මනාලි | Manali by Windy Goonatillake ft. SANUKA [2022]

වීදුරු මල් කකුලෙන් තලන්නෙපා
ආල වදන් බේගල් කරන්නෙපා
සුපෙම් හැඟුම් හංගා බලන්නෙපා
මා දිහා
මිණිමුතු රන් ගෙල පළඳනා එපා
මන්දිරයන්, ලොකු මාළිගා එපා
නුඹ නැති නම්, වෙන කවුරුවත් එපා
මට එපා

නුඹයි මාගේ
මුළු ජීවිතේම හීන පෙම් පුරාණේ
තැනු මාළිගාව ආදරෙන් පිරේවී
මතු සෑමදාක මා නුඹේ මනාලි

නුඹයි මාගේ
මුළු ජීවිතේම හීන පෙම් පුරාණේ
තැනු මාළිගාව ආදරෙන් පිරේවී
මතු සෑමදාක මා නුඹේ මනාලි

ඔය ඇස්.. නිසඳැස්.. ලියවයි
ආලෙත් වගෙයි කැස්සක්
ලොවෙත් හංගන්න බෑ නෑනේ බැස්මක්
දෙන්නේ වටකරං හාදු වැස්සක්
කෙල්ලේ
නුඹෙ හද ගැස්මත් ඇති
පුසුඹයි නුඹේ හුස්මත්
කිණිස්සක් උඩ ඉස්සෙක් වගේ පිස්සෙක් මම ඔයාගේ ආලෙට,
කෑදරයි තමයි
අපි දෙන්නා නරක ළමයි
හැංගි හැංගි ආලේ බැන්දා තමයි
දැන්නම් තවත් ඉන්න බෑ ඈතින් ඔයාට
අද හෙටම බඳිම් කරකාරයි
මගේ හිත නුඹ හට භාරයි
කෙල්ලේ නුඹ හරිම හැඩකාරයි
ළඟම ඉද්දි ජීවිතේ සරුසාරයි,
මාරයි ආහ්
ආදර හීන ලෝකේ මාළිගා තනා
තාලෙට ප්‍රේම ලෝකේ තාන තම්දෙනා
කෙල්ලේ අපි නටමු
මේ පෙම් ගීයම ගයමු
ආයෙත් ආයෙත් හැම භවයෙකම හම්බෙමු
අතින් අත පටලමු
හැම හීනෙම එකට දකිමු ආහ්

හිමාලයේ කඳු පේළියෙන් එහා
පරිස්සමෙන් සඟවා තබා තියා
රැකගත් ඒ මගෙ හිත සොරා ගෙනා කුමාරයා
සත්සයුරේ දිය කන්දටත් වඩා
ආදරේ මං මුළු ලෝකෙටත් වඩා
මගේ හදේ තනි අයිතිකාරයා නුඹ තමා

නුඹයි මාගේ
මුළු ජීවිතේම හීන පෙම් පුරාණේ
තැනු මාළිගාව ආදරෙන් පිරේවී
මතු සෑමදාක මා නුඹේ මනාලි

සැප නින්දේ | Sapa Ninde by Windy Goonatillake

සැප නින්දේ මායා බිසව්
සැතපෙන කල මල් යහනේ
සුදට සුදේ ඇත් පැටවෙකු
නෙලුම් මලක් සොඬින් දරන්
තුන් රවුමක් පැදකුණු කොට
දකුණු පසින් කුසතුළ වන්

දුටු සීනේ මේය කියා
පැවසූ රජුහට පසුදින
දුටු සීනේ මේය කියා
පැවසූ රජුහට පසුදින
බමුණන් ගෙන්වා රජතුම
විමසූ දුටු සිහිනෙහි ගුණ

සැප නින්දේ මායා බිසව්
සැතපෙන කල මල් යහනේ
සුදට සුදේ ඇත් පැටවෙකු
නෙලුම් මලක් සොඬින් දරන්
තුන් රවුමක් පැදකුණු කොට
දකුණු පසින් කුසතුළ වන්

පින්වත් පුත් රුවනෙක ගුණ
පෙනේය මහරජ සුභපල
පින්වත් පුත් රුවනෙක ගුණ
පෙනේය මහරජ සුභපල

පිළිසිඳුනා සිදුහත් බෝසත් මහසත්
මායා කුස

පිළිසිඳුනා සිදුහත් බෝසත්..
පිළිසිඳුනා සිදුහත් බෝසත්..
පිළිසිඳුනා සිදුහත් බෝසත්..
පිළිසිඳුනා සිදුහත් බෝසත්..

රැව් නැගී අහසේ | Rau Nagee Ahase by Windy Goonatillake [2020]

දිස්නේ දෙන්නම්
වී සිතේ රන් මාලේ
සෝ සුසුම් මැකිලා
යන්න පෙර කාලේ
මල් වවා දෙන්නම්
සිතුම් විල පීදේ
ඉන්නකං ඉන්නම්
සෙවනැල්ල වාගේ

සුන්දරයි
මන නන්දනයි
හද ආලේ
බැන්ද ප්‍රේමය
මා ඔබටමයි කීවේ

රැව් නැගී අහසේ
මා කිව් ආදරේ රහසේ
ලෝකයක් දුටුවා ආලෝකේ

ගී ගැයූ තාලේ
මතකයි වරින් වරේ
ආයෙමත් කීවා
ආදරේ

නිල් උදාවක්
රන් සැදෑවක් ගානේ
මල් හිනාවක්
පෙම් කතාවක් වාගේ
නෙත් පුරා හද
ආදරේ රස වෑහේ
ඉන්නකං ඉන්නම්
පවනැල්ල වාගේ

සුන්දරයි
මන නන්දනයි
හද ආලේ
බැන්ද ප්‍රේමය
මා ඔබටමයි කීවේ

රැව් නැගී අහසේ
මා කිව් ආදරේ රහසේ
ලෝකයක් දුටුවා ආලෝකේ

ගී ගැයූ තාලේ
මතකයි වරින් වරේ
ආයෙමත් කීවා
ආදරේ

ආදරේ මහ සාගරේ
දිය වාගේ
ආකහේ
තරු මල් දිලිසුනා රෑනේ
මේතරම් අප ප්‍රේමයෙන්
වෙලුනා සේ
එක්ව යමු දෙන්නා
ජීවිතේ දෑලේ

රැව් නැගී අහසේ
මා කිව් ආදරේ රහසේ
ලෝකයක් දුටුවා ආලෝකේ

ගී ගැයූ තාලේ
මතකයි වරින් වරේ
ආයෙමත් කීවා
ආදරේ
ආයෙමත් කීවා
ආදරේ
ආයෙමත් කීවා
ආදරේ
ආයෙමත් කීවා
ආදරේ
ආයෙමත් කීවා
ආදරේ
ආයෙමත් කීවා
ආදරේ
ආයෙමත් කීවා
ආදරේ
ආයෙමත් කීවා
ආදරේ

සිංදුව මෙතනින් බාගත කරගන්න  |  Download the Audio from here