සත්තයි ඔන්න මං | Saththai Onna Man by Umara ft. La Signore [2021]

සත්තයි ඔන්න මං දැන් ඉන්නේ නම්
ඔබ ගැන හිතන් ගත්තා හද බැඳන්
බන්දා තොරන් නුබ රත්තරන්
නුඹ ඉස්තරම් මා රත් කරන්
උන් හැටි අගෙයි
පෙම ලං කරන් නැටුව තමන්
දැන් පෙම්බරයි
නුබ උන්නා නම් මා ලං කරන්
මගේ හිතේ දුක අද යයි
අපි වින්දා නම් පෙම තද කරන්
මේ ගිනි ගොඩ සැරමයි

විස්සයි විස්ස දැන් ගැහුවා වගේ
පෙම කළඹලයි
නුඹ නම් හරි වසයි මගේ කන රිදෙයි
ආදරේ දඟයි
නුඹ ඉස්තරම් මා රත් කරන්
උන් හැටි අගෙයි
පෙම ලං කරන් නැටුව තමන්
දැන් පෙම්බරයි
නුබ උන්නා නම් මා ලං කරන්
මගේ හිතේ දුක අද යයි
අපි වින්දා නම් පෙම තද කරන්
මේ ගිනි ගොඩ සැරමයි

දැන් දැවෙනා හීනයේ
තරු කැට කොහෙදෝ
නුඹ ලඟ නැති දා කතා
නව හැඟුනාදෝ

මෙන්න මේකයි සීන් එක,

පර්චස් තුනයි, තුනකට හයයි
ඔයයි දැන් ආවොත් තුනකට හතයි,
මෙට්ට නෑ, කොට්ට නෑ කාසි නෑ, වාසි නෑ
හිට් නෑ බොන්න නෑ, බීපු දාට කෑම නෑ.
සරම ඉරුනු දා ඉරුනු සරමේ මල් මසා
උබට මා දුන්නේ වැඩ තමා හැටට
ඉන්නේ දැන් ඔයා
සල්ලි නැත්තන් මා උන්නත් ආදරෙයිනේ මා
අත්න මෙතන කනට වැටෙන කටට රහට
බොරු කතා
අහන්නෙපා ඩාලිං

නුඹ ඉස්තරම් මා රත් කරන්
උන් හැටි අගෙයි
පෙම ලං කරන් නැටුව තවත්
දැන් පෙම්බරයි
නුබ උන්නා නම් මං ලං කරන්
මගේ හිතේ දුක අද යයි
අපි වින්දා නම් පෙම තද කරන්
මේ ගිනි ගොඩ සාරමයි

හාදකම් | Haadakam by Umara Sinhawansa [2021]

ආදරෙයි මා
දැන් හාදකම් යා කෙරේ
සාදරෙන් මාගෙන්
මේ ඇරයුමයි ආදරේ…
ඉන්න මා හා
ළං ළං වීලා
මේ ජිවිත ඇරුණේ
මදපවනැල්ලේ…

කොයිබදැයි මා
යලි ඔබ සොයලා
එමි සංසාරෙ පුරා
හද ඉල්ලා…

ගීතිකාවේ, රන්වියන්ලා
සිනහා සලා
පැවසූ දේ හිතපුරා රැඳිලා…

ඉන්න මා හා
ළං ළං වීලා
මේ ජිවිත ඇරුණේ
මදපවනැල්ලේ…

කොයිබදැයි මා
යලි ඔබ සොයලා
එමි සංසාරෙ පුරා
හද ඉල්ලා…
ගීතිකාවේ රන්වියන්ලා
සිනහා සලා
පැවසූ දේ හිතපුරා රැඳිලා…

මා ඔබේ නම්
ඉම් සදාකල්
ආදරෙන් වෙලී මේ පෙම් ගීතේ
ආලයෙන් මා සාදරෙන් හා
පාළුවෙන් මිදී රෑ දිවා

දරාගමි මම ජීවිතේ | Dara Gami Mama Jiwithe by Umara

ඈත ඉමේ සිට ඔබ
බලා හිඳින බව දැනෙනවා
හුස්ම අතරේ ගැස්ම වී ඔබ
ඉන්න බව මට දැනෙනවා….
මහද ගැඹුරම රිදෙනවා …
රිදෙනවා…

දරුකුසුම් දෑලේ හුරතලේ
දනවන්නෙ මට අපේ ආදරේ
රිදුම් ගිගුම් දෙයි ජීවිතේ
ඒත් දරාගමි මම ජීවිතේ….

