වීදුරු දෑසේ | Weeduru Dase by Supun Perera [2023]

කවුලු හැර පාලු මහදේ එනකන් බලා
යාලු හිත වාරු ගෙන මා සඟවා තියා
හීන බොඳ වෙච්ච දිවියේ
ධූමයට එක්ව අඳුරේ
ආදරේ මතක අතරේ හෙව්වා රහ

වීදුරු දෑසේ දිස්නය මාගේ
හද පතුලේම තැන්පත් කරලා
පිවිතුරු හීනේ ලඟ සිත හීරේ
නිදි යලි නේන කඳුලක් වෙලා දැන් ඔයා

ප්‍රේමයට නූපදී නම් සංවේදනා
පාවෙලා යන්න තිබුණා පෙම් චාරිකා
වින්ද රස භාව නවතා
යන්න හිතුවාද හඬවා
නැද්ද දැනුනේම පෙරදා මේ ආදරේ

වීදුරු දෑසේ දිස්නය මාගේ
හද පතුලේම තැන්පත් කරලා
පිවිතුරු හීනේ ලඟ සිත හීරේ
නිදි යලි නේන කඳුලක් වෙලා දැන් ඔයා

written by Lasitha Jayaneththi Arachchige

සංසාරිණී | Sansarini by Kanchana Anuradhi & Supun Perera

ඒ නෙතු රහසේ මා සොයා
හිත සොලවා සොරකම් කළා
නතු වී ඉන්නද හාපුරා ඉඩ හදා සදා

සංසාරිණිය වෙලා
පෙම් සාගරයම ගෙනා
උන්මාදිනිය නුරා
හංගා නොයනු දමා

සඳ වැනි ආදර කතා
බොඳ කළ වැහි කළු වළා
අතරින් යළි පීදෙනා
සඳ වගේ ඔයා
මේ සංසාරේ සරනා තුරා
ඔබ මිස අන් කවුරු හා
ගැලපේවිද නෑ නෑ මගේ නිසා…ඔයා

written by Lasitha Jayaneththi Arachchige

sansarini song kanchana ft supun,sansarini kanchana ft supun,sansarini mage song,sansarini song lyrics,sansarini sinhala lyrics,sansarini song,sansarini sharadha,sansarini teledrama,sansarini mashup,sansarini ai nissarane,sansarini karoke,sansarini covers,sansarini ai,kanchana songs,sansarini live,hiran kanchana,sansarini mage,sansarinee,sansarini audio,sansarini cover,sansarini lyrics,sansarini raspet,sansarini,kanchana drama song,hiru tv songs

සෙනෙහස් අවාරේ | Senehas Aware by Supun Perera

රෑ හීන ගානේ නුඹ පෙනේවී
හුස්මක් පවා දුර යයි සිතේවී
මා ආදරේ නුඹගෙන් දකීවී
සංසාරයේ හමුවී තියේවී

සෙනෙහස් අවාරේ කුලුදුල් තුෂාරේ
ඔබමයි ගෙනාවේ මගේ දිවිතුරා
අනුහස් විමානේ සිපගත් නුරාවේ
සදකැන් ගලා ඒ් හදේ ගිම් නිවා

මුදු වලා අතරේ පාවෙලා අප සිනා නිතර යාවෙලා
දැනෙන්නේ මේ ආදරය දෝ
විහගුනේ ගයන ගීතිකා උනුහුමේ විදින චාරිකා
ඔබ මැවුනේ මා වෙනුවෙන්ම දෝ

සෙනෙහස් අවාරේ කුලුදුල් තුෂාරේ
ඔබමයි ගෙනාවේ මගේ දිවිතුරා
අනුහස් විමානේ සිපගත් නුරාවේ
සදකැන් ගලා ඒ් හදේ ගිම් නිවා

හදවතේ මියුරු කාරණා නුඹ ගෙනා මතක පාරනා
කොදුරන් හදට ආරාධනා
නුඹ මගේ හිතම සාදනා ආදරේ අකුරු තෝරනා
ඔබමයි හීන හැබැහින් ගෙනා

