හදවත ගැහෙනා | Hadawatha Gahena by Viraj Perera

දෑසේ ඔය රුව මැවිලා..
නෑ ලඟ සැනසුම රැදිලා..
කාලය හෙමිහිට ගෙවිලා..
යයි තව අපි දුර ඇදිලා..

හදවත ගැහෙනා..ගැහෙනා මොහතක් පාසා..
මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා..
ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා..
මේ සංසාරේ ඔබ සතුටයි මට ඕනා..

රෑ අහසේ තරු නෑ දැන් හිනැහෙන්නේ..
ඔබ කොහෙදෝ මා හැරදා අද ඉන්නේ..
මගෙ ලෝකේ ඔබ පමණයි මට උන්නේ..
ඔබ ගියදා දුක විතරයි මට ලැබුණේ..

පාළුවේ තනිවෙලා මා ඉන්නවා..
ඔබ ලඟින් උන්නු කාලයේ..
දුන් ආදරේම ජීවිතේ වෙලා..

හදවත ගැහෙනා…

මා දන්නා කවුරුත් නැහැ ඔබ වාගේ..
දුක දන්නේ කවුරුද මගෙ ඇස්වාගේ..
සැනසෙන්නම් උන්නා නම් නෙතු මානේ..
මියැදෙන්නම් ලඟටම වී ඔය තුරුලේ..

පාළුවේ තනිවෙලා මා ඉන්නවා..
ඔබ ලඟින් උන්නු කාලයේ..
දුන් ආදරේම ජීවිතේ වෙලා..

තහනම් | Thahanam by Viraj Perera

තහනම් දැන් මට ඔයාගෙ
රූපෙ පේනා තැනක ඉන්නත්
මේ ලෝකේ පවුරු බැදිලා අප වටා…
මේ ගෙවෙනා මොහොත ගානේ…
ඔබව යාවී දුරට මාගේ
පුලුවන් නම් තබමි කාලේ නවතලා…

අපි ආයේ හමු වෙන්නෙ
කවදාදෝ නෑ දන්නේ
එතකල් ඉන්නවා මග බලා…
මා ඉන්නේ ලතැවිල්ලේ
හිත ඇතුලේ ගිනි දැල්වේ
ඔබ දන්නෑ මගේ වේදනා

තහනම් දැන් මට ඔයාගෙ
රූපෙ පේනා තැනක ඉන්නත්
මේ ලෝකේ පවුරු බැදිලා අප වටා…
මේ ගෙවෙනා මොහොත ගානේ…
ඔබව යාවී දුරට මාගේ
පුලුවන් නම් තබමි කාලේ නවතලා…

ඈයී දෝ මේ බාධා
අපි කාටත් නෑ වරදක් කරලා…
මේ කදුලක් පාසා
ප්‍රෙම තව වැඩි වුනා…

නෑ අන්සතු වෙන්නෙ…
ඔබ මා ඉන්නා තුරු මේ ලෝකේ…
ඒ බව දිවුරන්නම්
ඔබ දුක් වෙන්නෙපා
අන්සතු වෙයි කියා
හිතන්නත් එපා
සදාකල් මගේමයි ඔයා…

ආදරයේ නාමෙන්
මෙතාක් කල් වින්දේ දුක විතරයි
ඒ ගැන වෙන කවුරුත්
නැහැ තේරුම් ගන්නේ…
ජීවිතයම මාගේ…
පවතින්නෙ ඔබෙ සෙනෙහේ හින්දා
මා හැර ඔබ ගියොතින්
අසරණ වේවි මා
ඉතින් කිසිම දා
වෙනස් වෙන්නෙපා
සදාකල් මගේමයි ඔයා

තහනම් දැන් මට ඔයාගෙ
රූපෙ පේනා තැනක ඉන්නත්
මේ ලෝකේ පවුරු බැදිලා අප වටා…
මේ ගෙවෙනා මොහොත ගානේ…
ඔබව යාවී දුරට මාගේ
පුලුවන් නම් තබමි කාලේ නවතලා…

අපි ආයේ හමු වෙන්නෙ
කවදාදෝ නෑ දන්නේ
එතකල් ඉන්නවා මග බලා…
මා ඉන්නේ ලතැවිල්ලේ
හිත ඇතුලේ ගිනි දැල්වේ
ඔබ දන්නෑ මගේ වේදනා