හිරවෙලා / තනිවෙලා | Hirawela / Thaniwela by Dimi3 [2020]

ඉන්න බෑනෙ මට තනිවෙලා,
උන්නොත් ,
ඉන්න වෙන්නෙ ලඟ උඹෙ මට හිරවෙලා !
ඉන්න බෑනෙ තනිවෙලා,
ඉන්න බෑනෙ හිරවෙලා ,
යන්න මට , දෙන්න හාදු, ගන්න බෑනෙ වෙලා.,
තවත් කෙල්ලෙ…//

කඩ්ඩ බෑනෙ කෙල්ලෙ
මම හද්ද ඩොටේ පොරක් !
ඇත්ත ,, වත්ත වටේ කොල්ලො ඉන්නෙ,
ගහලම කරක් ..
වැඩ්ඩ වගේ “අල්ලන්” ලිව්ව
අහසට කවි පරක් ,
හම්බ උනා පුරසඳක්
එක මසකට වරක්..

දැක්කත් මැණික් මල්ලක්
හෙව්වෙ මම වෙන රහක්,
බරක් ගන්න වාරු දෙන්නෙ
නෑනෙ මට මගෙ හිතත්,
වරක් වින්දොත් එකක්
හෙට වෙන්නෙ මට ඒක වහක්,
පැද්ද පරක් තෙරක්
නැති සයුරක යන නැවක්..
ඒක සැපක් !

දුමෙන් මත් උනු ඒකේ,
කදිමයි ! සැනසෙන්න, නැලවෙන්න,
මැලවෙන්නෙ ඇයිද ශෝකෙන් ?
මට මදි උනු ලෝකේ,
යදීමයි , ඇදීමයි, නොදීමයි ,
ගැලවෙන්නෙ කෝම මේකෙන් ?
සද්ද වෙද්දි අන්ධ සැකේ,

හාරවයි, පාරවයි, කාරවයි,
සාරවත් හද මෝහෙන් !
මෙන්න තතු මගෙ හිතේ,
සරලයි, විරලයි, ගැඹුරුයි
ගලපන්න බෑනෙ ක්‍රෝධෙන්..

ආලේ හින්දා ප්‍රේමේ, ප්‍රේමේ හින්දා කාමේ,
කාමේ හින්දා ගන්න ගින්න
නිව්වා බන්දා දෑස කඳුලෙන්
ප්‍රේමේ හින්දා , කාමේ රන්දා, බැම්ම බින්දා,
කර්මේ සින්දා බෑනේ දැන්නම්
මාව බිඳින්න සුසුමෙන්
දවටා ඉනවටා අතක් ඉන්න ආසයි මටත්,

කෙල්ලේ මමත් , කොල්ලෙක්,
තාම වෙලා නෑ මං රහත්..
රවටා ගලවල දතක්, ගන්න දෝසයි, කෙල්ලේ,
කාටත්. කාසි, යාදෙන්නේ නෑ
හෙව්වත් ඒක පවක් ..
සරසා ගෙලවටා මාලේ, කරගන්න උඹ භාරී ,
නාරී !! දෙන්න බෑනෙ මට එහෙම බහක්,
පවට දෙන්න බෑනෙ පින,
දන්නවනෙ ඒක උඹත්,
මාව කරගනින් හීනෙන් උඹෙ අහක් !!

බලපන් මගෙ ඇස් දෙක ,
ඒක හිස් නේද ?
දන්න කියන හැඟුමක් ඒකෙ දිස් වෙද ?
උඹෙ Kiss එක ..
මට Miss වෙයිද ?
ඒත් තාවකාලිකයිනෙ Love Sick එක …
තරහින් ඉද්දි පිටවෙන වචන,
දුක්න් ඉද්දි තීරණ, සතුටින්
ඉද්දි දෙන්න බෑනෙ පොරොන්දු..
ඕනම දෙයක් වෙනස් වෙන්නෙ
ගත වෙන්නෙ මොහොතයි,
හැම දේම හැමදාම නෑනෙ වලංගු !!

written by Dimi3

Song Summary

A brutally honest love song about emotional confusion, desire, and self-awareness—wanting closeness but refusing to promise what the heart cannot truly give.

Song Meaning

Written by Dimi3, the song explores the inner conflict of a man who cannot be alone, yet feels trapped when intimacy gets too close. He craves affection—kisses, warmth, and companionship—but is painfully aware of his emotional instability and unwillingness to commit falsely.

The lyrics move between romance, lust, regret, and philosophy, showing how love can blur into desire, desire into pain, and pain into self-doubt. The artist reflects on addiction (emotional and otherwise), temporary pleasures, and how feelings change with mood—anger, sadness, happiness—making promises unreliable. He openly admits he is not spiritually or emotionally “enlightened” enough to offer lifelong certainty, rejecting fake vows and moral hypocrisy.

Ultimately, the song is about emotional honesty: choosing truth over comfort, refusing to deceive someone with promises he may break, and acknowledging that love, as intense as it feels, can be temporary. It’s a raw confession of vulnerability, restraint, and self-knowledge in modern relationships.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *