මාවතේ | Mawathe by Vinuja Tharushka [2021

නුඹේ‍ රුව ලඟ හදවත ගැහුනද බැලුමෙන් සිත නැවතූවා
නුඹේ‍ සිතුවිලි පොදි බැඳ ඒ මත ආලය තවරා ලං වූවා

රෑ යාමේ ඇවිදා මාවතේ
මා නුඹ හා සිටියා
ඒ සිහිනයේ ප්‍රේමියේ

අතැඟිලි පටලා දෙනුවන් සොයනා මා ඔබ රඳවා
මතකය උදුරා අමතක නොව පෙම් කතා යලි නැගුනා

රෑ යාමේ ඇවිදා මාවතේ
මා නුඹ හා සිටියා
ඒ සිහිනයේ ප්‍රේමියේ

කඳුලැල් සඟවා ඈතක උන්නා මා එන බව පවසා
පැතුමක් සඟවා රහසින් කිව්වා ඈ ලං වුනා

රෑ යාමේ ඇවිදා මාවතේ
මා නුඹ හා සිටියා
ඒ සිහිනයේ ප්‍රේමියේ

මට පෙමේ බැන්ද | Mata Pem Banda by Kaveesha Kaviraj

මට පෙමේ බැන්ද ලං ලංව හද සනසමින්
මගෙ පණ කෙන්ද ගෙනියන්න කවුදෝ ඇවිත්
පෙම්බරී මේ අසාපන් සුන්දරී මේ බලාපන්
හිමිකරගන්න බැරුවාට මේ ආත්මයේ
මතු භවයේදී මගෙ වෙන්ට සිතපන් ලදේ

අපි දුක් වින්ද පෙම් බැන්ද මතකේ මැදින්
මං උහුලන්නේ කෙලෙසින්ද නුඹ නැති දුකින්
ඔහු නුඹේ හිමි උනාදෙන් මේ භවේ නිම උනාදෙන්
ඔබ හිනැහෙන්න සැනසෙන්න සිහිනේ මගේ
මතු භවයේම ලඟ ඉන්න නොවන සේ

මට පෙමේ බැන්ද ලං ලංව හද සනසමින්
මගෙ පණ කෙන්ද ගෙනියන්න කවුදෝ ඇවිත්
පෙම්බරී මේ අසාපන් සුන්දරී මේ බලාපන්
හිමිකරගන්න බැරුවාට මේ ආත්මයේ
මතු භවයේදී මගෙ වෙන්ට සිතපන් ලදේ

මුළු සංසාර්ම එක්වෙන්න පැතුවා අපි
දැන් ගෙනියන්න පුරකින්න පණ මේ මගේ
මහතුනේ මේ අසාපන් පණ වගේ සුරැකියා මං
ඔබ ඉවසන්න මං වාගේ මතු භවෙදී
මසෙැනසෙන්න මගෙ සොඳුර හිමිවී යලී

මට පෙමේ බැන්ද ලං ලංව හද සනසමින්
මගෙ පණ කෙන්ද ගෙනියන්න කවුදෝ ඇවිත්
පෙම්බරී මේ අසාපන් සුන්දරී මේ බලාපන්
හිමිකරගන්න බැරුවාට මේ ආත්මයේ
මතු භවයේදී මගෙ වෙන්ට සිතපන් ලදේ

ඒ දෑස | E Dasa by Dasun Madushan ft. Smokio [2021]

ඒ දෑසම සිහිවෙලා
දෙවගනදෝ හීන ගේන
ඈ පිනිස අල්තාරයේ
වැතිරී හිදී මා

පෙම් සයුරේ කිමිදෙනා
කිදුරිය මෙන් ඈව පේනා
අගනක් ද රන්ද්වාරයෙන්
ඇවිදින් හිදී රෑ

රාත්‍රී මන්දාරමේ
රාගී හැගුම් දැල් වුනේ
මත් වී මා ආදරේ
ඈත් දෑසේ යයි සයනේ

රාත්‍රී මන්දාරමේ
රාගී හැගුම් දැල් වුනේ
මත් වී මා ආදරේ
ඈත් දෑසේ යයි සයනේ

smokio
කාමිනී මං නලෝලා දේහිනී
කල නොහැකි උපමා
කිසි දේකිනි
මේ දිනී නෙත් දිලිසේ මිනී
ඒ නුරා දෑසින් පිටවෙයි ගිනි

