සමාවෙනවාදෝ | Samawenawado by Surendra Perera

සමාවෙනවාදෝ හැර ගියත් මා එදා
අහිංසක ඔබගේ නෙතට කඳුළක් තියා
සමාවෙනවාදෝ හැර ගියත් මා එදා
අහිංසක ඔබගේ නෙතට කඳුළක් තියා

මතකද අපි පෙර දිනකදී ආදරේ කළා
ඔබ කීවේ හැම වේලේ මා ඔබේ කියා
හඬනා නෙතු ඔබේ – නොබලා මම ගියේ
බොහෝ දුකක් මගේ – තියාගෙනයි හිතේ
තියාගෙනයි හිතේ

පෙර භවයකදී කෙදිනකදී හරි පෙම්වතුන් වෙලා
මම ගැනනම් දුක ආයේ වෙනවා ඇති ඔයා
තැවෙනා හිත මගේ – ඔබමයි විමසුවේ
දුරස්වෙලා ගියේ – කියන්න ඇයි මෙසේ
කියන්න ඇයි මෙසේ

සමාවෙනවාදෝ හැර ගියත් මා එදා
අහිංසක ඔබගේ නෙතට කඳුළක් තියා

පායන්න සඳ මීදුමේ | Payanna Sanda Meedume by Surendra Perera

පායන්න සඳ මීදුමේ
ඇයි ඉන්නේ සැඟවී සඳේ
හිනැහෙන්න මේ නිල් විලේ
ඔබ ඉන්නේ කොහෙදෝ ප්රිලයේ
ආවාම තරු රෑනේ පායා
දිස්වේවි දෙව්ලියක සේයා
ඔය නෙත් විලේ කැල්මන් දිලේ
ඔබ පායන්න සඳ මීදුමේ

පායන්න සඳ සේ රැයේ
ඡායාව මතකේ රැදේ
සඳු සේම පායා දිලේ
ඔය නෙත් විලේ පාවි ගියේ
රහසින්ම බැඳ ආදරේ
ඔබ ආවාද මීදුම් තලේ

පායන්න සඳ මීදුමේ
ඇයි ඉන්නේ සැඟවී සඳේ
මාගාව තුරුලේ වෙලී
විඳගන්න මේ ආදරේ
තරුමල් විලේ පායා දිලේ
හිනැහෙන්න සඳ සේ රැයේ
ඔබ හිනැහෙන්න දෙව්ලිය ලෙසේ

පායන්න සඳ මීදුමේ
ඇයි ඉන්නේ සැඟවී සඳේ
හිනැහෙන්න මේ නිල් විලේ
ඔබ ඉන්නේ කොහෙදෝ ප්රිලයේ
ආවාම තරු රෑනේ පායා
දිස්වේවි දෙව්ලියක සේයා
ඔය නෙත් විලේ කැල්මන් දිලේ
ඔබ පායන්න සඳ මීදුමේ

පමා නොවී සමාව දී | Pama Nowi Samawa Di by Surendra Perera

පමා නොවී සමාව දී
සොයා තියාගත් හැම සේරමත් පිදූ
ජීවිතයේ බැරි අමාරුකම්
කොයි කාටවත් නොපෙන්වූ
තාත්තේ මං ඔබගේ එකම පුතු
හැමදාමත් ඔබ
සිතින් පැතු හොඳම පුතු
තාත්තේ මං ඔබගේ එකම පුතු
හොඳම පුතු

හමා ඇදී ගිය සුසුම් කුණාටු
මායිම් කොට නොතැකු
හිමාලය වගේ නොසැලී ළඟ හිටපු
හුමාලය පවා සුවඳයි ඔබෙන් හැමූ
මගේ එකම විරුවා මා මේ ලොවේ දුටු
තාත්තේ ඔබයි
මං ඒ ඔබේ පුතු

නිමා නැති ආදරයේ තරමට
තුන්සිත මත ඇහිරූ
තමා ගැනද නොසිතා අප ගැනම සිතු
නිමා නෑ ඔබේ පිරිමිකමින් පිරුණු
සිහිපත් කරන්න අද ඇත්තේ කඳුළු
තාත්තේ ඔබේ
මං ඔබ වගේ පුතු

