ආඩම්බරී | Adambari by W. D. Ariyasinghe

කඳුලක උණුසුම නෙත ළඟ වැන්නී ආඩම්බරී
සෝබන මුහුනේ සඳ රැස් අතරේ ඉන්නට නෑ
මගෙ සිරි යහනේ මගෙ ළඟ තනියට අද ඔබ නෑ

කඳුලක උණුසුම නෙත ළඟ වැන්නී ආඩම්බරී
සෝබන මුහුනේ සඳ රැස් අතරේ ඉන්නට නෑ
මගෙ සිරි යහනේ මගෙ ළඟ තනියට අද ඔබ නෑ

චංචල ඔබේ සිත ආයේ
මා පෙම අල්ලන්නේ නෑ
කදුලැලි නගනා කාලේ
මට තව ඉවසන්න බෑ
හදවත කකියන රාවේ
ඔබ හට නෑසේවි දෝ
සුසුමන් කලබන මාගේ ආඩම්බරී

හිරිපොද වැස්සේ මේ රෑ තිස්සේ
තෙමෙන්නට බෑ
දෑගිලි පතලා දිව ගිය මතකය
අමතක නෑ
සුසුමන් කලබන මාගේ ආඩම්බරී

උකුලට බර දී ආයේ
ප්‍රේමය විදගන්න බෑ
දෙතොලට සුවදුන් ප්‍රේමේ
මේ දුක උහුලන්න බෑ
නලලට සිපගත් ආලේ
ආයෙත් දැනෙන්නේ නෑ

මගේ හිත රිදවූ මාගේ ආඩම්බරී
සරසවි සෙවනේ ඔබ දුන් සෙනෙහේ අමතක නෑ
කාටත් නොදැනී නලලට තිලකය
තියනට බෑ
මගේ හිත රිදවූ මාගේ ආඩම්බරී

ඔබටමයි මගේ ආදරේ | Obatamai Mage Adare by W. D. Ariyasinghe

ඔබටමයි මගෙ ආදරේ දුන්නේ..
මගෙ ජීවිතේ මා සදා.. තනි වුනේ
ඔබටමයි මගෙ ආදරේ දුන්නේ..
මගෙ ජීවිතේ මා සදා.. තනි වුනේ

මගේ ලෝකේ සතුටත් ඔබයි
දුක් ගීතයත් ඔබ තමයි
මේ ගීයත් ඔබටමයි මා ප්‍රියේ

ඔබ නෑ මා පතා
මා පැතූම් සුන් වුනා
ආදරේ මා පිදූ
ඔබට නෑ තේරුනේ
පාරිසුද්දයි සදා
මා පිදූ ආදරේ

ඔබටමයි මගෙ ආදරේ දුන්නේ..
මගෙ ජීවිතේ මා සදා.. තනි වුනේ

මගේ ලෝකේ සතුටත් ඔබයි
දුක් ගීතයත් ඔබ තමයි
මේ ගීයත් ඔබටමයි මා ප්‍රියේ

හිරු නෑ පෑයූවේ
හිත නෑ ලතවුනේ
නුහුරු මේ පාලුවේ
ජීවිතේ නැවතුනේ
තවම මා එතැනමයි ජීවිතේ මාවතේ

ඇයි මා හැරදා ගියේ
ඔබටමයි මගෙ ආදරේ දුන්නේ..
මගෙ ජීවිතේ මා සදා.. තනි වුනේ

මගේ ලෝකේ සතුටත් ඔබයි
දුක් ගීතයත් ඔබ තමයි
මේ ගීයත් ඔබටමයි මා ප්‍රියේ

මගේ මන්ද්‍රී නම් | Mage Mandri Nam by W. D. Ariyasinghe

යාච්ඤාව බෝය වේගේ
මගේ මන්ද්‍රී නම් බිසෝගේ
යාච්ඤාව බෝය වේගේ
නෙක ඡණ්ඩ ව්‍යා‍ග්‍ර ආදී
උන්නත් හිමාල දේසේ
හාමාත්ව ඉන්ට වේමැයි
බෝ දූක් විඳින්ට වන්නේ
නවතින්න මාළිගාවේ
සීදේවි නේනු මාගේ
නවතින්න මාළිගාවේ
සීදේවි නේනු මාගේ

ගෙයි පාන නෑ ගියෝතින්

මම අන්දකාරෙ ඉන්නෙම්
මා බැන්ද පෙම්බරාගේ
ඒ වාසෙ මාගෙ ප්‍රාසේ
බෝ ඡණ්ඩ ව්‍යා‍ග්‍ර ආදී
උන්නත් හිමාල දේසේ
බෝ ඡණ්ඩ ව්‍යා‍ග්‍ර ආදී
උන්නත් හිමාල දේසේ
එමි ස්වාමි එක්ක නික්මී
ඒ ජීවිතේට පේවී
නවතින්න මාළිගාවේ
සීදේවි නේනු මාගේ
එමි ස්වාමි එක්ක නික්මී
ඒ ජීවිතේට පේවී

වලාකුළු පෙලින් බසින්න | Walakulu Pelin Basinna by W. D. Ariyasinghe

වලාකුළු පෙලින් බසින්න

ඇවිත් මල් ගැඹේ නිදන්න
චන්ද්ර කුමරියේ කාටද
නුඹගෙ ආදරේ
මටද ආදරේ

අසාවී මෙසේ තුන්යම

දිලී තාරුකා මල් දම
කියා නෑ තාම හිත රැඳි
සුසුදු ආදරේ
සුසුදු ආදරේ

දේවතාවියක් විලසින

පාන හස කැළුම් නුඹගැඹ
දේවතාවියක් විලසින
පාන හස කැළුම් නුඹගැඹ
පතා ඉන්නෙමී සඳ වත
ඔබගෙ ආදරේ
නුඹට ආදරේ

අහස් ගං කුසින් බැස ගෙන

මිහි මතට එම්ද කෙලෙසින
අහස් ගං කුසින් බැස ගෙන
මිහි මතට එම්ද කෙලෙසින
රැදී ඉන්නෙමී සැම දින
අහස් ගං කුසේ
දෙව්ලියක් ලෙසේ

දේවදාර තුරු පාමුල

තාම මම හිඳිමි තනිවම
දේවදාර තුරු පාමුල
තාම මම හිඳිමි තනිවම
දිනා ගන්නෙදෝ කෙලෙසින…..
නුඹගෙ ආදරේ…..
නැතිද ආදරේ……

තාරුකා වනේ සරමින…..

නුඹ නමින් දිලෙමි සැම දින
තාරුකා වනේ සරමින…..
නුඹ නමින් දිලෙමි සැම දින
සදා හිනැහෙමී හිඳගෙන…..
අහස් ගං කුසේ
නුඹට ආදරේ

මටද ආදරේ

නුඹට ආදරේ
මටද ආදරේ
නුඹට ආදරේ
මටද ආදරේ

නුඹට ආදරේ