මිනිදු සිහිසුන් කරයි
සරාගි නෙත් කැලුම්
පෙම මගෙන් ඈත
අතැගෙන් ඈතත් ගැරූ
ඉතිරි කලා කතාවක් මට ඉරි තැලූ

ප්‍රතිමාවක් ගතින අතින් නෙලූ
බාදුරාවක් ව බබරුන් තෙලූ
මා නොවෙයි තවත් අගනක් සෙවූ
හිස්සරක් වී ඈ දෙස පෙවූ

රාත්‍රී මන්දාරමේ
රාගී හැගුම් දැල් වුනේ
මත් වී මා ආදරේ
ඈත් දෑසේ යයි සයනේ

රාත්‍රී මන්දාරමේ
රාගී හැගුම් දැල් වුනේ
මත් වී මා ආදරේ
ඈත් දෑසේ යයි සයනේ

මා මළ දා | Ma Mala Daa by Karunarathna Divulgane

මා මළ දා සුදු ඇදගත්
වතු සුදු ගහ වාගේ
නුඹ තවමත් සුදු ඇඳගෙන
ඇයි මැණිකේ මාගේ

මා සිහිකර සුසුම් ලමින්
නුඹ දුක්වන ගානේ
කඳුලක්වත් පිස දමන්න
මං නුඹ ළග නැනේ

මා මළ දා සුදු ඇදගත්
වතු සුදු ගහ වාගේ
නුඹ තවමත් සුදු ඇඳගෙන
ඇයි මැණිකේ මාගේ

ඉටිපන්දම් දල්වන විට
නුඹ තවමත් සොහොනේ
මම කොහොමද තව භවයක
උපදින්නේ නෝනේ

මා මළ දා සුදු ඇදගත්
වතු සුදු ගහ වාගේ
නුඹ තවමත් සුදු ඇඳගෙන
ඇයි මැණිකේ මාගේ

මේක චිල් | Meka Chill by King Lotuss ft. Izzu [2021]

ගලපන විදිය අපිනෙ දන්නෙ පාරේ
වැලපෙන ගතිය තොපිගෙ කුණු ආරේ
සලකන විදියෙන් හිතට ගනින් සාරේ
කලබල රටම කලඹවමු ආයේ

මම සාමකාමි උදේ පාන්දර ගගනගාමි
ලෝටා ඔයා තමයි තාමත් සැප දාන විස හෝමි
දෛනික මාත්‍රාවට දෙන්නන් තව බෙහෙතක් උත්තර පැත්තම අත්තට ගන්නන් පස්සට කැප දාල මාර ගති

මේක චිල් කතාව මුල මැද අග හිල්
පෝයට සුදු ඇදගෙන බලු වැඩ උන්ගෙ පෝය හතටම සිල් අම්මහ්
දාගෙන පිල් කොල්ලෝ විකාර වෙලා දැන් ඉන්න ඈයෝ වත්ත පහල
කොනකට වෙලා ගහන්නේ බෝල ජිල් අම්මහ්

තැනින් තැනින් වැවිල කුබුර වෙලා ඩෝ වල්
තියෙන එකම ප්‍රශ්නේ උබල‍යි මොලේ වෙලාලු බොල් අඩෝ
පාට පක්ශ නෑඩෝ ආස පාට නිල්
මාසේ අන්තිම දවසේ පොලිය පිටින් ගෙවන්න වෙන්නෙ බිල් අම්මහ්

දොලක් මැද්දක වැටුනා මන් අත්තක් අල්ලගෙන උඩට මන්
පොත්තක් ලිව්වඩෝ මැකුන පින්සල තුඩ කැඩුනා අහ්
හිස්තැන් ඔක්කොම පුරවන්නන් වැස්සත් ගන්තෙර අතරේ මන් කැස්සත් කොල්ලට අමාරු නැ දෙන්නන් රැප්පට පන උනත්

පද්දෙන් පද්දෙට කියන්නෙ මන් බැලුවl සෙල්මේ පතුල
සද්දෙන් අම්මට කියන්නෙ මන් තාමත් ආදරේ ඔයාට මන්
වෙන්නන් අන්දර කටුවක් මන් ඇන්නත් කප්පර විස ගොඩාක්
ගැහුවොත් අම්මට කියන් නැ මන් කාටත් පෙන්නන්නේ මැදගිල්ල