මීදුම් වසන්තේ | Meedum Wasanthe by Surendra Perera

මීදුම් වසන්තේ, සීතක් දැනේවි
පංච පියුම් යහනේ වස්සන්න වරුසා කුසුම්
වසන්තයේ, මගේ පෙම් කුමරි මා තමා
ගිම්හාන සැන්දෑ ඔබේ පෙම් සමීපේ
සිතල මට නොදැනේ
ඔබ ගාව හිඳිනා තුර තුරුලේ ඔබේ
මගේ පෙම් කුමරා මා තමා

පෙම් කුසලානේ මා ළමැද හැංගිලා
ආශා උපදී මධු බොන්න ලං වෙලා මා වත සඟවා
ලැම හංසයින් මැදින් සැතපෙන්න මා
ආනන්ද සිහිනයෙන් මේ වාසනා පෙම් ජීවිතේ
උතුරා ගලා මුදු මීවිතේ
අපි ගයමු ආදරේ ගී හොඳටම ලංවෙලා

සඳ නෞකාවේ සාගර තරංගයේ කොහේ හෝ යමු
මේ ශාන්ත රාත්‍රියේ අපි දෙන්නමයි වෙන කවුරු හෝ එපා
තනිවෙන්න යමුකෝ අහසේ වලාකුලේ මල් රේණු හා
සමනල්ලු සේ ඉන්නයි කියා සිත කිවේ දෝ
අපි දෙන්න ප්‍රේමේ ලෝකේ හිඳිමු නුවන් පියා

මීදුම් වසන්තේ, සීතක් දැනේවි
පංච පියුම් යහනේ වස්සන්න වරුසා කුසුම්
වසන්තයේ, මගේ පෙම් කුමරි මා තමා
ගිම්හාන සැන්දෑ ඔබේ පෙම් සමීපේ
සිතල මට නොදැනේ
ඔබ ගාව හිඳිනා තුර තුරුලේ ඔබේ
මගේ පෙම් කුමරා මා තමා

මගේ ගාවට හීන | Mage Gawata Heena Genalla by Surendra Perera

මගේ ගාවට හීන ගෙනල්ලා
නුඹ ඈතට යන්න ගිහිල්ලා
මැව් හීනය තුරුළු කරන් මා උන්නා
නෙතු ගාවට කඳුළු ගෙනල්ලා
තනි වෙන්නට දුරක ගිහිල්ලා
මැව් හීනේ මේ ඇස් යට තනි කෙරුවා
පාළුවේ දුක දරා හැඬවූවත් මෙදා
මම හිඳිමී සදා මග බලා

කෝල ඇස් නුඹේ මගේ කියලා
රෝස තොල්පෙති මත ලියලා
පෙම් මාළිගාවේ අග රැජිනයි නුඹ සැමදා
ජීවිතේම නුඹ රැකලා හාදු වැස්සේ නිදි කරවා
දුර ඈත පේන තරු පොකුරේ ඔබ සඟවාලා
මා රැවටූ ආදරේ ඔබ මාගේ ජීවිතේ
මැව් හීනය තුරුළු කරන් මා උන්නා

රෑට සුපිපෙන මල් ගොතලා
නීල දෙනුවන් සරසවලා
ඔබ මාගේ පුන්සඳ තුරුලට වී හද සනසවනා
තාම හදමල සනසවනා පාළු දිව රෑ එළිකරනා
මුළු භවයෙන් භවයට නොමියෙන සේ පෙම පුද කරනා
මා රැවටූ ආදරේ ඔබ මාගේ ජීවිතේ
මැව් හීනය තුරුළු කරන් මා උන්නා

මගේ ගාවට හීන ගෙනල්ලා
නුඹ ඈතට යන්න ගිහිල්ලා
මැව් හීනය තුරුළු කරන් මා උන්නා
නෙතු ගාවට කඳුළු ගෙනල්ලා
තනි වෙන්නට දුරක ගිහිල්ලා
මැව් හීනේ මේ ඇස් යට තනි කෙරුවා
පාළුවේ දුක දරා හැඬවූවත් මෙදා
මම හිඳිමී සදා මග බලා
මම හිඳිමී සදා මග බලා
මම හිඳිමී සදා මග බලා
මම හිඳිමී සදා මග බලා

