in Ramesses Reezy, Sinhala Rap

පැවැත්ම | Pavathma by Ramesses Reezy [2024]

සකි මගේ බඩගින්නයි කරවන්නේ මාව මට තව ඕනි හින්දයි
පිසාචයෝ කන අස්සේ රින්ගයි උන් දන්නෑ උන්ගේ බල මං බින්දයි
සල්ලි උඩ බෝට්ටු පදින්නයි , දිව්‍යලෝකේ යන්න බොට ගෙට්ටු අරින්නයි
හයේ ඒවා යන්නේ පෑන පිත්තයි , මගේ අනංගයා කෙල්ලෝ හැමෝටම විද්දයි
මාන, රති, රාග දනි , නටවන්නෙ අල්ලේ තියලයි
දෙයියෝ කියුවේ මට මේ ලෝකේ මගේ කියලයි
රූස්සනෑ බොරු මට බහුතරේ නිවටයි
ආදරේ අම්මටයි තාත්තටයි පිළටයි
පටන් ගත්තේ අනාගතේ මගේ පොතේ ලියලයි
අතු දිරපුවා නැහැ අලුත් දළු ලියලයි
අස් වෙන්නේ මගේ උනුත් උස්සලා දිනලයි
වෙලාවට කලාවට මාරු වෙයි ලු රාශි
අවාසියත් කරගන්නවා බං අපි වාසි
මම ගැහුවා නැවැත්තුවා පාට පාට ජාති
මාත් එක්ක කියපන් chain පන්නගෙන පාලි

දාසයයි මාසයක් යද්දි වෙලා නාස්ති
අපි ගහපුවා ගැන මගේ එකා සාක්කි
මගේ උන්ට හරියට වගේ මම ගාන්ධි
උබේ කෙල්ල ආදරේට මට කියුවේ තාත්ති
හිත පාරගන්න එපා
මටත් ඕනි කෙල්ලෙක් හැඩ ඇති වගේ Bella
කතාව සල්ලි නෙවේනම් මට නැහැ වෙලා
උකුස්සව කපුටෙක් කරන්න යන්න එපා
ළඟ නැහැ අපේ ගතිගුණ නොහොබිනා
තරු දරුවෙක් උපන්නි මහපොළොවිනා
යන්නේ අපි හීන කරා තටු කොට විදා
වින කැපුවොත් මිසකින් නැහැ දොස තියා අපි

සෙල්ලමේ නම් රන් තවරයි
කන් ඇරපන් දුවපන් අන්තරාවයි
අම්බරුවන් වගේ උන් කන් මොළ කයි
අපිට සවන් දෙන උන් ටික දිනලයි නවතින්නේ
සෙල්ලමේ නම් රන් තවරයි
ඇස් අරපන් බලපන් අන්තරාවයි
ඉස්සර මං දැන් මං දැන් නම් නෙවේමයි
මං මැරුවයි අවරින් එන හිරු බලා ගනින් දැන්

කෝටියක් සල්ලි හෙව්වත් හැරෙන්නවත් මදි මට
තව ඕනි තව ඒකයි හොයන් යන්නේ බල බල
ඉලක්කන් වැඩි කරන්නයි ගිණුමට හරවන
කලබල නැහැ ඉවසීමෙන් අපි පරිණත
ලිහාගත්තා වැටි තිබූ විලංගු මේ මනසට
මම සලකන්නෙ මට සලකන තරමට
මගේ හීන මගේ පොතේ ලියගත්තා කටුවට
මේක තමයි එළි දෙන්නේ හීන වල පටුනට
We daily finesse
පෙරෙලෙන්නෑ වෙස්, ආකල්ප විදෙස්
කෙල්ලෝ වෙන්නේ තෙත් භාවය නිසයි අපේ
තියන්නේ නෑ දෙස්, නෑ වෙන අපි මෙන්
යන්නේ මේ පාරෙන්, ගුණ එන්නේ ආරෙන්, බරපතලයි
එදා පටන් ගත්තේ ගොඩක් දුර බලලයි |
හිත අස්සේ මාර සේනාවන් පරාදයි
හැරෙන්නේ නම් ඕන දේවල් මං කරලයි
ලැබෙන දේවල් නම් පව පින අනුවයි
මුන්ගේ වැඩ නිසා මගේ උණත් උරන වෙලා
මම තමයි උබලගේ ඇද හදන එකා
ආස උන්ම කරන්න සෙල්ලම කනවා තියාන්
මේවා දැක දැක ඉන්නෑ මං නම් ඇස් දෙක පියාන්
බලපන් එන්නේ මන් හමුදාවක්ම අරන්
අපේ රස්නේ නැති වෙන්නෑ උඹ ගැහුවට පවන්
Moses වගේ එන්නේ රළ දෙපලු කරන්
අටේ තිබ්බොත් වැඩක් දහයට ගන්නවා මමත්
මම විතරමයි දන්නේ මම කරන තරම්
අභිප්‍රායයන් ඇත ගොඩක් අද මේ දෑත දරන්
නැහැ වැදගත් කිසිම දෙයක් එතරම්
ඒකයි කකුලෙන් අදින උන්ව යන්නේ මං හලන්
මූණු දෙකේ මිනිස්සු පිරිලා බොරු නාඩගම්
මනසින් උසස් කියයි, ළඟ නෑ සාරධම්
බලපන් දැනුයි පටන් ගන්නේ දාන්න පාරවල්
කලු සුදු හීන පුරවන්නේ වලින් පාටවල්..

සෙල්ලමේ නම් රන් තවරයි
කන් ඇරපන් දුවපන් අන්තරාවයි
අම්බරුවන් වගේ උන් කන් මොළ කයි
අපිට සවන් දෙන උන් ටික දිනලයි නවතින්නේ
සෙල්ලමේ නම් රන් තවරයි
ඇස් අරපන් බලපන් අන්තරාවයි
ඉස්සර මං දැන් මං දැන් නම් නෙවේමයි
මං මැරුවයි අවරින් එන හිරු බලා ගනින් දැන්..

written by Ramesses Reezy

banner

Leave a Reply