මීන නුවන් යුග | Meena Nuwan Yuga by Senanayaka Weraliyadda

මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනි වූ යුවතී
නිදි නැති රෑ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ

බාලේ ඉඳන් පෙම් සිතුවම් ඇඳි
අද වෙන් වී නුඹ හිම පියසේ
කාල වලා නැග එන්නා නබෝ ගැබ
කාල වලා නැග එන්නා නබෝ ගැබ
බොඳ වී යයි මුදු වදන් මෙදා
බොඳ වී යයි මුදු වදන් මෙදා

සීත රටේ තනි මලට ලොබින්
ඈත ඉඳන් ආ බමරින්දූ
දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද
දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද
මාලවිකා මා බාල ලියේ

මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනි වූ යුවතී
නිදි නැති රෑ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ

අඳුරේ සරන්නී | Andure Saranni by Tehan Perera ft. Smokio [2021]

වත විකසිත නැති යාමේ
ළඟ උන්නා නෑ දැනුනේ
ප්‍රේමය බිඳ වැටුනාදෝ සොඳුරේ
හිත විස්තර නෑ ඇසුවේ
පෙර විඳි දුක ඇයි දැනුනේ
ප්‍රේමය මිය යනවාදෝ සොඳුරේ

කඳුලේ සරාවී රිදුමන් දැනේවී
පිලියම් දුරස් වී දිවියේ
අඳුරේ සරන්නී කඳුලින් උපන්නී
හැඟුමන් පෙලන්නී මුලු රෑ..
අඳුරේ සරන්නී කඳුලෙන් උපන්නී
හැඟුමන් පෙලන්නී මුලු රෑ..

බිඳී ගිය ඇස් වැනි වතාව තැන්වත්
හීන ලිය මඩුලු ඇත පරඬැල්වත්
අඳුරු හා මිතුරු වී සඳ කැන් මවන
කම්පිත ඇත හුදකලාවී ගැබ් වත්
ගලවා විදානෙකට පහන් දැල්ල
ගෑවි නොගෑවී හමන පවනැල්ල
කාලාවකාශයක් අතර මැද
හුදකලාවී සොයා වී හසරැල්ල
මඳ නල රැල්ල ගෙල වටා එතේවී
අතීතයේ මතක ආයෙත් ගෙනේවී
ජීවිතය නිරුවත් වී පෙනේවී
හුදකලාවී හදට වද දේවී
අත් අල්ලන් පියමන් අස්වන් මෝක්ශය
අද මම දන් නෑ ඈ ඉන්න ලෝකය
වයන්නම් මම වීණා ගිනිගනිද්දි රෝමය
හුදකලාවී පමනයි අවුලන්නේ ශෝකය

මල් පරවුනා ලොව තනිවුනා
අපි වෙන් වුනා හිත හිස් වුනා
සැකසූ කතා සිත වටලනා
බිඳෙනා නිසා මා දුර ගියා

කඳුලේ සරාවී රිදුමන් දැනේවී
පිලියම් දුරස් වී දිවියේ
අඳුරේ සරන්නී කඳුලෙන් උපන්නී
හැඟුමන් පෙලන්නී මුලු රෑ..

නොනැවතී | Nonawathi Karakawena by Nadeeka Jayawardana

නොනැවතී කරකැවෙනා
මේ පොළෝ තලයේ
කොතැන හිටියත් දැනෙනවා ඔබේ උණුසුම මිතුරනේ

නොනැවතී කරකැවෙනා
මේ පොළෝ තලයේ
කොතැන හිටියත් දැනෙනවා ඔබේ උණුසුම මිතුරනේ
වාලුකා කතරෙන් සත් සමුදුර මතින්
ඉගිලී යමු සොයුරේ නිම් හිම් ජීවිතේ

උතුරා යන්න මග බලන
ගිනිකඳු වලට හිම වැස්සක් වී
ඝණ අඳුරු රාත්‍රිය කෙළවරට ආලෝකය වී
වාලුකා කතරෙන් සත් සමුදුර මතින්
ඉගිලී යමු සොයුරේ නිම් හිම් සොයා ජීවිතේ

