නිවහල් සිතුවිලි | Niwahal Sithuwili by W. D. Amaradewa

නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි
නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි

එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි

නිදා නොහිඳ යලි පිබිදී අහස බලන්නෙ
නවෝදයේ තෙද ‍රැඳි හිරු පිපී දිලෙන්නෙ
නිදා නොහිඳ යලි පිබිදී අහස බලන්නෙ
නවෝදයේ තෙද ‍රැඳි හිරු පිපී දිලෙන්නෙ

පිදෙන හෙළ රන් ගොයමේ සිරිය උදාරයි
හෙළ නෙත සිත සනහා නව සිහින සදාලයි
පිදෙන හෙළ රන් ගොයමේ සිරිය උදාරයි
හෙළ නෙත සිත සනහා නව සිහින සදාලයි

එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි

w d amaradewa,w.d amaradewa,amaradewa,amaradewa songs,amaradewa master,aradana,amaradewa song collection,neela warala,sada tharu nihadai,babareku awai,kumariyaka pa,midada hee sara,malahiru basina,tharu arundathi,sadatharu nihadai,wakkada laga,ran dahadiya,sanath prasanna,ira hada payana,peradinayaka ma,bindu bindu ran,kadulu kiri powa,ma dan mahalu wiye,sannaliyane,bodiyen wata,gilem obe guna,sada horen horen,sana beat,kolomthota,thatha unath

කොළොම්තොට නැත | Kolomthota Natha by W. D. Amaradewa

කොළොම්තොට නැත මහළු වී
අවන් හල නැත පැරණි වී
එදා හඳමයි අදත් යෞවනයේ
එහෙත් අප දෙදෙනා
බලන් කැඩපත සොඳුරියේ

පෙරුම් පුරමින් හමුවෙලා
උනුන් රහසින් බැන්ද ආදර පෙම්
බලන් කැඩපත සොඳුරියේ
පාට වත්සුනු දෙකොපුලෙන් පිසදා

කොළොම්තොට නැත මහළු වී
අවන් හල නැත පැරණි වී
එදා හඳමයි අදත් යෞවනයේ
එහෙත් අප දෙදෙනා
බලන් කැඩපත සොඳුරියේ

කුඹ ගසක්‌ උඩ නැවතිලා
සිනහා තලමින් සඳේ ඇයි සරදම්
බලන් කැඩපත සොඳුරියේ
කුමන අරුමද නර කෙසත් නැගිලා

කොළොම්තොට නැත මහළු වී
අවන් හල නැත පැරණි වී
එදා හඳමයි අදත් යෞවනයේ
එහෙත් අප දෙදෙනා
බලන් කැඩපත සොඳුරියේ

බිංදු බිංදු රන් | Bindu Bindu Ran by W. D. Amaradewa

බිංදු බිංදු රන් – ගෝ්මර මාලා
බන්දා ගෙල වට – ඔමරි ලතාවට
කන්දෙන් පාවී – ලන්දට බසිනා
රන් වන් රන් වන් – මගෙ රන් කිකිළි
රන් වන් රන් වන් රන් කිකිළි

හුරු නැති මගක ගොස් උගුලක වැටෙනු එපා
කළුවර ගළද්දී තනි මග ඇදෙනු එපා
සිරිකත මැවූ සිරි දෙනයන වසනු එපා
පිරිවර සොයා මා තනි කර යන්න එපා

කුන්ද සමන්පෙති -සුවද හළාලා
රන් හිරු රැස් කෙදිි – දෙරණ සිඹින විට
මන්දැයි තවමත් – ලන්දට නාවේ
රන් වන් රන් වන් – මගෙ රන් කිකිළි
රන් වන් රන් වන් රන් කිකිළි

විකසිත පෙම් | Vikasitha Pem by W. D. Amaradewa

විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ

විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ

හිතේ කඳුලු බිඳු රෑ තනි යහනේ
ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙනේවා

විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ

තනිකම රජයන පාළු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබෙ දිවි අරණේ පැතුම් විජිතයේ
මැණික්‌ පහන් වැට දැල්වේවා

විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ

ආදර හැඟුම් | Adara Hangum by W. D. Amaradeva

ආදර හැඟුම් ආදර හැඟුම්
නුපුරුදුයි මට නුපුරුදුයි ඒ හැඟුම්
ආදර හැඟුම් ආදර හැඟුම්
කිතිකවයි හද කිතිකවයි ඒ හැඟුම්
ආදර හැඟුම් ආදර හැඟුම්
ආදර හැඟුම්