දෙදරු හිත් නිතරම සොයන්නේ
උණුහුමයි ඔබේ ආදරේ…
ඔබ හිඳියි තරුවක කෙලවරේ…
මම හිඳිමි දරාගෙන ජීවිතේ…

ඈත ඉමේ සිට ඔබ
බලා හිඳින බව දැනෙනවා
හුස්ම අතරේ ගැස්ම වී ඔබ
ඉන්න බව මට දැනෙනවා….
මහද ගැඹුරම රිදෙනවා . ..
රිදෙනවා…

රණවිරු ප්‍රණාමය | Ranaviru Pranamaya by Umara Sinhawansa [2020]

කොහේදෝ – කොහෙහෝ ඔබ තනින්දෝ
කොහේදෝ – කොහෙහෝ ඔබ තනින්දෝ
පෙම්වතියන් ඇති දුදරුවන් ඇති-මවුපිය බිරිඳන් දිගුකල් දැක නැති
කොහේදෝ ඔබ තනින්දෝ – කොහේදෝ

අප නොම විදිනා දුක් ගැහැටය ඔබ
අප නොම දකිනා ලේ කදුලය ඔබ
මොහොතක දිලෙනා මිණි පහනය ඔබ
මොහොතින් නිවෙනා ගිනි දැල්ලය ඔබ
යුධබිය මරබිය මටමෙන් ඔබටත්
නැතිදෝ – කොහෙහෝ ඔබ තනින්දෝ

නිදි ආවර්ජිත විඩා දෙනෙත ඔබ
රට දැය රකිනා අප සම්පත ඔබ
කුරිරු ලොවේ අති උතුමන් වේ ඔබ
සාමයේ නාමෙන් දිවිපුදනා ඔබ
සතුරන් පරදන නිදහසේ ධාතම
ලගදෝ-කොහෙහෝ ඔබ තනින්දෝ

විරභවේ නිසි සංකේතය ඔබ
අප රකිනා මහ මිනිස් බලය ඔබ
රතු පලසක් මත පා වඩනා ඔබ
සදා සුවෙන් සැරදේ රණවිරු ඔබ
යුධබිම වියරුය සැරදේවා ඔබ
රණවිරුවරුනේ මගේ ප්‍රණාමය.

කොහේදෝ – කොහෙහෝ ඔබ තනින්දෝ
කොහේදෝ – කොහෙහෝ ඔබ තනින්දෝ
පෙම්වතියන් ඇති දුදරුවන් ඇති-මවුපිය බිරිඳන් දිගුකල් දැක නැති
කොහේදෝ ඔබ තනින්දෝ – කොහේදෝ

සබඳේ | Sabande by Umara Sinhawansa ft. Dumal Warnakulasuriya [2019]

සබඳේ නොසිතු සේ උන්මාදවී මෙලෙසේ
සොඳුරේ නොසිතු සේ ශ්‍රුන්ඝාර වේ රැය මේ
පෙරදා මසිතේ පාට තැවරූ ඔබද මේ
මිහිරේ හිත කැළඹේ හීන අතරේ විසිරිලා

අනුරා සුපෙම් ගී සුළගේ ඇසේවා තරිඳා සළු උනාලු මේ රෑ
නොදවා නුරාවෙන් රැය දැන් ගෙවේවා සුව වී සිත නිවේවා සීතේ
සේපාලිකා යායේ සුවඳට මා යාවේ මේ සීත මායාවේ උණුහුම නෑ කාගේ
සඳ එළියේ මා දැවේ

මධු රෑ මහෝගේ අද නෑ උදාවී සබඳේ ඇයි මුළාවී මේ රෑ
පිබිදී ප්‍රමෝදේ දෙසිතක් බැඳේවා තුරුළේ රැය ගෙවේවා පෑහී
තාරුණ්‍ය මායාවේ හීනෙන්ද රෑ පානේ
සෝ තාප සංකාවේ ගිලෙමුද රෑ යාමේ
නිදි නැති රෑ මා දැවේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here