මොනාලිසා | Monalisa by Surendra Perera

සිහින සාප්පුවේ දොර අරින්න මොනාලිසා
පරණ සේප්පුවේ රන් කාසි ගනින්න
හිතට යාප්පුවේ හිනාවෙන්න කියාදෙන්න
හතරෙ කෝච්චියේ කොළඹ දුවන්න
හතරෙ කෝච්චියේ කොළඹ දුවන්න

දූවිලි හාදු ගොඩේ ආදරේට සැතපෙද්දී
යකඩ කඳන් දිගේ පිපෙයි සුදු අරලිය මල්
නෙලා ගන්න අත දිග නැති රෝස කුසුම් සුවඳ හලයි
ලඟින් ගියත් අපට කොහෙද ඒ සුවදැති මල්

සඳුන් සුවඳ කාමරයේ වැටී දෝර ගලයි
මොනාලිසා අපි කවදද ජෝඩු වෙන්න හිතේ
කූඩු වෙන්න පතන පැතුම් අහස තරම් උසයි
ඒ වුනාට තනි වුනාම මට මං ගැන දුකයි

සිහින සාප්පුවේ දොර අරින්න මොනාලිසා
පරණ සේප්පුවේ රන් කාසි ගනින්න
හිතට යාප්පුවේ හිනාවෙන්න කියාදෙන්න
හතරෙ කෝච්චියේ කොළඹ දුවන්න
හතරෙ කෝච්චියේ කොළඹ දුවන්න
හතරෙ කෝච්චියේ කොළඹ දුවන්න
හතරෙ කෝච්චියේ කොළඹ දුවන්න

හින්දි වගේ | Hindi Wage by Surendra Perera

FB එකේ මුළු දවසෙම රැකගෙන ඉඳලා
දැකපු දැකපු Hot කෙල්ලට Request දාලා
Block වුණාම Adminලාට නාහෙන් අඬලා
ආදර ලෝක් දිනුවේ මම Chat කරලා
OT නැති Night Shift ගමකට ගහලා
පැයෙන් පැයට Profile Pics Upload කරලා
දවස තිස්සේ Edit කරපු Photos දාලා
ඇගේ ආදරේ ඉල්ලගත්තේ ආරෝහි කියලා

හින්දි වගේ ලස්සන රූපේ දිලිසෙන්නේ
දැක්ක ගමන් කොයි කාගෙත් ඇස් උඩ යන්නේ
සෙට් වෙන්නේ ඉතින් බැඳගන්නේ
අනේ සෙල්ලං නෑ මචං කොල්ලනේ

ගෙනාපු දවසේ ඉඳන් සැර වෙලා
ලස්සන පස්ස දොරෙන් විසි වෙලා
මාගේ නිදහස ලිමිටඩ් වෙලා
එයාගේ Government එක Run කළා
මං ළඟ නැති දේවල් ඉල්ලලා
හැඬුවා මුළු දවසෙම පෙරළිලා
ලක්සෙට කොඩිය දාලා රජ වෙලා
හිටියට මෙයා ළඟදී පච වෙලා

හින්දි වගේ ලස්සන රූපේ දිලිසෙන්නේ
දැක්ක ගමන් කොයි කාගෙත් ඇස් උඩ යන්නේ
සෙට් වෙන්නේ ඉතින් බැඳගන්නේ
අනේ සෙල්ලං නෑ මචං කොල්ලනේ

දවසින් දවසට වැඩ වැඩි වෙලා
එයාගේ ලස්සන අත් කළු වෙලා
බියුටිය කචල් වෙන්න ළං වෙලා
Mother in lawට එන්න සෙට් කළා
අවුරුද්දක් හරියට ගත වෙලා
දෙන්නම හොඳ ගානට තර වෙලා
මගේ බඩ පිට පොත්තට ඇලවීලා
හිතෙනවා ඉන්නට වනගත වෙලා

හින්දි වගේ ලස්සන රූපේ දිලිසෙන්නේ
දැක්ක ගමන් කොයි කාගෙත් ඇස් උඩ යන්නේ
සෙට් වෙන්නේ ඉතින් බැඳගන්නේ
අනේ සෙල්ලං නෑ මචං කොල්ලනේ

