වෙනදා වගෙ | Wenada Wage by Ravindra Meegamarachchi [2013]

වෙනදා වගෙ අදත්
මා නොඑන බව දැන තවත්
මග බලාගෙන හිටියා ඇති දැන්
එන්න වෙන්නෑ මට අදත්
පාට දේදුනු බැද විමන්
හීන මල්පෙති අතුරමින්
තැනුව යහනේ නිදාගන්න
ලගින් ඉන්නම් රත්තරන්

උනුහුම ඒ මා තමා
සුළගක් වී එන හමා
ඔබේ තුරුලේම දැවටිලා
සුපුරුදු සුවදක් වෙලා
සංසාරේ යලි කවදා හෝ
හමුවේවි නම් අපි ආයේ
සපුරා තහනම් නොවේ
ආයෙමත් මට ආදරේ

වෙනදා වගෙ අදත්
මා නොඑන බව දැන තවත්
මග බලාගෙන හිටියා ඇති දැන්
එන්න වෙන්නෑ මට අදත්
පාට දේදුනු බැද විමන්
හීන මල්පෙති අතුරමින්
තැනුව යහනේ නිදාගන්න
ලගින් ඉන්නම් රත්තරන්

දකින්න ආසයි වෙනදා මෙන්
හිනාවෙන්න මදකට හොරෙන්
හිතාමතා ගියේ නෑ ඉතින්
තවමත් ඔබ ලග මං සිටිමි
සංසාරේ යලි කවදා හෝ
හමුවේවි නම් අපි ආයේ
සපුරා තහනම් නොවේ
ආයෙමත් මට ආදරේ

වෙනදා වගෙ අදත්
මා නොඑන බව දැන තවත්
මග බලාගෙන හිටියා ඇති දැන්
එන්න වෙන්නෑ මට අදත්
පාට දේදුනු බැද විමන්
හීන මල්පෙති අතුරමින්
තැනුව යහනේ නිදාගන්න
ලගින් ඉන්නම් රත්තරන්

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here