සුන්දරියේ රන් රසු | Sundariye Ran Rasu Dal by Chandana Liyanarachchi

සුන්දරියේ රන් රසු දැල් රාව නැගේවි
රන් මිණි මෙවුලේ කිංකිණි අඩ නින්ද බිඳේවි
රන් දෙවොලේ දේවදාසි බැල්ම හෙලාවි
පූජාසනයේ පුදන්න රැඟුම් රූබර දේවි
සුන්දරියේ රන් රසු දැල් රාව නැගේවි

මා රන්කඳ ඔබ රූ විඳින්න ලෝල නොවේදෝ
වස්දණ්ඩ නන්දනීය නොවේදෝ
මා රන්කඳ ඔබ රූ විඳින්න ලෝල නොවේදෝ
වස්දණ්ඩ නන්දනීය නොවේදෝ
ගන්ධාර කුළේ මෝහිනි රණ හංස තටාගේ
පීනන්න එන්නදෝ සඳපානේ

සුන්දරියේ රන් රසු දැල් රාව නැගේවි
රන් මිණි මෙවුලේ කිංකිණි අඩ නින්ද බිඳේවි
රන් දෙවොලේ දේවදාසි බැල්ම හෙලාවි
පූජාසනයේ පුදන්න රැඟුම් රූබර දේවි
සුන්දරියේ රන් රසු දැල් රාව නැගේවි

සී සීකඩ යයි දුල්වසන් මෙවුල් ඉණ රැන්දූ
සංයෝග හා වියෝගය කැන්දූ
‍නිම් හිම් කොහේද මා ඉඳුරන් කම්සුහ බැන්දූ
වාවාලමින් කෙසේ රති දෙව් දූ

Leave a Reply