස ලැබ
ගිහිල්ලා ජපුර
කබුර කබුර දේශපාලන
කල්ලි කුරුමානම පඳුර
විදින්නේ මැරෙන්නේ හාවා
තොපි දෙන්නේ තාරුණ්‍යම පාවා


උඹලා ඉගෙන ගනින්
තොපිට වඩා හොඳයි අන්න අර
වන්නි කැලේ අරුන් ආව
අච්චර ප්‍රශ්න තියෙයි රටේ
මතක නැද්ද සැටිමෙ ලොකු විලාපේ
ලොකු නොබි තොපි උපවාස දැක
ඉර ගෙබෙකුගේ විලාපේ
අහගෙන හිඳලා හති
ඔය ගැන වැඩිය පැති
උපදි රැඩිය ශරිය
හොඳම හරිය වෙනකන්
නිදාගත් හොඳම


වූ…………………. පෙල ගැසූ
සිසුන් වේවි මිනිස්සු නිකරුනේ
අතරමන්කර කාලේ කමින් යන
හුරුකර දණ ගැසූ
යොද ගතන කාලය කරකවා වසර
සවි බිම තුල ‍සරසවා මොළ
කලතවා කන කරකවා එය
සවන් දෙමි උඹේ බණ පවා….

මේක හන්තානේ කතාව
ශීත සර්පයින්ගේ විමාන
තෘඩු ගුරුස්ගේ රටාව
වෙද නලාව කලාව
වෙනස් කලාද කවදාවත්
උපදිනා ඒ ශ්‍රද්ධාව
සරසවි ගැබ් වෙලාද
මේ හිස් වූ හිස්වල

සිහිල් සුළං රැල්ලේ | Sihil Sulan Ralle by Victor Rathnayake

සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසු වේ
ආදරයේ මඳ සිනිඳු පහස ලැබ හදවත දළු සෙලවේ
සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසු වේ

සුදු වැලි කතරේ පිපුණු මල වගේ
ලොව්තුරු රස ගංගා
ඔබේ ආදරේ වරුසා වැහැලා
කතර දෙව්ලොවක් වේ… කතර දෙව් ලොවක් වේ…

සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසු වේ
ආදරයේ මඳ සිනිඳු පහස ලැබ හදවත දළු සෙලවේ
සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසු වේ

සීත හිමව්වේ කඳු ගැට අතරේ
සෙනෙහස දිය දහරා
ඈත හිමේ කඳු අතරේ පාවෙන
අමා සුවය පැතුවේ… අමා සුවය පැතුවේ…