මගේ පුංචි දුවේ | Mage Punchi Duwe by Rookantha & Windy

සුළං රොදක එතී ආව මගේ පුංචි දුවේ
ඔබ ගෙනෙන්න අපි ගිය දුර තාම දුරයි දුවේ
ගිලන්හලම දෙවනත් කර කෑමොරදුන් දුවේ
අපි දැක්කේ හීනයක්ද මගේ පුංචි දුවේ

අම්මා තාත්තාගේ තුරුලේ හැදුනේ වැඩුනේ මං
අක්කා එක්ක ගෙදර නිතර රණ්ඩු වුණා මං
ආච්චි අදත් එදා වගේ ළඟ හිටියානම්
එයා තමයි මෙතන අඩුව මට දැනෙන්නේ නම්

කොහේ ගියත් මගේ පුතා හොඳින් ඉන්නකෝ
ඔබේ සැමියා ආදරයෙන් බලාගන්නකෝ
හොඳ දරුවන් හදා වඩා ලොවට දෙන්නකෝ
දෙවියන්ගේ කරුණාවෙන් ජය ලබන්නකෝ

ළඟ නැතුවත් අම්මාගේ චූටි පුතා මං
අම්මයි තාත්තායි ඇස් දෙක වාගෙයි මටනම්
වයස ගියත් බැරි ගැහුණත් ළඟ ඉන්නවා මං
තාත්තේ අම්මේ නැන්දේ මාමේ ඔබේ දුවා මං

written by Rookantha Gunathilaka

සසර පුරා | Sasara Pura by SANUKA x Windy [2022]

සසරපුරා මුතු පද අමුණා
ආදර ගීතය අද ගයනා
රන්හුයකින් දෙහදක් වියනා
මංගල සීනුව රැව්දෙනවා

අවිහිංසක පැතුමන් අපගේ
මෝදු වෙලා අද මල් පිපුනේ
සතුටු කඳුළු අද හැම දෙනෙතේ
සියොතුන් ආසිරි ගී ගැයුවේ

සසරපුරා මුතු පද අමුණා
ආදර ගීතය අද ගයනා
රන්හුයකින් දෙහදක් වියනා
මංගල සීනුව රැව්දෙනවා

පණවන් අපගේ දෙමාපියන්
නෑදෑ හිත මිතුරන් සමගින්
පතනා පැතුමන් එකම සිතින්
රැව්දෙනවා අද එකම හඬින්

සසරපුරා මුතු පද අමුණා
ආදර ගීතය අද ගයනා
රන්හුයකින් දෙහදක් බැඳුනා
දිවිය පුරා ඔබ මගේම වුණා

written by Sangeeth Wickramasinghe

sanuka and windy,sanuka wedding,sanuka,sanuka and windy wedding,sanuka and windy preshoot,sanuka wickramasinghe,windy,sanuka and windy wedding video,sanuka and vindi wedding,sansara sihine,windy and sanuka wedding,sanda sema pena,numbai mamai,windy wedding,rukantha,saragaye,awasan satana,sitha sanasuma,ayyo saami,windy and sanuka,magemai oya,sasara pura,windy goonatillake,chandralekha,chandralekha perera,oba dakinnata,wedding,rookantha goonatillake

මගෙමයි ඔයා | Magemai Oya by SANUKA [2022]

නිලම්බරේ ඈතට ඇදෙන්න මා හා
වළාරොදේ සැතපී ඉඳින්න මා හා
ආකහේ තාරුකා සේම පායා
මා ළඟින් ඉන්නකෝ සෑමදා

දිගන්තයේ මායිම් සරන්න මා හා
අනන්තයේ ගෙපැලක් තනන්න මා හා
ඒ ලොවත් මේ ලොවත් ඇතිතුරා මා
ආදරෙයි ආදරෙයි සෑමදා

සඳ සේම පේනා ඔය මූණ ගාවා
මදහාස ඇයි රන් සළුවකින්
අද හැංගිලා
හිත මාගේ කීවා ඉවසන්න කීවා
දෙව්දෝණියේ සුළු මොහොතකින්
මගෙමයි ඔයා

මා වෙනුවෙන්ම
දෙවියන් පණ පෙව්ව
සුරදෙව්දූ අද මාගේ වෙනවා
ආ දුර මෙන්ම
ඇත කෝටියක් ගව්ව
යමු දෑඟිලි බන්දා දිවිතුරා