සෙනෙහස් අවාරේ කුලුදුල් තුෂාරේ
ඔබමයි ගෙනාවේ මගේ දිවිතුරා
අනුහස් විමානේ සිපගත් නුරාවේ
සදකැන් ගලා ඒ් හදේ ගිම් නිවා

written by Sajith Akmeemana

adaraneeya prarthana,supun perera,sanka new songs,ma prarthanawe,supun perera new song,anushka new song,ashanya premadasa,sinhala songs,kanchanaanuradhi,adaraneeya,sinhala hit songs,sinhala new songs,best sinhala songs,sinhala film songs,best sri lanka songs,dinesh new song,sinhala new songs 2021,prarthana,sinhala new song,best indian songs,mandaaram kathawe,roshel rogers,wasthi new song,denena thuru ma,derana tv,shanudrie priyasad,hathey hatha

නාදෙන් | Naden by Kanchana Anuradhi & Supun Perera [2022]

නෑ නෑ නැවතුන මේ හිත නුඹ ළඟ
වෙනතක නතර වෙලා..
මා හා ඉඟිබිඟි පානා නුඹෙ නෙත දැක හිත ඔකඳ වෙලා..

හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා..
හැඟුමන් ආ දෙන් ⁣යා වෙම් නුඹේම වෙලා..ලා ලලා

හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා..
හැඟුමන් ආ දෙන් ⁣යා වෙම් නුඹේම වෙලා..ලා ලලා

දෙවඟන ඈ..
රැවකට නැවතී මා පෙර නෑ
නාහෙට නාහන මේ හද නෑ..
සිහියක හිඳවනු බෑ
දැක නාරී නාරී නාරී (දේහේ ඈ)

දිනකර ඈ
මන පිනිබිඳුවකි මා ළග ඈ
සිලුවකි ගිනි දවනා ගත රෑ..
සමවැද හිදිනට බෑ
මිදි දෑනෙන් දෑනෙන් දෑනෙන් ආයේ..

දේවී ප්‍රේමී හැඟුමන් පා
වේවී හෘදේ ලැගුමන් මා..
මේ නෙත් මානෙන් නොම යන් මාගෙන් මාගෙන් මාගෙන්

දේවී ප්‍රේමී හැඟුමන් පා
වේවී හෘදේ ලැගුමන් මා..
මේ නෙත් මානෙන් නොම යන් මාගෙන් මාගෙන් මාගෙන්

හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා..
හැඟුමන් ආ දෙන් ⁣යා වෙම් නුඹේම වෙලා..ලා ලලා..

හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා..
හැඟුමන් ආ දෙන් ⁣යා වෙම් නුඹේම වෙලා..ලා ලලා..

දේවී ප්‍රේමී හැඟුමන් පා
වේවී හෘදේ ලැගුමන් මා..
මේ නෙත් මානෙන් නොම යන් මාගෙන් මාගෙන් මාගෙන්

දේවී ප්‍රේමී හැඟුමන් පා
වේවී හෘදේ ලැගුමන් මා..
මේ නෙත් මානෙන් නොම යන් මාගෙන් මාගෙන් මාගෙන්

නෑ නෑ නැවතුන මේ හිත නුඹ ළඟ
වෙනතක නතර වෙලා..
මා හා ඉඟිබිඟි පානා නුඹෙ නෙත දැක හිත ඔකඳ වෙලා

ඔබමයි ආලෝකේ | Obamai Aaloke by Supun Perera [2021]

මේ ප්‍රේම චායාවේ
මල් පිපෙන හෝරාවේ
සිප ගත්ත රෑ යාමේ සොඳුරේ

ඒ සිහින රේඛාවේ
ඉගිලෙන්න සැනසිල්ලේ
‍රෝසමල් යහනාවේ සොඳුරේ

ආදරේ සිතේ සාගරේ වගේ
මට කීව කීව පෙම් කතන්දරේ
ශෝකගිම් නිවී ප්‍රේමියේ මගේ
තාරුකා වගේ දිලෙයි අහසේ…