නොනැවතී කරකැවෙනා
මේ පොළෝ තලයේ
කොතැන හිටියත් දැනෙනවා
ඔබේ උණුසුම මිතුරනේ

නොනැවතී කරකැවෙනා
මේ පොළෝ තලයේ
කොතැන හිටියත් දැනෙනවා
ඔබේ උණුසුම මිතුරනේ

නීල අහසේ වලාවන් | Neela Ahase Walawan by Chandana Liyanarachchi

නීල අහසේ වලාවන් සේ පාවෙලා
යෞවනයේදී පැතුම් මල් පීදිලා
පියකරුයි ජීවිතේ සුන්දරයි චේතනා
පෙම්වතුන්ගේ සැබෑ ආදරේ

නීල අහසේ වලාවන් සේ පාවෙලා
යෞවනයේදී පැතුම් මල් පීදිලා
පියකරුයි ජීවිතේ සුන්දරයි චේතනා
පෙම්වතුන්ගේ සැබෑ ආදරේ

කඳුලෙන් සිනාවෙන් මුව මල් සැලේ
සැනසිල්ලේ දොඩයි පෙම්වතුන්
මල් හා බඹරුන් සේ ළංවෙලා
කඳුලෙන් සිනාවෙන් මුව මල් සැලේ
සැනසිල්ලේ දොඩයි පෙම්වතුන්
මල් හා බඹරුන් සේ ළංවෙලා
මෙය දෝ සැබෑ ආදරේ

නීල අහසේ වලාවන් සේ පාවෙලා
යෞවනයේදී පැතුම් මල් පීදිලා
පියකරුයි ජීවිතේ සුන්දරයි චේතනා
පෙම්වතුන්ගේ සැබෑ ආදරේ

තුන් යාමයේදී තනි වූ ලොවේ
කිමිදේවි සිනා සාගරේ
පැතුමන් බොඳවී සුසුමක තනිවී
යෞවනයේ හඬයි පෙම්වතුන්

නීල අහසේ වලාවන් සේ පාවෙලා
යෞවනයේදී පැතුම් මල් පීදිලා
පියකරුයි ජීවිතේ සුන්දරයි චේතනා
පෙම්වතුන්ගේ සැබෑ ආදරේ

ඇය හෙමින් විත් එදා | Eya Hemin Awith Eda by Kasun Kalhara

ඇය හෙමින් විත් එදා
මගේ හද අරන් ගියා
එය රැගෙන එයි සිතා
මම හිඳිමි මඟ බලා
මම හිඳිමි මඟ බලා

මකරන්දයෙන් තෙමී
මල් රේණු සැලි සැලී
මකරන්දයෙන් තෙමී
මල් රේණු සැලි සැලී
ඇත පවන සිසාරා
ඇගෙ පහස පතාලා

ඇය හෙමින් විත් එදා
මගේ හද අරන් ගියා
එය රැගෙන එයි සිතා
මම හිඳිමි මඟ බලා
මම හිඳිමි මඟ බලා

තණපත් වලින් මිදී
උඳුපියලායා පෙති
තණපත් වලින් මිදී
උඳුපියලායා පෙති
දෙපතුල් පහස සොයා
ඇගෙ පෙරමගම හිඳී

ඇය හෙමින් විත් එදා
මගේ හද අරන් ගියා
එය රැගෙන එයි සිතා
මම හිඳිමි මඟ බලා
මම හිඳිමි මඟ බලා

ලොල් ආලේ | Lol Aley by Kisara Randeniya [2020]

ලෝල කාන්තිය රෝස භ්‍රාන්තිය
හිනැහෙන මේ සන්ද්‍යාවේ
පවන් වැටෙයි මේ සවන් අගින් මේ
සුන්දර සන්ද්‍යාවේ
ඔබේ කලාවෙන් සිතක් පිරී ඇත
ඔබේ ලතාවෙන් බාරී
කැන්දන් යන්නට දෙනවද අවසර
සුන්දර සුකුමාලී

හිනාව දෙනවද මැණිකේ
අරන් යන්න මට හනිකේ
කෝල හිනාවෙන් වැසුණේ
ගම්මානේ
කැන්දන් යන්නම් මගේ මැණිකා
ගෙදර ගිහින් කමු පැණිවරකා

හිනාව දෙනවද මැණිකේ
අරන් යන්න මට හනිකේ
කෝල හිනාවෙන් වැසුණේ
ගම්මානේ
කැන්දන් යන්නම් මගේ මැණිකා
ගෙදර ගිහින් කමු පැණිවරකා

ආලේ බැන්ද රම්‍යවන්
නුඹ මාගේ ප්‍රේමේ පුණ්‍යවත්
පෙම් රැල්ල නැගි හදවතේ
අවසරලත්

ආලේ බැන්ද රම්‍යවන්
නුඹ මාගේ ප්‍රේමේ පුණ්‍යවත්
පෙම් රැල්ල නැගි හදවතේ
අවසරලත්

ශෘoගාරියේ මගේ හදවත රැව්දෙයි
රිද්මය කලඹවමින්
සoසාරයේ හුරුවක්දෝ මේ අප
පෙර භවයකදී උන්

ශෘoගාරියේ මගේ හදවත රැව්දෙයි
රිද්මය කලඹවමින්
සoසාරයේ හුරුවක්දෝ මේ අප
පෙර භවයකදී උන්

ආල කතා දහසක් පවසන්නට
ඇත මට ඔබ හා තනිවී දවසක
ඔය හදවත රහසින් මුමුණන
දෑ මට පවසන්න

ආල කතා දහසක් පවසන්නට
ඇත මට ඔබ හා තනිවී දවසක
ඔය හදවත රහසින් මුමුණන
දෑ මට පවසන්න

හිනාව දෙනවද මැණිකේ
අරන් යන්න මට හනිකේ
කෝල හිනාවෙන් වැසුණේ
ගම්මානේ
කැන්දන් යන්නම් මගේ මැණිකා
ගෙදර ගිහින් කමු පැණිවරකා

හිනාව දෙනවද මැණිකේ
අරන් යන්න මට හනිකේ
කෝල හිනාවෙන් වැසුණේ
ගම්මානේ
කැන්දන් යන්නම් මගේ මැණිකා
ගෙදර ගිහින් කමු පැණිවරකා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

අවළස්ශන | Awalassana by Manasick & Minol Witharana | Naraa Sandeshaya [2020]

හිත කීරි ගසයි තනිකම
කරයි කුමන්ත්‍රන නොයෙක්
දේ විමසයි පිරික්සයි
විනාශ ජීවිත තාම විස්සයි
සොයමි ජීවිතෙ අගිස්ස
අතේ කිනිස්සයි
ඔය පාමුල ගැහුවෙ
මම දණිස්සයි
ඕනෙම නැති දේ
මට නම් විනිශ්වයි
කොනිත්තයි උඹලා කල
විහිලුව මට විහිලුවක්
නෙමෙයි යාලු හිරිගඬු
පුලුප්පයි

මම පන්තියෙ පස්සෙම
මගහැරියා හැම තිස්සෙම
ප්‍රශ්නෙම
මම පන්තියෙ පස්සෙම
විහිලුවක් වුනේ
උඹලට මගෙ වස්සෙම
කිව්ව මට තරබාරු
කැපුවා මාව තියාගෙන
ලෑල්ල උඩ පණපිටින්
වගේ මාළු
කොටු කලා මාව පවුර වගේ ගාලු
ලස්සන නෑලු හරි
ඇයි එහෙම කලේ යාලු

මොනවද අම්මෙ අකුරු ජාතියක්
අහනවා මගෙ අම්ම ළඟ
නැති කාලයක්
තාමත් එහෙම්මයි මම
උනා භාරයක්
තාත්තට දුන්නෙ නෑ
තුන්මාසේ දානයක්
ඕන වුනේ හැමදාම අවධානයක්
ඒත් මගේ ජීවිතෙ රජ කලේ
අවමානයක්…
අවමානයක්…
කන්න දුන්නෙ කෑම එක
උන්ට මම පාසලේ මාසයක්
අම්මා බිහිකල