සැඳෑ අඳුරේ සැළෙන තරු එළි
මගේ හද තුළ කරයි විමසිලි
සැඳෑ අඳුරේ සැළෙන තරු එළි
මගේ හද තුළ කරයි විමසිලි
නැගෙන ගනඳුර වඩයි සිතුවිලි
මේ මඟුල් රෑ බිඳෙයි ඉවසිලි

ආදර හැඟුම්
ආදර හැඟුම්
ආදර හැඟුම්

කිමද ඔබ මල් කුමරියන්නේ
පෙති විදා සතුටින් නොඉන්නේ
රහස නැතිවද මං නොදන්නේ
තුරුළෙ බමරුන් නොවෙද ඉන්නේ

ආදර හැඟුම්
ආදර හැඟුම්
ආදර හැඟුම්
ආදර හැඟුම්
ආදර හැඟුම්
ආදර හැඟුම්

සුදු නෙළුම කෝ | Sudu Neluma Ko by W. D. Amaradewa

සුදු නෙළුම කෝ
සුදු නෙළුම කෝ සොර බොර වැවේ
මල් සුවඳ දුන් මහියංගනේ
පුන් පෝයදා පාළොස්වක
මල් නෙළා විකිණූ පන්සලේ


වැවට කළුවර යා වුනා
සංසාර දුක බෝවුණා
වැවට කළුවර යා වුනා
සංසාර දුක බෝවුණා

නෙළූ මල් මිට ඉහිරුණා
එහා ඉවුරට පා වුණා


සුදු නෙළුම කෝ සොර බොර වැවේ
මල් සුවඳ දුන් මහියංගනේ

සිහින් සිරි පොද වෑහුණා
ඉවුරු දෙකොපුල සේදුනා
සුදු නෙළුම් මල දෑස පියවී
මෙහා ඉවුරට පාවුනා


සුදු නෙළුම කෝ සොර බොර වැවේ
මල් සුවඳ දුන් මහියංගනේ
පුන් පෝයදා පාළොස්වක
මල් නෙළා විකිණූ පන්සලේ

සුදු නෙළුම කෝ

තණ්හා ආශා | Thanha Asha by W. D. Amaradewa

තණ්හා ආශා
තණ්හා ආශා ඔලොගු කරේ ලා
මඟ තොට නොබලා වගතුග නොසොයා
එළිය දකින්නද මේ යන්නේ
ඒ… සැපත සොයන්නද මේ යන්නේ
කතරේ… ඒ…
ගිනිගත් වැලි තලයේ
තණ්හා ආශා

උතුරන ගංගා නියඟය ආදා
උතුරන ගංගා නියඟය ආදා
වියළී යනවා ගහකොල මැලවී
වියළී යනවා ගහකොල මැලවී
මල් හට ගන්නා වසන්තයම නෑ
මල් හට ගන්නා වසන්තයම නෑ
හැමදා…
අප යන මේ ගමනේ
තණ්හා ආශා

අඳුරෙන් ගැළවි
එළිය සොයන්නෝ
හැමදා අඳුරේ අඳුර දකින්නෝ
අඳුර දකින්නෝ
දිවියේ සාරය
දිවියේ සාරය මෙපමණි ඇත්තේ
අඳුරේ… ඒ…
අප හැම වල්මත් වී
තණ්හා ආශා

සැපත විනෝදේ උපත කඳුළ වේ
විපත පියා වේ මේ ලොව සැපතේ
සැපත විනෝදේ උපත කඳුළ වේ
විපත පියා වේ මේ ලොව සැපතේ
පිය පුතු දෙදෙනා එකටයි ඉන්නේ
කිසිදා… ආ…
නැත උන් වෙන් වන්නේ

තණ්හා ආශා ඔලොගු කරේ ලා
මග තොට නොබලා වගතුග නොසොයා
එළිය දකින්නද මේ යන්නේ
ඒ… සැපත සොයන්නද මේ යන්නේ
කතරේ… ඒ…
ගිනිගත් වැලි තලයේ
තණ්හා ආශා

ආරාධනා | Aradhana by W. D. Amaradeva

ආරාධනා
ආරාධනා

ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙළන හදවත සනහා
අතීතයේ ගිලිහී ගිය සතුට
රැගෙන යළි වඩින්න
ආරාධනා
ආරාධනා

නෙළු සුපෙම් කැටයම් හද පවුරුතලාවේ
මැකී ගියාදෝ – කාලයේ වෙරළේ
ජීවිතයේ දිගු ගමනේ අනාථ වූ දා
සෙනේහයේ සත් පියුමන් යළිඳු පිපේවා
ආරාධනා
ආරාධනා

එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ
ඔබේ උණුසුමේ යළිදු උපන්නෙම්
බිඳුණු එවන් රජ දහනින් සමුගෙන යනදා
ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා
ආරාධනා
ආරාධනා