පාවේ වලා | Pawe Wala by Victor Rathnayaka

පාවේ වලා – ඈත කඳු බලා
පෑ ආදරේ අමා – මා හද මවා
මා හද මවා – මා හද මවා

පාවේ වලා – ඈත කඳු බලා
පෑ ආදරේ අමා – මා හද මවා
මා හද මවා – මා හද මවා

කඳුලැල්ලෙන් හසරැල්ලෙන් – සිහින මැවෙනවා
ජීවිතයේ මිහිරි සුවේ – මහද නැගෙනවා
ආලෝකෙ විහිදා සංකා නැසේ – සුසුම් රැල් මැකේ
නුවන් දිය සිඳේ – පහන් පෙම දිලේ

පාවේ වලා – ඈත කඳු බලා
පෑ ආදරේ අමා – මා හද මවා
මා හද මවා – මා හද මවා

හාදව පෙම් බැන්ද රුවින් – පාළුව මැකුනා
ආදර ලොව අන්ධ නොවේ – දෙහදක නැගෙනා
දෑසේ මැවේ ආදරේ මල් හිනා – තුටින් පිරි ලොවේ
සහන් එලි නැගේ – පහන් පෙම දිලේ

පාවේ වලා – ඈත කඳු බලා
පෑ ආදරේ අමා – මා හද මවා
මා හද මවා – මා හද මවා

Written by Meegoda Wilson

pawe wala lyrics , pawe wala song lyrics , pawe wala chords

සඟවා ගනු මැන | Sangawa Ganu Mana by Victor Rathnayaka

සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියේ
අනිකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයි
මා හද බිය වී – සැළී සැළී යයි

සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියේ
අනිකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයි
මා හද බිය වී – සැළී සැළී යයි

මහ වන පියසෙක – අඳුරු ගුහාවෙක
යම් දිනයෙක ඔබ සඟවා තබනෙම්
හිරු රැස් බිඳැකුදු ඔබෙ රුව දුටු සඳ
ඉරිසියාවෙන් පිරැවේ මා හද

සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියේ
අනිකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයි
මා හද බිය වී – සැළී සැළී යයි

සොමි සඳ වත ලෙස රුසිරු නොවිණි නම්
දහසක් නෙත් ඔබ දුටුවද කම් නැත
එනමුදු ඊයේ මට පෙන්වූ රුව
තව නෙත් දෙකකට හිමි විය යුතු නැත

සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියේ
අනිකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයි
මා හද බිය වී – සැළී සැළී යයි

සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියේ
අනිකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයි
මා හද බිය වී – සැළී සැළී යයි

නීල බිඟු කැල | Neela Bingu Kala by Victor Rathnayaka

නීල බිඟු කැල තාම රස පෙල
ආදරෙන් සනසාලා..
තිසර තුඩු මුදු තඹර පහසින්
මෝහනය වීලා

නීල බිඟු කැල තාම රස පෙල
ආදරෙන් සනසාලා..
තිසර තුඩු මුදු තඹර පහසින්
මෝහනය වීලා

මාරුතේ මතුරා යතේ
සුරඟුන් නැගූ මුකුළු
මාවතේ අතුරා ඇතේ
සුරඟුන් නෙලූ කැකුළු
සුරඟුන් නෙලූ කැකුළු

නීල බිඟු කැල තාම රස පෙල
ආදරෙන් සනසාලා
තිසර තුඩු මුදු තඹර පහසින්
මෝහනය වීලා

ජීවිතේ කිරි සාගරේ
කළඹා දිනූ කිදුරී
මීවිතේ මදිරා සොරා
සඟවා නොයන් සොදුරී
සඟවා නොයන් ‍සොඳුරී

නීල බිඟු කැල තාම රස පෙල
ආදරෙන් සනසාලා
තිසර තුඩු මුදු තඹර පහසින්
මෝහනය වීලා

පෙම්වතියයි ඔබ | Pemwathiyai Oba by Victor Rathnayaka

පෙම්වතියයි ඔබ
මන් සන්තක වූ
රැවටිලි කරන්නෙපා
ඇසුරු කරන්නට බැහැ මට කිසි දා
ඔබ මිතිරියක ලෙසින්
පෙම්වතියයි ඔබ
මන්සන්තක වූ

සන්සුන් කර ලත්
ආයාසයකින්
සුපුරුදු බොලද තෙපුල්
දොඩමලු වී ඇත
නෙත් මා අභියස
නොදැනෙයි නුඹට හොරා

පෙම්වතියයි ඔබ
මන් සන්තක වූ
රැවටිලි කරන්නෙපා
ඇසුරු කරන්නට බැහැ මට කිසි දා
ඔබ මිතිරියක ලෙසින්
පෙම්වතියයි ඔබ
මන්සන්තක වූ

තැන්පත් කරගත්
ඉරියව් ඉගි බිගි
ඉදහිට අමතක වී
කෙලිලොල් යුවතිය
එබිකම් කරමින්
මා ලග අදත් ඉදි

පෙම්වතියයි ඔබ
මන් සන්තක වූ
රැවටිලි කරන්නෙපා
ඇසුරු කරන්නට බැහැ මට කිසි දා
ඔබ මිතිරියක ලෙසින්
පෙම්වතියයි ඔබ
මන්සන්තක වූ

තනිතරුවේ | Thani Tharuwe by Victor Rathnayake

තනිතරුවේ
තනි තරු‍වේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා

තනිතරුවේ
තනි තරු‍වේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා

නෙතඟ නෙතඟ පැටලි පැටලි
මුවඟ මුවඟ ඇලලි ඇලලි…

ෙතඟ නෙතඟ පැටලි පැටලි
මුවඟ මුවඟ ඇලලි ඇලලි…

මෙතෙක් දුරක් එක් වී පැමිණී…

තනිතරුවේ
තනි තරු‍වේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා

මහඳ අරනෙ ලතැවි ලතැවි
රැදෙනු බැරිව ඉගිලි ඉගිලි…

මහඳ අරනෙ ලතැවි ලතැවි
රැදෙනු බැරිව ඉගිලි ඉගිලි…

මගෙන් ඉවත බැඳිලා සැනසී…

තනිතරුවේ
තනි තරු‍වේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා

තනිතරුවේ
තනිතරුවේ
තනිතරුවේ
තනිතරුවේ