සත්තයි ඔන්න මං | Saththai Onna Man by Umara ft. La Signore [2021]

සත්තයි ඔන්න මං දැන් ඉන්නේ නම්
ඔබ ගැන හිතන් ගත්තා හද බැඳන්
බන්දා තොරන් නුබ රත්තරන්
නුඹ ඉස්තරම් මා රත් කරන්
උන් හැටි අගෙයි
පෙම ලං කරන් නැටුව තමන්
දැන් පෙම්බරයි
නුබ උන්නා නම් මා ලං කරන්
මගේ හිතේ දුක අද යයි
අපි වින්දා නම් පෙම තද කරන්
මේ ගිනි ගොඩ සැරමයි

විස්සයි විස්ස දැන් ගැහුවා වගේ
පෙම කළඹලයි
නුඹ නම් හරි වසයි මගේ කන රිදෙයි
ආදරේ දඟයි
නුඹ ඉස්තරම් මා රත් කරන්
උන් හැටි අගෙයි
පෙම ලං කරන් නැටුව තමන්
දැන් පෙම්බරයි
නුබ උන්නා නම් මා ලං කරන්
මගේ හිතේ දුක අද යයි
අපි වින්දා නම් පෙම තද කරන්
මේ ගිනි ගොඩ සැරමයි

දැන් දැවෙනා හීනයේ
තරු කැට කොහෙදෝ
නුඹ ලඟ නැති දා කතා
නව හැඟුනාදෝ

මෙන්න මේකයි සීන් එක,

පර්චස් තුනයි, තුනකට හයයි
ඔයයි දැන් ආවොත් තුනකට හතයි,
මෙට්ට නෑ, කොට්ට නෑ කාසි නෑ, වාසි නෑ
හිට් නෑ බොන්න නෑ, බීපු දාට කෑම නෑ.
සරම ඉරුනු දා ඉරුනු සරමේ මල් මසා
උබට මා දුන්නේ වැඩ තමා හැටට
ඉන්නේ දැන් ඔයා
සල්ලි නැත්තන් මා උන්නත් ආදරෙයිනේ මා
අත්න මෙතන කනට වැටෙන කටට රහට
බොරු කතා
අහන්නෙපා ඩාලිං

නුඹ ඉස්තරම් මා රත් කරන්
උන් හැටි අගෙයි
පෙම ලං කරන් නැටුව තවත්
දැන් පෙම්බරයි
නුබ උන්නා නම් මං ලං කරන්
මගේ හිතේ දුක අද යයි
අපි වින්දා නම් පෙම තද කරන්
මේ ගිනි ගොඩ සාරමයි

දරාගමි මම ජීවිතේ | Dara Gami Mama Jiwithe by Umara

ඈත ඉමේ සිට ඔබ
බලා හිඳින බව දැනෙනවා
හුස්ම අතරේ ගැස්ම වී ඔබ
ඉන්න බව මට දැනෙනවා….
මහද ගැඹුරම රිදෙනවා …
රිදෙනවා…

දරුකුසුම් දෑලේ හුරතලේ
දනවන්නෙ මට අපේ ආදරේ
රිදුම් ගිගුම් දෙයි ජීවිතේ
ඒත් දරාගමි මම ජීවිතේ….

දෙදරු හිත් නිතරම සොයන්නේ
උණුහුමයි ඔබේ ආදරේ…
ඔබ හිඳියි තරුවක කෙලවරේ…
මම හිඳිමි දරාගෙන ජීවිතේ…

ඈත ඉමේ සිට ඔබ
බලා හිඳින බව දැනෙනවා
හුස්ම අතරේ ගැස්ම වී ඔබ
ඉන්න බව මට දැනෙනවා….
මහද ගැඹුරම රිදෙනවා . ..
රිදෙනවා…

පරණ නාඩගම් | Parana Nadagam by Sachith Peiris ft. Umara [2020]

ජන ගීතයක් උනා මුලු ජීවිතේ
රස සී පදෙන් තමා ලස්සන කරේ
වම් ඉවුරේ පාවෙලා ආවේ සේ ගීය සේ

පරණ නාඩගම් මඩුව කෝ ඉතිං කිඳුරු නටන්නං මං
පරණ නාඩගම් මඩුව කෝ ඉතිං කිඳුරු නටන්නං මං

දෙවියන් වැන්දා දෙවියන් වැන්දා
දෙවියන් පල්ලා වැහිබිඳු දුන්නා

ගම්මානේ ආයේ ආයේ
ගංදෑලේ හමුවෙලා
මයෙ මැණිකේ ආයේ ආයේ
කාර මාලේ පලදිල්ලා

පරණ නාඩගම් මඩුව කෝ ඉතිං කිඳුරු නටන්නං මං
පරණ නාඩගම් මඩුව කෝ ඉතිං කිඳුරු නටන්නං මං

දෙවියන් වැන්දා දෙවියන් වැන්දා
දෙවියන් පල්ලා වැහිබිඳු දුන්නා

ජන ගීතයක් උනා මුලු ජීවිතේ
රස සී පදෙන් තමා ලස්සන කරේ
වම් ඉවුරේ පාවෙලා ආවේ සේ ගීය සේ