ගිම්හානයේ පිපිච්ච | Gimhanaye Pipichcha by Surendra Perera

ගිම්හානයේ පිපිච්ච මන්දාරමේ පෙගිච්ච
සන්සුන් සුවින් පිරිච්ච මල් හිනාව මානයේ
සන්සුන් සිතුම් දැනිච්ච මා තුරුණු හිත් පොඩිත්ත
කළඹනා හැගුම් එතිච්ච අරුමයක් ඔහේ දැනී
වසන්තය එපා අනන්තය පුරා
මේ සුරම්‍ය ජීවිතේ හොදා ආදරේ

නෙත් බැලුම් නිසංසලේ සිත් පුරා සරා
හිත් කොනේ අනන්තයේ ඔබ ලැගුම් අරා
ජීවිතේ බැඳී හිඳින්න ලංවෙලා මගේ ළඟින්ම
නෑ රිදුම් මගේ සෙනේ සදා ආදරේ

වෑහෙනා පැතුම් පිරේවි මත් වෙලා සිතුම්
සීරුවේ සිතින් මවාවී පෙම් නුරා හැඟුම්
මාරුතේ සුසුම් දවන්න ස්නේහයේ පවන් සලන්න
මා ලොවේ සිඳන්ගනා වෙලා ආදරේ

ගිම්හානයේ පිපිච්ච මන්දාරමේ පෙගිච්ච
සන්සුන් සුවින් පිරිච්ච මල් හිනාව මානයේ
සන්සුන් සිතුම් දැනිච්ච මා තුරුණු හිත් පොඩිත්ත
කළඹනා හැගුම් එතිච්ච අරුමයක් ඔහේ දැනී
වසන්තය එපා අනන්තය පුරා
මේ සුරම්‍ය ජීවිතේ හොදා ආදරේ

දෙතොල් තෙලි තුඩින් | Dethol Theli Thudin by Surendra Perera

දෙතොල් තෙලි තුඩින් රස හැඟුම් තවරලා
කොපුල් තල දිගේ හෙමින් අතුරලා
මෙලයට තුරුළුවී හිතේ ඉඩ අරන්
පෙම් සිතුවමක් මැවූ සුපෙම් සිත්තරී
නුවන් කැල්මකින් නුරා වර්ණ දී
ජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී

රෑ දවසේ නොමැකී ලා සඳසේ සැපදී
රෑ මියෙනා මොහොතේ ආයේ හිරුසේ ඇවිදින්
නුවන් කැල්මකින් නුරා වර්ණ දී
ජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී

පාළු යහන් හැරදා සෝ සුසුමන් පලවා
මා යනෙනා කොතැනේ හුස්මක් සේ ඇවිදින්
නුවන් කැල්මකින් නුරා වර්ණ දී
ජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී

දෙතොල් තෙලි තුඩින් රස හැඟුම් තවරලා
කොපුල් තල දිගේ හෙමින් අතුරලා
මෙලයට තුරුළුවී හිතේ ඉඩ අරන්
පෙම් සිතුවමක් මැවූ සුපෙම් සිත්තරී
නුවන් කැල්මකින් නුරා වර්ණ දී
ජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී

සිතින් අද මම හඩන්නේ | Sithin Ada Mama Hadanne by Surendra Perera

සිතින් අද මම හඩන්නේ
නැති නිසයි ඔයා මගේ ජීවිතේ
කලක් ගොස් මට එය වැටහුණේ
කලේ වරදකි ජීවිතේ

ගෙවී ගොසින් දැන් වසර ගණන්
සමාගන්න නෑ දුන්නේ වරම්
සිතත් රිදුම් දෙයි මැරෙන තරම්
ගලක් වගේ සිත දරුණු කරන්
බලා හිඳිමි මම තව මොහොතක්
ඇවිදින් පවසන තුරු වදනක්

හඩා ඉන්න බෑ ලොවට හොරෙන්
සිනාසෙන්නෙ මා හඩන සිතින්
දහස් වරක් මා පතමි හදින්
එක්වෙමු ආයෙත් පුරුදු ලෙසින්
එක සැරයක් ළං වෙන්න පෙමින්
මැරෙන්න යන මොහොතකය කලින්

සිතින් අද මම හඩන්නේ
නැති නිසයි ඔයා මගේ ජීවිතේ
කලක් ගොස් මට එය වැටහුණේ
කලේ වරදකි ජීවිතේ