හුඟ දෙනෙක් පරවුණා ළඟ මැදුරු
තව කෙනෙක් හිනැවුණා මගේ බැඳුණු
එකෙක් කර පිටින් තව එකෙක් හැදුණු
මිටින් හල කුරුල්ලෙකි මගේ මනදු
ඉතින් පරපුරක් ගැන හිතින් අඬ දූ
බතින් මගේ රටේ එක එකා හැදුණු
ගතින් හැඩි දැඩි සමහරක් ළදරු
ඉතින් උඹ එළා ගනින් රට පැදුරු
කිති කවන් මිස දිටු දනලන හිත්
ගිනි හිතින් දකි හැමදෙන දුර ළඟ නෙත්
මල පරවුණු කලා ඔයේ ඇඳි බිතු සිත්
හැම තනියම ගමනක් අරඹා පිටු හිස්
අතින් මිරිකා ගත්තා අනෙකගෙ පොඩි හිසේ ගස්
වතින් සරසා ගත්තා රටින් ගෙන මිටිකල පස්
මතින් ගලවා ගත්තා විසිකලා මන බැඳී බස්
හිතින් බරවා ඇත්තෙ මගෙ කවි උඹේ හිතේ වස්
පිරිහුනු කල දෙඩුවන ඕනා
රැපින් කරවුනු මනස හොයන්නෙ කෝමා
අතින් අත ගිය පොතකින් පවන් ද ඕනා
ඉතින් මගෙ රැපේ සුවඳ බලන්නෙ කෝමා
තමන් හිත තමන් හට හදා දේ විමනක්
සම වුව තම හට තමා පමනක්
නගා ගිරි පවා හිත නෑ නිවනක්
සරා සඳ මැදින් පවා අපි ගමනක්
දෙනුවන් කෑ මොර දෙන මහා සාමෙට
අකැප වූ
හදවත් තුල අදටත් සාගිනි මත පෙවූ
දේශය ගොඩ කෙරූ
කිරි ගැලුම් වල ගෙවී ගිය කාලය මත
තම ද්යානය නිදි කෙරූ
හිතේ තැලුම් වල මනුසම් තාපය ගැන
ලියූ ගී පද කියවපු
මහ කෙරුම් කල…
හුඟ දෙනෙක් පරවුණා ළඟ මැදුරු
තව කෙනෙක් හිනැවුණා මගේ බැඳුණු
එකෙක් කර පිටින් තව එකෙක් හැදුණු
මිටින් හල කුරුල්ලෙකි මගේ මනදු
ඉතින් පරපුරක් ගැන හිතින් අඬ දූ
බතින් මගේ රටේ එක එකා හැදුණු
ගතින් හැඩි දැඩි සමහරක් ළදරු
ඉතින් උඹ එළා ගනින් රට පැදුරු
හිත කපන කපන තැනින් නිති වැඩුණා
හිත තලපු තලපු තැනින් මන බැඳුනා
වත වැඩිම මිලට තියාගත් මැතිඳා
හිරි කපලා දුවන අසු ගත් බැවිනා
කන්පෙති සොලව ගත්තා දැකලා ඒ ගිඦිඳා
පොඩි හෙන්ඩුවෙන් ඇන්න නිලයටම ගොව්වා
රිදුන් නැද්ද තඹ තරම නොදැත එදිනා
ගිගුම් මැද මහ පොලොවෙ ඇදන් වැටුනා
කටින් කට ගිය රටේ අනුවන බස්
හිතින් වෙලා දන සම වැදි බස්
තව කෙනෙක් ළඟ ඇලවුනා හිත්
තමා ගැන හොයාගන්න වෙලා මිස්
වැව් කටු පොල් බැඳ ගලවන්න ඕනා
කැපු කැලෑ ගද වවාගන්න ඕනා
හති නිසා නිදි ලබාගන්න ඕනා
මට මගේ රට බලාගන්න ඕනා
හුඟ දෙනෙක් පරවුණා ළඟ මැදුරු
තව කෙනෙක් හිනැවුණා මගේ බැඳුණු
එකෙක් කර පිටින් තව එකෙක් හැදුණු
මිටින් හල කුරුල්ලෙකි මගේ මනදු
ඉතින් පරපුරක් ගැන හිතින් අඬ දූ
බතින් මගේ රටේ එක එකා හැදුණු
ගතින් හැඩි දැඩි සමහරක් ළදරු
ඉතින් උඹ එළා ගනින් රට පැදුරු