අංග විකල
පාලමෙන් දමන්න මෙනෙහි කල
ලස්සන දරුවෙක්ලු හරි ඉහල
හිත සැරිසරන්නේ නියඳි වල
යනවා ගමනක් හොයන් ඉබාගත
ප්‍රශ්නය අද පැහැපත් හමේ පාට
වාරුව වයසට ගිය දාට
ඉඳුනු කොන්ඩේ
අද කලු කෙරුවාට

කැත විරූපි ලස්සන අවලස්සන
වෙනස්වුණු මානව ලක්ෂණ
හිත සුරූපි ක්‍රියාව
නොවේද මිතුරනි වියයුතු
අපෙ ලස්සන
අපෙ ලස්සන
හෘද සාක්ෂිය පිරික්සපන්
කල වරදට ඉකිගස්සයි
දණගස්සන
මම හසංක හෙලා දකිනවා
වචනය අවලස්සන

මනසේ වැඩි වැඩි ඇවිද
කැපි කැපි නැවත
හිතින් තැතිගෙන නිතර
තැලි තැවි නැවත මතකයන්
අතර තැනි තැනී තියන
ඌ හැංගි හැංගී නිතර රූල්
පොතකුත් අතකින් අරන්
කල්පනාවක් ආවාම හූල
තැනක් නොතැනක්
ගානක්වත් නෑ
ගැහුවා ගල් ඇඬුවනම්
කමන් නෑ
ඒත් උඹ නිසොල්මනේ

උඹට රිදෙනවාද නිකන් ඇහුවෙ
දැනෙන විදිහට මිනිස් හිතකට
මනසකට පුලුවන් මතකෙට
තැවිලි දැවිලි දුක් ගැනවිලි
අතරමන් කරලා තනියම වේදනාව
දෙන හිතක් හඬවන්න පුලුවන්
ගෙන ඒ චේතනාවෙන්
වියන් තව කෙනෙකුට සිනහව
උඹට ඇහැනවාද අවජාතක
මොනවද කා ළඟ
ඉඳගත්තත් උඹ
මං ළඟ නම් ඉඳගන්
නෑ පලයන් පිටිපස්සට
මට ලස්සන දේවල් මට ලස්සනයි
අවලස්සනයි උඹේ

වෙනස මෙලෙස පේන ලෙස
නිවට නිහඬ හිත
නිසල ලෙස ගැඹුරු මුහුද
නෙත් තෙමන දුක සැප කිරණ
ළඟ නිදන හදවතට නිතර කියන
මගෙ නිවස කාගෙත් නිවස
දිරණ මේ කුණු සිරුර
උඹ නිතර විලවුම් පුරවාගෙන
චිත්‍ර මවාගෙන
ඉන්නේ ඇයිද කාගෙන
ඇයි වැරදි නෑ ඌ
හිටියත් බිම බලාගෙන
දිවිනසාගන්න තියනවද
ප්‍රශ්න මිතුරේ උඹට
උඹේ හිත හඳුනන


කෙනෙක් හිටියත් ඈ
හීන කලා අද ලොකුම
කොහෙද මනුස්සකම්
දෙවියන්ටත් නැති
හිතින් යැදපන් දෙවියන්ටත්
මං නැති
අද හවස ආයෙත්
ඉර නඟිනකන්
උඹ කිරපන් ජීවිතෙ අරුත

කැත විරූපි ලස්සන අවලස්සන
වෙනස්වුණු මානව ලක්ෂණ
හිත සුරූපි ක්‍රියාව
නොවේද මිතුරනි වියයුතු
අපෙ ලස්සන අපෙ ලස්සන
හෘද සාක්ෂිය පිරික්සපන්
කලවරදට ඉකිගස්සයි
දණගස්සන
මම මිනෝල් හෙලා දකිනවා
වචනය අවලස්සන..

