ආයේ
කවදා හෝ
මේ පාරේ
මුණ ගැසුනොතින්
පෙර වාගේ මං
සිනාසී
සිත් ඇතුලේ
අපේ කහටවල් නැත්තේ
කෝඩුකාර සිතට හැඟෙන දැනෙන තරම
ලොවට දැනෙන ලෙසට ගයමි අහගන්නට
ඉගෙන ගත්ත වුනාට degree දෙක තුනක්ම
ආතක් පාතක් නැතුව අවේ ලංකාවට
කාත් කරුවත්ම නැතිව තනිව ගහන රිද්ම
වැරදි සොයන නුඹට ඉවසගන්න බැරි වුනාද
ගිටරයත් එක්ක කියපු රැප් ගීතය හිට් වුනාට
හෙළුවෙන් ඉන්නා බවටයි පැතිරුනේ ඒ කට කතාව
අතර මගදී කන්න බොන්න සල්ලි නැතුව හොයපු අදායම
තැබරුමට ආපු නාපු අයට ගයපු අතමාරුව
රෑට ණයට ගෙදර යන්න ඉංධන මදි වාහනයට
තල්ලු කරපු සැමට මගේ හද පතුලේ ස්තුතිය
ආයේ
කවදා හෝ
මේ පාරේ
මුණ ගැසුනොතින්
පෙර වාගේ මං
සිනාසී
සිත් ඇතුලේ
අපේ කහටවල් නැත්තේ
වැටෙන වැටෙන තැනදී අල්ලගන්න අත හිත දුන් ලුණු
සදහට සරණයි තිස් තුන් කෝටියක් දෙවි වරු
බොරුවට ලස්සන ලෝකෙට යකා නටන හොරු
ඉරිසියාව මූනට නොකියා දාපන් මට නඩු
රසිකයන්නට දඟලන්නේ වේදිකාව උඩ
සැකක් නැතුව ඉගෙනගන්න දේවල් ඇත මට
එදා හිටපු කෙල්ල තමයි තාමත් හිත යට
ගැට ගහගෙන මේ වෑයම නොවේ රජ වන්නට
අපි ගොඩ ගහ ගෙන
මැරන වලට අරන් යන්න හෙට සැරසෙනවද
තව කෙනෙක් ගොඩ යන්න
හිනා වෙලා පිනට දෙන්න දානයක්ම ලෙස
ආයේ
කවදා හෝ
මේ පාරේ
මුණ ගැසුනොතින්
පෙර වාගේ මං
සිනාසී
සිත් ඇතුලේ
අපේ කහටවල් නැත්තේ
Song Summary
A reflective rap about life’s struggles, personal growth, and the hope of meeting again without bitterness, carrying only lessons and gratitude.
Song Lyrics
The song speaks about maturity gained through hardship and real-life experiences. The singer imagines meeting someone again in the future, hoping that when that day comes, there will be no resentment—only smiles and peace within the heart. He reflects on his journey: returning to Sri Lanka despite having degrees, surviving alone without support, facing criticism, rumors, financial struggles, and sleepless nights, yet continuing to create music with honesty. Gratitude is expressed to those who helped him during his lowest moments, even when he had nothing. The song also criticizes jealousy, fake lifestyles, and hypocrisy, while emphasizing humility, learning, and kindness. Ultimately, it is about resilience, staying true to oneself, letting go of bitterness, and choosing humanity over ego.