සුසුමට | Susumata Susumak by Sanka Dineth ft. Uresha Ravihari

කොඳ මල් ඇතිරූ සඳ යහනාවේ
සතපා සනසන්නම්
ඔබෙ සිත මද සිහිලෙන් නිවුනාවේ
සිහිනය අඩ නින්දේ තිබුනාවේ
මතකේ නැලවෙන්නම්
අපෙ හඬ විතරක් මට ඇහුනාවේ

නිහඬතාවේ වයන්නේ සංගීතේ
නිහඬතාවේ වයන්නේ සංගීතේ
නිහඬතාවේ වයන්නේ සංගීතේ
නිහඬතාවේ වයන්නේ සංගීතේ

සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය
සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය
සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය
සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය

තුරු වියනට පිනිකැට වැටෙනා විට
ඒ හඬ කවියකි නිසංසලේ
දිය කඳුරක පොඩි පෙන නැගෙනා විට
සන්ධ්වනියකි පෙම් ප්‍රගීතයේ
නිහඬතාවේ වයන්නේ සංගීතේ
නිහඬතාවේ වයන්නේ සංගීතේ

සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය
සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය
සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය
සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය

අපටම වෙන්වුනු මේ නිදි නැති රෑ
බවුන් වඩනවා හෙමින් සැරේ
කිසිදා නොසිදෙන ආදර උල්පත
ගලා හැලෙන හැටි හදින් හදේ
නිහඬතාවේ වයන්නේ සංගීතේ
නිහඬතාවේ වයන්නේ සංගීතේ

සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය
සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය
සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය
සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය

written by Nilar N Kasim

උන්නා එක | Unna Eka by Uresha Ravihari

උන්නා එක ගංගාවක රන්වන් පුංචි මාළුවෝ
උන් කී මේ කතන්දරේ අක්කේ දැන් අහන්නකො
අක්කා වගේ රූපෙන් යස මල් මල් මුතු කුමාරිකා
කැන්දන් යන්න ආවලු අහසේ හිරු කුමාරයා

ඒ කතන්දරේ හිරු කුමාරයා වාගේ කවුරු හෝ එයි අපේ දිහා
රාජ තේජසින් අශ්වයා පිටින් ආවොතින් එයා මන් හඬාවී දෝ
පුංචි නංගියා හඬවලා අනේ ඒ කුමාරයා එක්කලා ඉතින්
අක්කා යන්න යාවි දෝ

මෙන්න මේ වගේ අක්කලා නිසා රෑට රෑට හෝ මල් පිපෙන්නේලු
මුතු ලතා වගේ ඔය සිනා සලා ඒ පිපිච්ච මල් පර නොවේවිලු
මෙන්න මේ වගේ නංගිලා නිසා අක්කලා ලොවේ වාසනාවියෝ
හා හා වාසනාවියෝ

සිතට සියුමැලි| Sithata Siyumali by Uresha ft.Dumal Warnakulasuriya

සිතට සියුමැලි ගීතයක් වගේ…
ජිවිතේට ආදරය ගෙනා
හැමතැනම පෙනේ සිත ලගම රැදේ…
ආදරයට ජීවිතය ගෙනා

සිතට සියුමැලි ගීතයක් වගේ…
ජිවිතේට ආදරය ගෙනා
හැමතැනම පෙනේ සිත ලගම රැදේ…
ආදරයට ජීවිතය ගෙනා

මඟ හැරුණු ජිවිත සැමරුම්…
පිටු අතරින් ඔබ හමු වූවා
හිත අද්දර ඉන්නා තනිකම…
සඳ වතුරේ ඉකි බින්දා

චමත්කාර ජිවිතේ…
හමුවන්නට පැතුමන් පිරුවද
සිතේ තනිවුන ආදරේ…
සගවා අප සිටියා

සිතට සියුමැලි ගීතයක් වගේ…
ජිවිතේට ආදරය ගෙනා
හැමතැනම පෙනේ සිත ලගම රැදේ…
ආදරයට ජීවිතය ගෙනා

සිතට සියුමැලි ගීතයක් වගේ…
ජිවිතේට ආදරය ගෙනා
හැමතැනම පෙනේ සිත ලගම රැදේ…
ආදරයට ජීවිතය ගෙනා

විලෙක නෙලුම් පිපෙන සැදැවේ…
ඔබේ සිනහව යලි රැදෙනවා නම්
විහග ගීත ඇසෙනා මානේ…
ඔබේ කටහඩ යලි ඇසෙනවනම්

ඈතයි මාගේ පීදෙන තුරු මත…
රටා මවන සිතුවිලි අතරේ
හිතේ තනි වුන ආදරේ…
සගවා ගෙන සිටියා

සිතට සියුමැලි ගීතයක් වගේ…
ජිවිතේට ආදරය ගෙනා
හැමතැනම පෙනේ සිත ලගම රැදේ…
ආදරයට ජීවිතය ගෙනා

සිතට සියුමැලි ගීතයක් වගේ…
ජිවිතේට ආදරය ගෙනා
හැමතැනම පෙනේ සිත ලගම රැදේ…
ආදරයට ජීවිතය ගෙනා

ලියු කවි පද | Liyu Kavi Pada by Krishantha Erandaka & Uresha Ravihari

ලියු කවි පද දහක් අතරේ

ලියාගන්නට බෑරිව ලතෑවුනු
එකම එක දිග පුන්චි කවියක්
තවම ලියනවා මන්
තවම ලියනවා මන්
නුඹේ සුවද රෑදී පපුව ගෑඹුරේ
කියාගන්නට බෑරිව සිරවුනු
එකම එක දිග පුන්චි පෑතුමක්
තවම පතනවා මන්
තවම පතනවා මන්

උනුසුමක් රෑදි පළල් උරයක

වෙලී සෑතපි නිදන යුගයක
නුඹේ සුසුමක් සමග මියෑදී
‍යන්න තිබුනා නම්
මගෙ දෙනෙත් පෙති තෙමා රිදවන
කදුලු නෑ එහෙනම්

සදවතක රෑදි සදලුතලයක

තරු කෑටක් වී වෑටුනු දවසක
ලතෙත් සෙනෙහස නුඹේ සිත ලග
රෑදී නොතිබුනි නම්
මගෙ දරදඩු පිරිමි හිත යට
කදුලු නෑ එහෙනම්
ලියු කවි පද දහක් අතරේ
ලියාගන්නට බෑරිව ලතෑවුනු
එකම එක දිග පුන්චි කවියක්
තවම ලියනවා මන්
තවම ලියනවා මන්


නුඹේ සුවද රෑදී පපුව ගෑඹුරේ
කියාගන්නට බෑරිව සිරවුනු
එකම එක දිග පුන්චි පෑතුමක්
තවම පතනවා මන්
තවම පතනවා මන්
හා හා හා හා
හා හා හා හා