අපායට ගියත් මුලින් යන්න ඕන කියල කියන්නෙ
ඒත් දෙවනි මීයට තමයි මචන් චීස් කෑල්ල ලැබෙන්නේ
ගෑණු හට වඳින ගාථා ජාති නෑනෙ යාලු අහන්නේ
සිංහල රැප අරක්කු නම් මම සැන්ඩි නැතුව ගහන්නෙ

We are new are new generation almost දක්ශයෝ
සක්වල ගලට පොඩ්ඩක් මෙහා ඉන්නෙ අපි යක්ශයෝ
උබල කරොත් ප්ලෑනින් දැන් අපි කරොතින් කනා
උබල මාර වැඩ්ඩො මමද බත් කන ගොනා

සැතපෙන්නා මගෙ හීන ලග ගන්නාම් මම නින්දක්
මඟපෙන්නා වගෙ පේන මග තිබ්බා ලොකු කන්දක්
කරපින්නා වගෙ ඉන්නේ කිම කෝ උබෙ යාලුවෝ
පත්තු වෙද්දි නඩුවක් වාශ්ප වෙනව හාල්පාරුවෝ

තිස් තුන්දාහක් ඉන්න දෙයියො පදිරියි ග්‍රහයො නවයට
අපිට සෙට් උනොත් මෝහිනී ආයෙ කිරි දෙන්නෑ ලමයට
උබල ඔක්කොම ටොප් ආටිස් ඒ නිසා ඉන්නම් මමයට
හෑන්ඩ් බ්‍රේක් නැති වාහානේකට මල් සින්දු තියපන් අඩයට

දාපන් ඉසූ පහක් කරමුද මචන් පෙරලිය
දෙයක් කරන මිනිහා ඉන්නෑ ලොවෙත් කියකිය
ඕප පාතික උන් මැද්දෙ ආවෙ අඩි තිය තිය
Ima king lotus uncle කොයි කාමරේද දියණිය

කාලයේ | Kalaye by Senaka Batagoda [2021]

හිතාගන්න බැරි දේවල්
වට කරගෙන හිත
ඇදිලා යයි ඈතින් ඈතට
දරාගන්න බැරි දේවල්
තද කරගෙන හිත කොතරම් කල්
අපි හිටියද
ආපසු බැලුවම සිතුවම් යායකි මතකය
මොනදේ හිතුවත් ආපසු ගන්නට බැහැ ගිය කාලය
කාලයේ ලියැවී මොන මොන දේවල් තිබූණද
කල යුතු දේ කල යුතුමයි ඒ මොහොතෙම
මා නොහඳුනනා මම
තවකෙකු ගැන මොනවා හිතන්නද තව
හිතට එකඟවම
සාගරේ වැලි ගානට
හිතන්න ඇති ඒ ගැන අද වෙනතුරු
වෙනසක් වූවද
ආපසු බැලුවම සිතුවම් යායකි මතකය
මොනදේ හිතුවත් ආපසු ගන්නට බැහැ ගිය කාලය
කාලයේ ලියැවී මොන මොන දේවල් තිබූණද
කල යුතු දේ කල යුතුමයි ඒ මොහොතෙම

සුබ උපන් දිනක් මට | Happy Birthday to Me by OOSeven [2020]

මම දුටුවා අහසේ කළු වළා
හැම දවසේම ඉන්නේ හිනැහිලා
එළි එනතුරා හිදී මග බලා
දෝශා රෝපන මැද හිනැහිලා

මේ ලෝකේ ඇත්තේ ශෝකේ කොහොමත්
ඇති වෙන්න නැති වෙන්න කෝමත්
දැන දැන ඇලෙනවා කෝමත්
ඉපදුනා රටක එකෝමත්

එක කාලෙක දැන් හරි සතුටුයි
හැමදේම වෙන්නේ කනපිටමයි
නැති වෙන්නේ නැත්තේ එක හිතමයි
අකමැති දකින්නම කදුලයි
සැනසීමේ දැන් නින්දේ
මල්පිට මල් හිත බින්දේ
තනියෙම වින්දේ
මට කැමති දේ මං ඇන්දේ

මං කියන්නේ මගේ කතාව
ලැබෙන දිනයක වාසනාව
මං පතන හැමදේම මං ගාව
උනානම් වැරදි ඉල්ලයි සමාව

