in Athula Adhikari

වෙන හිතකට | Wena Hithakata Thurulu Wela by Athula Adhikari

වෙන හිතකට තුරුලු වෙලා හැර යන්නම ඔබ ගියදා
තනියම හිත ඉකි බින්දා ඇසුනාදෝ
හැම මොහොතෙම සිනාවෙලා මාරවටා යන්න ගියා
මේ ආදරේ නොදැනීදෝ මදිවීදෝ

තුන් හිතම ගොළු වෙලා මුළු ලොවම නැති වෙලා
ඔබ සිනාසෙනු ලබා සැනසිලා ඉන්නේ මා
නෙතු පියාගන්න බෑ මගේ පෙර මතක මැවෙනවා
ඉගිලිලා යන්න මා සිතින් ඔහු අතේ දැවටිලා

වෙන හිතකට තුරුලු වෙලා හැර යන්නම ඔබ ගියදා
තනියම හිත ඉකි බින්දා ඇසුනාදෝ
හැම මොහොතෙම සිනාවෙලා මාරවටා යන්න ගියා
මේ ආදරේ නොදැනීදෝ මදිවීදෝ

හුරු යහනෙ සීතලයි උණු කදුළු විතරමයි
අතීතය පෙම් බරයි වෙන්වුනේ ඔබ තමයි
අත් හැරුනු මතක මාවතේ හිත තවම සැරිසරයි
ඔබ ඇවිත් හැදුව හීනයේ දැන් කදුළු විතරමයි

වෙන හිතකට තුරුලු වෙලා හැර යන්නම ඔබ ගියදා
තනියම හිත ඉකි බින්දා ඇසුනාදෝ
හැම මොහොතෙම සිනාවෙලා මාරවටා යන්න ගියා
මේ ආදරේ නොදැනීදෝ මදිවීදෝ

banner

Leave a Reply