මම ඔහොමයි | Mama Ohomai by Suneera Sumanga [2019]

මම ඔහොමයි හැමදාමත්
ඔය හිත රිදිලද තාමත්
ඇවිදිමු ආයේ
ඒ දිග හීනේ

මම ඔහොමයි හැමදාමත්
ඔය හිත රිදිලද තාමත්
ඇවිදිමු ආයේ
ඒ දිග හීනේ

හිරු බැස යන හැන්දෑවක
තරු නොපිපුනු හිස් අහසක
හිරු බැස යන හැන්දෑවක
තරු නොපිපුනු හිස් අහසක
මා දුටු තනි තරුව නුඹයි
මගේ තරු සිහිනේ

ඉඳහිට තුරුළට ආවත්
දුර හිඳ පෙම් ගී කීවත්
ඉඳහිට තුරුළට ආවත්
දුර හිඳ පෙම් ගී කීවත්
මා නොගැයු ගීය නුඹයි
නුඹමයි ළඳුනේ

මම ඔහොමයි හැමදාමත්
ඔය හිත රිදිලද තාමත්
ඇවිදිමු ආයේ
ඒ දිග හීනේ
ඇවිදිමු ආයේ
ඒ දිග හීනේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

අනන්තේ | Ananthe by Infinity [2018]

රෑ පුරා
හොයනා සිහිනයෙන් එහා වෙලා
ගව් ගනන් යන්නේ ඇයි ඔබ පිරිහිලා
අනාගතේ මගේ
කිසිවෙකු සතු නොවේ
මේ පියාපත් සලා
සිතිජයෙන් එහා
අනන්තේ
අනන්තේ

සාගරේ
ජලමත සරනා ගීත්‍යක් වගේ
උදානොවී ලෝකයෙන් හෙලනා දැලේ
ජීවිතේ විදින්න
මා ගීතයන් අසා
මා සිහිනයන් සදා

සිතිජයෙන් එහා
අනන්තේ
අනන්තේ

පායනා හිරිලියන් සේ
මුළු ලෝකේ අමදිනා
රන් රුවන් නව දැන් මා
සුර අතෙ
නව හඩක් මා හදින්
දස දෙස පුරා
අනන්තේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

 

ආදරේ දෝ මේ | Adare Do Me by Bachi Susan ft. Sewwandi Weerasinghe [2020]

ඔයා මට ආදරේ නෑ කියා මා දන්නවා
මම යන්නම යනවා එන්නෙපා මා සොයා
හිත රිදවලා මගේ ඉන්නෙපා හැංගිලා
අවසානයි
ආදරේ ඇස පියන් දිගේ රුරලා හැලෙනවා
කදුලකින් අසා මා පෙම් කවි ලියනවා
මතකයන් දිගේ මගේ සුසුම් දුවනවා
ආදරේ දෝ මේ

ඇස දෙක රතුවෙනකන් හඩවලා මේ රැයේ
ඔය රුව බොදවෙනකන් මා වින්දා සිහිනයේ

ඔයා මට ආදරේ නෑ කියා මා දන්නවා
මම යන්නම යනවා එන්නෙපා මා සොයා
හිත රිදවලා මගේ ඉන්නෙපා හැංගිලා
අවසානයි
ආදරේ ඇස පියන් දිගේ රුරලා හැලෙනවා
කදුලකින් අසා මා පෙම් කවි ලියනවා
මතකයන් දිගේ මගේ සුසුම් දුවනවා
ආදරේ දෝ මේ

ඔබ නැති පාළුව මන් ඉවසන්නම් ජිවිතේ
මතකයසිහිනෙන් අ මායාවක් දෝ සිතේ

ඔයා මට ආදරේ නෑ කියා මා දන්නවා
මම යන්නම යනවා එන්නෙපා මා සොයා
හිත රිදවලා මගේ ඉන්නෙපා හැංගිලා
අවසානයි
ආදරේ ඇස පියන් දිගේ රුරලා හැලෙනවා
කදුලකින් අසා මා පෙම් කවි ලියනවා
මතකයන් දිගේ මගේ සුසුම් දුවනවා
ආදරේ දෝ මේ