in Kamaj, Sinhala Rap

තණමල්විල කොල්ලෙක් | Thanamalvila Kollek by Kamaj [2021]

මලේ හේන් කොටනා මලේ
අපේ ගමේ සුවඳ තාමත් දැනේ
මලේ හේ තණමල්විල මලේ
උඹේ ඇගේ ගමේ සුවඳත් දැනේ

අතමිට සරු නෑනේ තාම
හිත කීරි ගැහේ ඔබ ගාව
පහල වෙලේ ගොන් හරක් රෑනේ
ගඳ දැනේ උඹේ අයියා ගාව
බේරගන්න මගේ ලංකාව
භාර උන තැන හමුදාව
මගේ පිට කොන්ද පණ නැති දාට
බලාගනීදෝ නුඹ මාව

මලේ හේන් කොටනා මලේ
අපේ ගමේ සුවඳ තාමත් දැනේ
මලේ හේ තණමල්විල මලේ
උඹේ ඇගේ ගමේ සුවඳත් දැනේ

හිත ගිය තැන මාලිගාව
මගේ හිත බොබ් මාලේ ගාව
හීන ගොඩක් තද කරන් තාම
ගෙන යන මගේ ජීවිකාව
අපිට එකම පිහිට වැස්ස තාම
බෝලේ විකුණලා ඵලදාව
මෙහෙම ගත කරමු ජීවිකාව
මගේ හිත පැටව් දෙන්නා ගාව
පොඩි පැටව් දෙන්නා ගාව

මලේ හේන් කොටනා මලේ
මගේ ගමේ සුවඳ තාමත් දැනේ
නගේ හේ තණමල්විල ගමේ
නුඹේ ඇගේ ගමේ සුවඳත් දැනේ

මලේ මලේ මලේ හේන් කොටනා මලේ
මගේ ගමේ සුවඳ තාමත් දැනේ
මලේ හේ තණමල්විල ගමේ
උඹේ ඇගේ හේනේ සුවඳත් දැනේ

මලේ හේ තණමල්විල ගමේ
උඹේ ඇගේ ගමේ සුවඳත් දැනේ
නගේ හේ තණමල්විල ගමේ
නුඹේ ඇගේ මගේ සුවඳත් දැනේ

banner

Leave a Reply