සළඹ සලා | Salaba Sala by Tashni Perera [2022]

සළඹ සලා ලෙලෙනා තෝඩු දමා
යනවා ඔමරි පපා සොලවා උකුල මෙමා
හාදවෙලා කියනා කෝල කතා
දැනුනා හිතට හොරා දෙනවා ප්‍රේමෙ පුදා
මාගෙ හෘදේ පුරා – ඇන්දු සිත්තම් ඔයා
රඟන රැඟුමන් පවා
මාගෙ හෘදේ පුරා – ඇන්දු සිත්තම් ඔයා
රඟන රැඟුමන් පුරා

සළඹ සලා ලෙලෙනා තෝඩු දමා
යනවා ඔමරි පපා සොලවා උකුල මෙමා
හාදවෙලා කියනා කෝල කතා
දැනුනා හිතට හොරා දෙනවා ප්‍රේමෙ පුදා

බඳ නලවා නේ – ඇස්වහ නෑනේ
තාලෙට පාද තබා
රැඟුම් පපා සල්සා නටන්නේ
රැඟුමට මාගේ – මොණරිය වාගේ
බලනවා ඔයා දිහා
නටා ගයා මගේ පරානේ
මධු පෝනේ තෙමිලා
දිලෙනා තරු ඇස් ගැටිලා
මත් වී ඇලිලා ගැලිලා

සළඹ සලා ලෙලෙනා තෝඩු දමා
යනවා ඔමරි පපා සොලවා උකුල මෙමා
හාදවෙලා කියනා කෝල කතා
දැනුනා හිතට හොරා දෙනවා ප්‍රේමෙ පුදා
මාගෙ හෘදේ පුරා – ඇන්දු සිත්තම් ඔයා
රඟන රැඟුමන් පවා
මාගෙ හෘදේ පුරා – ඇන්දු සිත්තම් ඔයා
රඟන රැඟුමන් පුරා

මධුවිත පානේ – පදමට නෑවේ
ප්‍රේමය තලා පෙලා
එහා මෙහා ගියා කියානේ
කැරකෙන ලෝකේ – අරුමය වාගේ
එනවා හිනා වෙලා
කොලේ වසා වශී වෙලානේ
මධු පෝනේ තෙමිලා
දිලෙනා තරු ඇහැ ගැටිලා
මත් වී ඇලිලා ගැලිලා

සළඹ සලා
මාගෙ හෘදේ පුරා
සළඹ සලා