සඳ සේම පේනා ඔය මූණ ගාවා
මදහාස ඇයි රන් සළුවකින්
අද හැංගිලා
හිත මාගේ කීවා ඉවසන්න කීවා
දෙව්දෝණියේ සුළු මොහොතකින්
මගෙමයි ඔයා
සඳ සේම පේනා ඔය මූණ ගාවා
මදහාස ඇයි රන් සළුවකින්
අද හැංගිලා
හිත මාගේ කීවා ඉවසන්න කීවා
මුදු පවනියේ සුළඟයි මගේ
මගෙමයි ඔයා

written by Sanuka

නුඹයි මමයි | Numbai Mamai by Windy Goonatillake [2022]

නුඹයි මමයි හමුවෙන්නෑ ආයේ
ඉරයි හඳයි හමුවෙන්නෑ වාගේ
වෙන මල්වලින් රොන් බී හොරෙන්
මෙහෙ එන්නෙපා පියඹලා
නුඹයි මමයි හමුවෙන්නෑ ආයේ
ඉරයි හඳයි හමුවෙන්නෑ වාගේ

දුටු මුල් දිනේදී පෑ චාටු වදනින්
ඔබ මා පෙමින් යාවුණා
මිතුරන් කියූ දේ නෑසූ නිසාවෙන්
අද මා මෙසේ තනිවෙලා

නුඹයි මමයි හමුවෙන්නෑ ආයේ
ඉරයි හඳයි හමුවෙන්නෑ වාගේ
වෙන මල්වලින් රොන් බී හොරෙන්
මෙහෙ එන්නෙපා පියඹලා
නුඹයි මමයි හමුවෙන්නෑ ආයේ
ඉරයි හඳයි හමුවෙන්නෑ වාගේ

මා අන්ධ වූ ඒ ඔබගේ මුලාවෙන්
ඈවත් රවට්ටන්නෙපා
මා දෑස කඳුළින් නැහැවූ විලාසෙන්
කාටත් දුකක් දෙන්නෙපා

නුඹයි මමයි හමුවෙන්නෑ ආයේ
ඉරයි හඳයි හමුවෙන්නෑ වාගේ
වෙන මල්වලින් රොන් බී හොරෙන්
මෙහෙ එන්නෙපා පියඹලා
නුඹයි මමයි හමුවෙන්නෑ ආයේ
ඉරයි හඳයි හමුවෙන්නෑ වාගේ

written by Sanuka Wickramasinghe

සැප නින්දේ | Sapa Ninde by Windy Goonatillake

සැප නින්දේ මායා බිසව්
සැතපෙන කල මල් යහනේ
සුදට සුදේ ඇත් පැටවෙකු
නෙලුම් මලක් සොඬින් දරන්
තුන් රවුමක් පැදකුණු කොට
දකුණු පසින් කුසතුළ වන්

දුටු සීනේ මේය කියා
පැවසූ රජුහට පසුදින
දුටු සීනේ මේය කියා
පැවසූ රජුහට පසුදින
බමුණන් ගෙන්වා රජතුම
විමසූ දුටු සිහිනෙහි ගුණ

සැප නින්දේ මායා බිසව්
සැතපෙන කල මල් යහනේ
සුදට සුදේ ඇත් පැටවෙකු
නෙලුම් මලක් සොඬින් දරන්
තුන් රවුමක් පැදකුණු කොට
දකුණු පසින් කුසතුළ වන්

පින්වත් පුත් රුවනෙක ගුණ
පෙනේය මහරජ සුභපල
පින්වත් පුත් රුවනෙක ගුණ
පෙනේය මහරජ සුභපල

පිළිසිඳුනා සිදුහත් බෝසත් මහසත්
මායා කුස

පිළිසිඳුනා සිදුහත් බෝසත්..
පිළිසිඳුනා සිදුහත් බෝසත්..
පිළිසිඳුනා සිදුහත් බෝසත්..
පිළිසිඳුනා සිදුහත් බෝසත්..

