මන්දාරම් එළි | Mandaram Eli by Bhashi Devanga [2022]

මන්දාරම් එළියෙන් හීන තනිවෙන්න නම්
රෑ බෝ වී මත් වී ගන්දෑලේ ලං වී පාවියන්
ගැහෙනා මහද නිවෙනා තෙක් නොබලන්
මේ හිත සඟවන්

සන්ද්යාවේ දාක මා එන්නම් හාදු තියලා
රුව ගස්සන් නාරි සෙල්ලක්කාර මායම් රෑනේ හා
කෝ එන්නම් ඉන්න දිලිසෙන තරු දෙන්නම් මා
තනිවෙන්න පෙර සේ මා

එන්න එක්කං යන්නම් මං
එන්න එක්කං යන්නම් මං
දෑතින් අල්ලන් ඉන්නම් දැන්
යහන සරසන්න නම්
ශෘගාරී ළං වෙන්න දැන්
රෑක රැඟුමන් හංගන්
පාට තවරා මල්දම්
හාදු වැහි මංමාවත් දිගේ

දේහ වර්ණ ලඟ භාවනාවක් වාගේ ඔය රූ
දැක්කත් මා දුරින්
නිවෙන්නම් මා ඉතින්
හීන පාරාදීසේ ඉන්නම් මා
නුඹ එනකල් මං ආදරෙන්

ඕ… ඉන්නම් ආදරී
ලංවී ලංවී මා ඉන්නම් තව ලංවී මා
උණුහුම නොදැනෙම්ද නුඹ රැඳුනු දා
එන්න යන් මා නොපෙනූ තැන් දිහා
සඟවගෙන ආලේ

එන්න එක්කං යන්නම් මං
එන්න එක්කං යන්නම් මං
දෑතින් අල්ලන් ඉන්නම් දැන්
යහන සරසන්න නම්
ශෘගාරී ළං වෙන්න දැන්
රෑක රැඟුමන් හංගන්
පාට තවරා මල්දම්
හාදු වැහි මංමාවත් දිගේ

යන්නම් මං
එන්න එක්කං යන්නම් මං
දෑතින් අල්ලන් ඉන්නම් දැන්
යහන සරසන්න නම්
ශෘගාරී ළං වෙන්න දැන්
රෑක රැඟුමන් හංගන්
පාට තවරා මල්දම්
හාදු වැහි මංමාවත් දිගේ

written by Bhashi Devanga

අහංකාර නගරේ (Mashup) | Ahankara Nagare (Mashup) by Navin & Kashil ft. Yuki

රන් රන් රන්වන් රන්වන්
සේල බැද
රන් දෝලාවට නගිනවා ද

කවුරුද නෝක්කාඩු කිව්වේ
කවුරුද නෝක්කාඩු කිව්වේ
තරමට ඉගත් බෝම පොඩි ලැමත්
බෝම ඇති දිගැස් තියෙන ලදුනේ

උන්මාද දොතොල් සායම් සුවදින්
කම්මුල් තෙමන්නෙපා
මට තුරුලු වෙලා මුදු පිහාටුවෙන්
කරදර කරන්නේපා
පිනි කදුලු සලා
බොරුවට හඩලා මගේ හිත කඩන්නෙපා
අරවින්ද කැකුලු තුඩ
මගේ පපුවේ ඉඩකට සොයන්නෙපා

මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මගේ ආලෝකේ නුඹ නේද සංසාරයේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මගේ ආලෝකේ නුඹ නේද සංසාරයේ
මගේ ජීවන හදේ
ප්‍රේමේ ස්තීර වේ
ඔබ හිමිවන්නේ කවදාද පෙම්වන්තියේ
ඔබ හිමිවන්නේ කවදාද පෙම්වන්තියේ

කොච්චර කිව්වත් එන්නේ නෑ
මම නම් ආයේ කවදාවත් එන්නේ නෑ
ඔය කියන දේවලින් වැඩක් නෑ
බොරුවට හැඩුවට මම නම් දැන්
හැරෙන්නේ නෑ

ඔය දවස තාම තරුණයි නම්
මග පෙනෙන තරම සොදුරුයි නම්
මගතොටදී හමු වෙලා
හොදට රස කතා කනට කොදුරලා

රූප සොබාවට මානෙත් උදම් වන
ආලෙත් සරී මගේ ප්‍රාණෙත් සරී
ප්‍රේමි සුපෙම්බර කෝලෙන් සිනාසී
නුවර ලදුන් සිටියාද මෙවන්

දුරක් ගෙවාගෙන දුක සැප අහගෙන
කෝච්චියෙන් එන තිලක තියපු ලද
ආත්ම ගතකොට පෙමක් පතා මම
අලිමංකඩ ලග ලත වෙන්නද තව

ඔබ යන්න ඉතින් පියඹා
සදා දුක් ගින්න හිතේ රදවා
සෙවනැල්ල වගේ ඉදලා
පියාපත් සින්ද මගේ කුමරා
ඔබ යන්න ඉතින් පියඹා
සදා දුක් ගින්න හිතේ රදවා
සෙවනැල්ල වගේ ඉදලා
පියාපත් සින්ද මගේ කුමරා

නෝන්ජලේ | Nonjale by Yuki ft. Mister D [2020]

ලස්ස්න තාරාවෙක්
කවුරුත් දැන් බලන්න ඒයි
පීනන්නේ බොර දියේ නම්
දකින්නේ මායාවක්මයි
ඇසෙන්නෙ තාරාවෙක්
බලන්නත් ලස්සනයි නේද
හිතෙන්නෙ කුමාරයෙක් කියලයි