ඔබමයි ආලෝකේ ඔබමයි මා සිහිනේ
ඔබමයි මා ජීවේ..ප්‍රේමියේ..
ඔබමයි ආලෝකේ ඔබමයි මා සිහිනේ
ඔබමයි මා ජීවේ..ප්‍රේමියේ…
සංසාර සරනාවී ප්‍රේමයේ සනසාවී
ආදරෙන් මට ලංවී මාගේ කෝල මනමාලී…

මේ ප්‍රේම චායාවේ – සිත රැඳුණු මදහාසේ
ඔබේ රුවමයි මට සිහිවෙන්නේ
ඔබෙ නෙත් දුටුවාවේ හදේ මල් පිපුනාවේ
ප්‍රේමරැල් නැගුනාවේ හදේ..

ආදරේ සිතේ සාගරේ වගේ
මට කීව කීව පෙම් කතන්දරේ
ශෝකගිම් නිවී ප්‍රේමියේ මගේ
තාරුකා වගේ දිලෙයි අහසේ…

ඔබමයි ආලෝකේ ඔබමයි මා සිහිනේ
ඔබමයි මා ජීවේ..ප්‍රේමියේ…
ඔබමයි ආලෝකේ ඔබමයි මා සිහිනේ
ඔබමයි මා ජීවේ..ප්‍රේමියේ…
සංසාර සරනාවී ප්‍රේමයේ සනසාවී
ආදරෙන් මට ලංවී මාගේ කෝල මනමාලී…

ආදරේ සිතේ සාගරේ වගේ
මට කීව කීව පෙම් කතන්දරේ
ශෝකගිම් නිවී ප්‍රේමියේ මගේ
තාරුකා වගේ දිලෙයි අහසේ…

සංසාර සරනාවී ප්‍රේමයේ සනසාවී
ආදරෙන් මට ලංවී මාගේ කෝල මනමාලී…

ලක්මව්නී | Lakmawuni by Dhanith Sri, Ridma, Supun & Various others

[Ridma]
විකසිත වී නිති
එකමුතු වී
සවිබල පා සැම
එඩිතර වී

[Ranga]
රුහිරය දී දිනු
ලක් මව්නී
ගරුකල සේ නුඹ
සෙවනෙ හිදී
දරුකැල සේ නුඹ
සෙවනේ හිදී

[Dhanith]
පියමනිනා
රළු මාවත දිගේ
ජය ටැබ වේ
දද බදීනා දිනේ

[Supun Perera]
නිම නොවෙනා
හද මඩලේ සෙනේ
නිති සැදුනේ
එක මව්නේ

[Kanchana]
බිද දමලා රළු
පවුරු බැදී
මිතුදම වේ අප
අතරෙ සැදී

[Supun Perera]
මනු දෙරණේ
නොම නොගැටි අපී
ලොව දිනමූ සිහ
ජය ගොස දී

[Ridma & Kanchana]
ලොව දිනමූ සිහ
ජය ගොස දී

[Ranga]
පියමනිනා
රළු මාවත දිගේ
ජය ටැබ වේ
දද බදීනා දිනේ

[Dhanith]
නිම නොවෙනා
හද මඩලේ සෙනේ
නිති සැදුනේ
එක මව්නේ

[Fawaz]
රතු රුහිරේ ලයෙ
සැරුවේ අපේ
කුමකට දෝ පිල්
බෙදිලා මෙසේ

[Heshan]
ලග දකිනා නෙතු පිසදාලා

[Prageeth]
අපි සැවොමා එක රැහැනේ වෙලී

[Ranura]
අපි සැවොමා එක රැහැනේ වෙලී

[All Togethe]
පිය මනිනා
ජය මාවත දිගේ
අපි සැවොමා
එක් වී