මායා දේවිය | Maya Deviya by Sanuka x Windy

කුමුදු ලලනො පිබිදි නටන
සඳුගෙ රශ්මියෙන් තෙමී
වෙසඟ පෝය දිනය මේය
සිරිය පැතිරි දස දෙසේ

කුමුදු ලලනො පිබිදි නටන
සඳුගෙ රශ්මියෙන් තෙමී
වෙසඟ පෝය දිනය මේය
සිරිය පැතිරි දස දෙසේ

මායා දේවිය මව්පියො දැකුමට
සපිරිවරා යන අතරමඟේ
ලුම්බිණි සල් උයනේ සිරි දැකුමට
ආශා ඇතිවිය පින් මහිමේ

අරුණෝදය නැග එනා
ගිරා කොවුල් නද දෙනා
අරුණෝදය නැග එනා
ගිරා කොවුල් නද දෙනා
මොණරු බමරු එකට නටති
ප්‍රීතියෙන් පිනා පිනා
මොණරු බමරු එකට නටති
ප්‍රීතියෙන් පිනා පිනා

මායා දේවිය..

කුසුම් සිරිය වෙසක් සිරිය
දසත විහිදුනා නොමින්
කුසුම් සිරිය වෙසක් සිරිය
දසත විහිදුනා නොමින්
තුන්ලෝ ඒකාලෝකව
සිරිය පැතිරුණා පිනෙන්
තුන්ලෝ ඒකාලෝකව
සිරිය පැතිරුණා පිනෙන්

පුන් වෙසඟේ සාලවනේ
සාල මුලේදී උතුම්
පින්බර පින් පුතෙක් ඉපිද
සත් පියුමන් මත වැඩී

පුන් වෙසඟේ සාලවනේ
සාල මුලේදී උතුම්
පින්බර පින් පුතෙක් ඉපිද
සත් පියුමන් මත වැඩී

අග්ගෝ හමස්මි ලෝකස්ස
ජෙට්ටෝ හමස්මි ලෝකස්ස
සෙට්ඨෝ හමස්මි ලෝකස්ස
අයමන්තිමා ජාති නත්ථිදානි පුනබ්භවෝ

අපි දෙන්නා | Api Denna by Sanuka x Windy [2020]

දවසම බලං උන්නේ මං ඔයා එනකං
නොදැනිම හවස් වෙලා දැං, මේම ඉතිං
ඉවසන්න මීට වඩා නං බෑ තවත්
අද රෑ එළි වෙනකං කෝම ඉඳිම්

තෙමි තෙමි හිම වරුසාවේ
මධුපැන් මුසුවූ ඒ
ඔබ මා බැඳි ප්‍රේමේ රස තැන් සොයා
ගෙන එමි ඔබ වෙත ආයේ
සැරසූ තිළිණක් සේ,
එක්කෝ
නොබලා ඒ මතකේ පසෙකින් තියා

මේ හීතල නත්තල් රෑ
උණුහුම් වී ඉමුදෝ
අපි දෙන්නා
මේ හීතල නත්තල් රෑ
උණුහුම් වී ඉමුදෝ
අපි දෙන්නා

දවසම බලං උන්නානං මං එනකං
නොදැනිම හවස් උනා නං මොකද ඉතිං
ඉවසීම ඔයිට වඩා නං ඕනෑ තවත්
අද රෑ එළි වෙනකං මා ළඟම ඉඳින්

තෙමි තෙමි හිම වරුසාවේ
මධුපැන් මුසුවූ ඒ
ඔබ මා බැඳි ප්‍රේමේ රස තැන් සොයා
ගෙන එමි ඔබ වෙත ආයේ
සැරසූ තිළිණක් සේ,
එක්කෝ
නොබලා ඒ මතකේ පසෙකින් තියා

මේ හීතල නත්තල් රෑ
උණුහුම් වී ඉමුදෝ
අපි දෙන්නා
මේ හීතල නත්තල් රෑ
උණුහුම් වී ඉමුදෝ
අපි දෙන්නා

සයුරෙන් ඈත උන් දවසේ
හදේ කොතැනක හෝ
මා උන්නාදෝ
රෑ දිවා ඔබමයි උන්නේ
හදෙහී මා හා

මේ හීතල නත්තල් රෑ
උණුහුම් වී ඉමුදෝ
අපි දෙන්නා
මේ හීතල නත්තල් රෑ
උණුහුම් වී ඉමුදෝ
අපි දෙන්නා