මිහිකත නළවාලා | Mihikatha Nalawaala by Sunil Santha

මිහිකත නලවාලා
මග මල් ගන්වාලා
පාසල වෙතැ යන මේ
පිටිසර හෙළ ගුරුලිය සැරදේ

සුදු හෙළ සාරිය ඇඳැලා හැඩ කොටැ
ඉඟවට රැළි ලෙළවා
දිගු නිල් වරළස පීරා නිසි ලෙසැ
මල් ගවසා බැඳැලා
ගෙල වට මුතු මාලේ
දෝතේ වළලු සැලේ
සිරියා සපුරා පිරියා පතුරා
යන සුරතල් ලීලා

මිහිකත නලවාලා
මග මල් ගන්වාලා
පාසල වෙතැ යන මේ
පිටිසර හෙළ ගුරුලිය සැරදේ

ඕලු නෙළුම් ඈ නෙක මල් පිබිදී
අහෝ විලේ සිරියා
ජයම මලක් ඉන් නෙළාගනී ඕ
හා හා කුමටද ඒ
බාල ලියෝ ඔබගේ
සුහදා හට වෙද ඒ
සුරතලියේ ඔබ හදවත පතුලේ
පෙම් මල කා සතු දෝ

මිහිකත නලවාලා
මග මල් ගන්වාලා
පාසල වෙතැ යන මේ
පිටිසර හෙළ ගුරුලිය සැරදේ

sunil santha best of sunil santha,vol. 01 wala kulin besa,teens,the voice,the voice teens

ඕලු පිපීලා | Olu Pipila by Sunil Santha

ඕලු පිපීලා වෙල ලෙලදෙනවා සුදට සුදේ නංගෝ
ඕලු නෙලාලා මාල ගොතාලා දෙන්නද සුදු නංගෝ
එන්න දියේ බැස මා හා දෙන්න ඔබේ අත මාලා
ඕලු නෙලාලා මාල ගොතාලා පලඳිමු අපි මාලා

වැල නොකැඩී පෙම් කෙළිමින් යන්නෝ දන්ඩි පැටව් නංගෝ
කූනිස්සෝ උඩ පැන පැන යන්නෝ අප කැඳවා නංගෝ
මෙන්න මලක් මා නෙළුවා ඔන්න ඔබේ ඒ මාලා
ඕලු නෙලාලා මාල ගොතාලා පලඳිමු අපි මාලා

මා පරදිනවා ඔබගේ දෑතට මට ලජ්ජයි නංගෝ
හෙමිහිට හෙමිහිට නෙලමින් යමුකෝ කලබල ඇයි නංගෝ
ඕලු මලේ සුද නාලා ඔබ රුව වැඩිවෙයි මාලා
ඕලු නෙලාලා මාල ගොතාලා පලඳිමු අපි මාලා

නෙළුවා නෙළුවා බරටම නෙළුවා බරට බරයි නංගෝ
මේ මල් අරගෙන වටපිල් කන්දට යමුද ඉතින් නංගෝ
අන්න මල්ලි මෙහෙ එනවා යමු යමු හනිකට මාලා
ඕලු නෙලාලා මාල ගොතාලා පලඳිමු අපි මාලා
ඕලු නෙලාලා මාල ගොතාලා පලඳිමු අපි මාලා