in Uncategorized

වයින් වෙලා | Wine Wela by Keefa [2020]

උඩින් හොඳ මූණ පෙන්නන් යටින් ගද්දි හතුරෝ
ඉද්දි හොඳ කියන් නැති තැන යවයි පතුරු
මං ඉක්මන් වෙන්න දිව්වේ නෑ පාරකින් අතුරු
හරියන්නේ ගලවන්න තියනවා යතුරු
සීමා නැති හීන හිරවෙයි දැන් අස්සක
වැලේ හැඩය වෙනස් වේ අනුව මැස්සක
වලාකුළු අතරින් යන්න බෑ මැස්සට
මට සමාවෙන්න කින්ඩියට කැස්සට
කටුකයි මේ දුකයි අඳුරුයි මම නයි
ගමන පයින් ශෛලෙ නම් නෑ ලොකුලයින්
මං වයින් වෙද්දි අයින් වෙන්න නැත්නම් උඹේ පයින්
දෙන්න කවි කතන්දර කරන්න රයින්
මං ඉගෙන ගන්නා පාඩමක් තැනින් වැටුනු
නැගිටලා ඩෝ ඉන්නෙ දැන් බලන්න ඔටුනු
තදින් මීටර් වරදිද්දි කව්ද හොරෙන් කැපුනු
මග නැවතුනේ නෑ ගිහින් ගලේ හැපුනු

අපි වයින් වෙලා ඉඳපන් පාරේ අයින් වෙලා
බැස්සන් පාරට ගමන අපි දාල බාටා පයින් තමා
ඉන්නේ සයින් වෙලා මූගටිත් මැරුවෙ නයෙක් තමා
ගලපන අකුරක් ගානේ ගැලවෙන්නේ ඔලු රයින් වෙලා
කොල්ලෝ වයිට් වෙලා පැද්දේ නෑ අහගෙනම ට්‍රැප්
ගැහුවා ගේම ගැහුවා ගොඩ එකෙන්ම අපි කැන්
අඳුරන් නෑ හැරෙද්දි කොළඹ අපිට
හැදෙන සෙල්ලම කෙලින් කරලා ගහලා වටෙන් ජැක්

හරි මිම්මට බැන්දා ලෙවල් මගේ ලඹේ
මට බැන්නට බැනපු ගොඩක් උන් දොඹේ
රස වැඩි වෙන්නේ තද කරන් ඉරුවම අඹේ
උඹ අං වලින් ඇන්නේ කපපු හින්දා කඹේ
මන් දන්නෝ කව්ද මට ඉරිසියා
උන්ගේ පිහිටෙන් අවසානෙට පිවිසියා
හිනාවෙන් නෑ හිත පතුලෙන් විස තියා
පිලිගන්න වදනක් දෙකක් හිස තියා
ත්‍රෛලෝක බන් රෝගේ ගානක් නෑ මන් ඕකේ
මගේ ඇනේ ඇනිලා හුලං බහීද උඹේ රෝදේ
හැම කෙනෙකුගෙම ඉගෙන ගන්න ඇති බොහො දේ
කපිතාන් කොර කරලා තල්මහා රගනවා මූදේ
මූන කැතයි මගේ හිත මාර Clear
පටන් ගත්ත විදියට ඉන්නේ තාම Real
එලකිරි කොල්ලෝ කෙල්ලෝ දෙද්දී පාර Cheer
නිවුටල් එකේ ඇව්ත් මම දාන්නේ Gear

අපි වයින් වෙලා ඉඳපන් පාරේ අයින් වෙලා
බැස්සන් පාරට ගමන අපි දාල බාටා පයින් තමා
ඉන්නේ සයින් වෙලා මූගටිත් මැරුවෙ නයෙක් තමා
ගලපන අකුරක් ගානේ ගැලවෙන්නේ ඔලු රයින් වෙලා
කොල්ලෝ වයිට් වෙලා පැද්දේ නෑ අහගෙනම ට්‍රැප්
ගැහුවා ගේම ගැහුවා ගොඩ එකෙන්ම අපි කැන්
අඳුරන් නෑ හැරෙද්දි කොළඹ අපිට
හැදෙන සෙල්ලම කෙලින් කරලා ගහලා වටෙන් ජැක්

මව්පියන් ඇරුනම හිතේ උඩින් ඉන්නේ ගුරු
ඒකයි සිංහල වචනේ මට වැඩදාන්න හුරු
පිටින් කොලු පෙනුමට ගොඩක් උන් ගෙට දුරු
වෙන්න පිටියේ ඔටුවට ගහමු වදන් බූරු
යන්නේ හුරුවෙච්ච මදුරුවෝ දුමට කොයිලේ
මේ අක්කා එලවන්න බෑ අඩෝ කෙරුවත් තොයිලේ
මං එද්දි ගිනි පත්තු කරන් කැපෙන්න ශෛලේ
කැක්කුම් හොඳ වෙන්ඩ ඕන කීවා දෙනවා තෛලේ
උපත මාස දහයයි විපත එක හුස්මකින්
දගලන්නේ කාගෙවත් නෙවේ මගේම උෂ්නෙකින්
බුදුන් පුදනු බැරිනම් පලක් වෙන්නෑ පුෂ්පෙකින්
මෙව්වා මොන වදන්ද කියලා බලයි විස්මෙකින්
පල ඇති රුකට වදින්නේ කෝමත් බලු
උදේ පිපුනට හවසට පරවෙන්නේ මලුත්
උඹ වනසන්න හදන ගේම කලා මං අලුත්
මගේ බොක්කේ ඉන්න උන්ට තමා හදවතෙන් සැලූ

අපි වයින් වෙලා ඉඳපන් පාරේ අයින් වෙලා
බැස්සන් පාරට ගමන අපි දාල බාටා පයින් තමා
ඉන්නේ සයින් වෙලා මූගටිත් මැරුවෙ නයෙක් තමා
ගලපන අකුරක් ගානේ ගැලවෙන්නේ ඔලු රයින් වෙලා
කොල්ලෝ වයිට් වෙලා පැද්දේ නෑ අහගෙනම ට්‍රැප්
ගැහුවා ගේම ගැහුවා ගොඩ එකෙන්ම අපි කැන්
අඳුරන් නෑ හැරෙද්දි කොළඹ අපිට
හැදෙන සෙල්ලම කෙලින් කරලා ගහලා වටෙන් ජැක්

banner

Leave a Reply