එකෙන්ම යන්නම් මන්
පිස්සුනේ අල්ලන්න බෑ දැන් මං
පෙන්නන්නම් සෙල්ලම් මන්
පෙන්නන්නම් සෙල්ලම් දැන්

අල්ලන්න බලන්න කොක්කක්
අපි දෙන්නා අනිමුද ටොක්කක්
විසිවෙලා වැටෙන්න බොක්ක
ගහන්න ර්දෙන්න බොක්ක

කාටද නෝන්ජලේ මේ
කාටද නෝන්ජලේ මේ
පාටියේ මෝස්තරේ මේ
පාටියේ මෝස්තරේ මේ

වාටිය කාගෙන
බෝපෙමෙන් වටේට
පානිය දාගෙන බොරෝ පෙමෙන්
වාසිය ආසියා කාසියා

බෝතලේ අස්සේ මං
සාකියෝ අල්ලන්නේ සෝබනේත්

උබේ රැප් එකෙන් මන් මැන්නේ නෑ
මම කැප් එකෙන් උඹ මැන්නේ නෑ
පිටසක්වලින් මං බැස්සේ නෑ
මයේ පොලවට
සක්විතිලත් ලොකු නෑ

නෑ සේනා මගේ නිල පිළ උන්
ඉනේ වටේටම
පෙන්නන්නෑ ගොක්කොල
ඒත් ගන්නෙ දෙකේ කොල

නිල කැල
දැන් ඉන්නේ ලකේගල
සැපේ වටේ බලන්
ඇල්ලෙයි ද කිල්ලට

ඇම්බැක්කේ සිංහල
සුද්දන්ගෙන් රිංගල
පිංකල නාවපන්
අල්ලන්න ඉල්ලම
උබල ගත්තට බිල්ලට
එන්නෑ මං
වෙන්නෑ මං
එන්න දෙන්නෙම නෑ මචං බිල්ලට

කාටද නෝන්ජලේ මේ
කාටද නෝන්ජලේ මේ
පාටියේ මෝස්තරේ මේ
පාටියේ මෝස්තරේ මේ

කාටද නෝන්ජලේ මේ
කාටද නෝන්ජලේ මේ
පාටියේ මෝස්තරේ මේ
පාටියේ මෝස්තරේ මේ

කොහේ හෝ මා | Kohe Ho Ma by Bhashi Devanga ft. Yuki

හැන්දෑවේ මන්දාරම් වැහි දිහා
නෙක මල් පාරේ
නුඹ එක්කන් යන්නම් කියා
කොහේ හෝ මා සොයා ඒවී එදා
මන්දාරම් හැන්දෑවේ පාවෙලා

මුමුණලා හද මුමුණලා
නුඹ මා දිහා බලනවා
දැවෙනවා හිත තැවෙනවා
මා ළඟින් නැති දා
කොහේ හෝ මා සොයා ඒවී එදා
මන්දාරම් හැන්දෑවේ පාවෙලා

හැන්දෑවේ මන්දාරම් වැහි දිහා
නෙක මල් පාරේ
නුඹ එක්කන් යන්නම් කියා

බොහෝ දේ | Boho De by Yuki Navaratne [2020]

නුඹ නොදන්නා කතාවක් මන් කියන්නම්
නුඹ නැතිනම් මුහුනේ නෑ හිනාවක්
මට රිදෙන්න තව පාරක් මං තැවෙන්නම්
හිත හදාගන්න බැරි තැන මං මැරෙන්නම්

බොහෝ දේ කියන්නට තිබුනා හිතේ
තුරුලේ ඉන්නට තිබුනා නම් නුඹේ
බොහෝ දේ හිතන්නට තිබුනා මගේ
යනවා ඔහේ හිතුවක්කාරයා නුඹේ

තරු නිවෙන්න නිවෙන්න හිත් හදන්න
මට කියන්න දැනෙන්න හිත හැදෙන්න
ලොකු බරක්ද කියන්න අපෙ කතාව
තිත තියෙන්න බලන්නේ මං එපාද

බොහෝ දේ කියන්නට තිබුනා හිතේ
තුරුලේ ඉන්නට තිබුනා නම් නුඹේ
බොහෝ දේ හිතන්නට තිබුනා මගේ
යනවා ඔහේ හිතුවක්කාරයා

බොහෝ දේ කියන්නට තිබුනා හිතේ
තුරුලේ ඉන්නට තිබුනා නම් නුඹේ
බොහෝ දේ හිතන්නට තිබුනා මගේ
යනවා ඔහේ හිතුවක්කාරයා නුඹේ

වීණා | Veena by Miran Archana ft. Yuki [2020]

මී මතේ දකිනා
හීනයක් නූන
රෑ සඳේ සයනේ මවා

පෙළුවාද වීණා සඟවා
ඒ ස්වර සේ මා මියැදේ…

දෙතොලේ වෙළුණේ ආදරේ
තුරුළේ වැයුනේ ඒ ස්වරේ
උරගා බැලුවේ ආදරේ නුඹගේ
රතු ලේ පැතුවේ නෑ ළඳේ…

මා තනියම රෑ කලුවර නෑ
මා අභියස නෑ මල්පෙති නෑ තැලුණූ

පෙළුවාද වීණා සඟවා
ඒ ස්වර සේ මා මියැදේ…