සහෝදරයොත් එක විදිහක්
එක වෙලාවකට
උනා වැරදිත් මගේ අතිනුත්
එක වෙලාවකට

ලේ හෙල්ලූ ආස නෑ දකින්න
ආසම රහස් රකින්න
ආස මං ඇත්ත දකින්න
විදලා මේ ජීවිතය මැරෙන්න

නිදි නැහැ මී වද ඇතුලේ
අපි නැ දැන් මල් තැලුවේ
සරලව හැමදේම බැලුවේ
දුක සැප මැද ගග ගැලුවේ

මැරීගෙන හැමදාම වැඩ
පිටිපස්සේන් ඉන්නේ වහගෙන කට
නවතී දවසක පතන් නැද්ද
සුබ උපන් දිනක් මට

මලක් නිදි මල් ගොඩක් මැද | Malak Nidi Mal Godak Meda by WAYO

බලන් ඒ කිරි සිනා සඳ
නිදන් සඳ උනුහුමේ වැද
නගන් නින්දෙත් සිනා මද
මලක් නිදි මල් ගොඩක් මැද

සුසුම් ගොළු රස මිහිරි නද
උතුර ගලනා සෙනෙහෙ කඳ
තුරුල් දම් මව් සෙනෙහෙ ලද
මලක් නිදි මල් ගොඩක් මැද

අපූරුව හැඩ මවන ලෙද
තවත් සැපතක් ලොවේ වෙද
මුවින් කොපුලින් තොලින් තෙද
මලක් නිදි මල් ගොඩක් මැද

දෙතන රූරා සුවඳ බිඳ
හැරුනු ලේ කිරි රසේ විඳ
සොඳුරු මල් ගොමු තුරුලෙ හිඳ
මලක් නිදි මල් ගොඩක් මැද

Mask off (Remix) by OOSeven [2021]

කලුවර දැං වෙලාන මාව
ආසම මං දුටුවා මාව
අතරමං ආස දේවල් ගාව
හිටියා මං ඒ දෑස ගාව
හිතුවා මං විසඳුවා මං ප්‍රෙහෙලිකාව

ඇඳ ඇතිරිලි කෝ
සමනල තටු පොඩිවුනු තනිවුනු සඳවත පමණකි ඇඳිවත ඉතිරිව වැනසුනු පැසතුනු මිනිහට රැවටුනු ගැලපුනු කැතකුනු මදිවද මැලවුනු මල පරවුනු දවසට කමකට නැතිව මතට හුරු මනසට පිනකට මොනවද කනකට නොගෙනම දැන පැන්න නිදහස කෝ
පාට පාට එලි මගෙ වටෙන් – මම ලගඳිම පිටවෙන්නෙ රටෙන්
නිග සිතුවිලි පිවිතුරු මගෙන් – ආහ් දුම පිටවෙන්නෙ නෑ කටෙන්

වැදගත් කවදත් අකුණක් අරන් එන අපි දැන් දවසක් මතකයි අද වගෙ අපි ඇගිලි ගනිමින් බලන් හිටි හැටි විඳ විඳ එදා දුක හිත රිදුනත් යේහ්…
කතාවෙ ඔටුන්න අපෙ අතේ – ගිනි තිබ්බා අපි රට වටේ
මට සැනසුම ලැබෙන දවස සතුටු කඳුලු වැටෙ ලඟ වගෙ
මගෙ හිත වෙනතක වගෙ – මලක රසට වශි වගෙ
පියාඹන්න පෙර ඇවිදින මිනිස්සු එක්ක තරඟයක් නැහැ මගෙ මගෙ ආහ්..

කඩලම ඇට ඇදවෙලා ඇඟිලි දැනන් ඉන්නෙ මගුල් මුද්ද ඒ බව දන්නෙ නෑ
ඒක මගෙ මතෙ මගෙ අතෙ තිබ්බා කාසි ඒ ජීවිත නම් සල්ලි වලට ගන්න බෑ
නොමිනි මිනිසුන් ලෙස බොරු රඟන සෙනඟ අතන මෙතන ගහගෙන කෑ
සඳ බැසගෙන ගිය කලුවර මහ රෑ ලියවෙන පදපේලි ඇසුරෙන් දැක්ක දෑ
ලග්නෙ වෘෂභ මොකද්ද අවුල කියන්න බලන්න මම හොයන්නෙ මරගෙන් මැරෙන යුද්ධ
සුද්ද බුද්ද කරන්න තමයි ආවෙ උඹලගෙ මොලගෙඩි කරනවා දැන්නම් පාරිශුද්ධ
ඇත්ත පැත්ත තමයි නැග්ග කන්ද කෙන්ද පෙරලි පෙරලි
රැවටෙන්නෙ පාටට දැන දැන නොදැන නොදැන හෝ මම ඇන්දවෙන එක චිත්ත…

