පාවෙලා කෝඩු ආකාසෙ | Pawela Kodu Akase by Samitha Mudunkotuwa ft. Thilina R [2020]

පාවෙලා කෝඩු ආකාසෙ නැවතෙමින්
ජීවිතේ හීනයක් මම දෝ කියන්
හෙමි හෙමින්
නැවතිලා තව හිතුවොතින්
ඇත්තමයි නුඹ මගේ
අහසම තරම්
කවිකාර හීනය ලඟින්
දඟකාරකම් හිත තියන්
මනමාලයි ආදරෙත් නුඹ තරම්
මනමාලයි ආදරෙත් නුඹ තරම්

නිදිවරන හීනයේ
මතකය දිගේ ගිහින්
සෙනෙහසට ගැඹුරක් එක්කරන්
ඔය නමින්
නුඹ දුන්නු ආදරේ
අරුත සොයනා සිතින්
තව නුඹට ලන් වුනා
හුස්ම වැටෙනා දුරින්

නුපුරුදුම ආදරේ
එක හිතට යා කරන්
නවතින්න හදවතේ
හිතුමතේ දුර ගිහින්
ඉකිබින්ද ජීවිතේ
තනිකම මැකී ගිහින්
තව ඉඩක් නෑ හිතේ
නුඹට දුන්නා තරම්

පාවෙලා කෝඩු ආකාසෙ නැවතෙමින්
ජීවිතේ හීනයක් මම දෝ කියන්
හෙමි හෙමින්
නැවතිලා තව හිතුවොතින්
ඇත්තමයි නුඹ මගේ
අහසම තරම්
කවිකාර හීනය ලඟින්
දඟකාරකම් හිත තියන්
මනමාලයි ආදරෙත් නුඹ තරම්
මනමාලයි ආදරෙත් නුඹ තරම්

පෙනෙන නොපෙනෙන | Penena Nopenena by Athma Liyanage

පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
නුඹ ඇවිත් හිත ලගට හොරෙන්
ආවට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

දකින හිමිවෙන හීනේ
නුඹ කොතැන හිටියා
මතක සැමරුම් අතරේ
ජීවිතේ තිබුනා
හඩන හිනැහෙන නෙත් නුඹේ
උරහිසේ තිබුනා
ඇත්තමයි නුඹ අහසක්
වගේමයි සිතුනා
නුහුරු නුපුරුදු හීන අරන්
ලගට ඇවිදින් තුරුලුවෙමින්
ආවට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

මිරිඟුවක හිත තියලා
නුඹ දුරක ඇදුනා
රංචු ගැහෙනා රෑනේ
තනිකමක් දැනුනා
ඇසිල්ලක දුටු හීනෙන්
සිත හුගක් රිදුනා
අරුත නොදකින සෙනෙහේ
ඔය නමත් රැදුනා

පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
නුඹ ඇවිත් හිත ලගට හොරෙන්
ආවට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
නුඹ ඇවිත් හිත ලගට හොරෙන්
ආවට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
ආයෙමත් ආදරෙන්
ආයෙමත් ආදරෙන්