මැරෙන එක ලේසියි – මිනිස්සුන්ව තේරුම් ගන්නයි අමාරු

ඝෝෂාව කන් රිදෙන තරමට
ආසාව සංසිදෙන තරමට
සීමාව පැනලා යන දවසට
පසුතැවිල්ල නැත අවසන් ගමනට

ඝෝෂාව කන් රිදෙන තරමට
ආසාව සංසිදෙන තරමට
සීමාව පැනලා යන දවසට
පසුතැවිල්ල නැත අවසන් ගමනට

මේක තමයි අපෙ කලාව හැරෙන්න බෑ දික් කරන්නෙපා ඇඟිලි නෑ මචං දැවටිලි
මෙ වලෙන්මයි ගොඩ එන්නෙ දවසක මම ගහන්නෙ එතකොට ගන්නෙ මම තමයි බිලි
රැප නිව්වා මගෙ පවස හැමදාම අද කියලා නිම කරන්න බෑ
හමුදාවක් ඉන්නවා මට රැපට එලට පෙලට කලට සැරට ගහන්නෙ මම නැලවිලි ඩෝ…

කලුවර දැං වෙලාන මාව
ආසම මං දුටුවා මාව
අතරමං ආස දේවල් ගාව
හිටියා මං ඒ දෑස ගාව
හිතුවා මං විසඳුවා මං ප්‍රෙහෙලිකාව

කලුවර දැං වෙලාන මාව
ආසම මං දුටුවා මාව
අතරමං ආස දේවල් ගාව
හිටියා මං ඒ දෑස ගාව
හිතුවා මං විසඳුවා මං ප්‍රෙහෙලිකාව

සිතට සියුමැලි| Sithata Siyumali by Uresha ft.Dumal Warnakulasuriya

සිතට සියුමැලි ගීතයක් වගේ…
ජිවිතේට ආදරය ගෙනා
හැමතැනම පෙනේ සිත ලගම රැදේ…
ආදරයට ජීවිතය ගෙනා

සිතට සියුමැලි ගීතයක් වගේ…
ජිවිතේට ආදරය ගෙනා
හැමතැනම පෙනේ සිත ලගම රැදේ…
ආදරයට ජීවිතය ගෙනා

මඟ හැරුණු ජිවිත සැමරුම්…
පිටු අතරින් ඔබ හමු වූවා
හිත අද්දර ඉන්නා තනිකම…
සඳ වතුරේ ඉකි බින්දා

චමත්කාර ජිවිතේ…
හමුවන්නට පැතුමන් පිරුවද
සිතේ තනිවුන ආදරේ…
සගවා අප සිටියා

සිතට සියුමැලි ගීතයක් වගේ…
ජිවිතේට ආදරය ගෙනා
හැමතැනම පෙනේ සිත ලගම රැදේ…
ආදරයට ජීවිතය ගෙනා

සිතට සියුමැලි ගීතයක් වගේ…
ජිවිතේට ආදරය ගෙනා
හැමතැනම පෙනේ සිත ලගම රැදේ…
ආදරයට ජීවිතය ගෙනා

විලෙක නෙලුම් පිපෙන සැදැවේ…
ඔබේ සිනහව යලි රැදෙනවා නම්
විහග ගීත ඇසෙනා මානේ…
ඔබේ කටහඩ යලි ඇසෙනවනම්

ඈතයි මාගේ පීදෙන තුරු මත…
රටා මවන සිතුවිලි අතරේ
හිතේ තනි වුන ආදරේ…
සගවා ගෙන සිටියා

සිතට සියුමැලි ගීතයක් වගේ…
ජිවිතේට ආදරය ගෙනා
හැමතැනම පෙනේ සිත ලගම රැදේ…
ආදරයට ජීවිතය ගෙනා

සිතට සියුමැලි ගීතයක් වගේ…
ජිවිතේට ආදරය ගෙනා
හැමතැනම පෙනේ සිත ලගම රැදේ…
ආදරයට ජීවිතය ගෙනා