යෙහෙළියක සේ | Yeheliyaka Se by Chandrasena Hettiarachchi

යෙහෙළියක සේ සොයුරියක සේ
ඔබ කියන අයුරින්
මා කෙසේ ඔබ දෙස බලන්නද
පෙම් කඳුළු දෑසින්…//

හැඳින ගත්තේ අප ඔවුන්
පෙම්වතුන් වීමෙන්
අප උපන්නේ මේ බිමේ
ප්‍රේමයේ නාමෙන්

ඉතින් කෙලෙසද මා බලන්නේ
ඔබ දිහා එලෙසින්
යෙහෙළියක සේ සොයුරියක සේ
පෙම් කඳුළු දෑසින්…

යෙහෙළියක සේ සොයුරියක සේ…

ඔබ ඔබේ සිත රවටමින්
අහක බැලු දවසේ
ඔබ ඉවත හල මා අදත්
හඬමි පෙම් පියසේ

ඉතින් කෙලෙසද මා බලන්නේ
ඔබ දිහා එලෙසින්
යෙහෙළියක සේ සොයුරියක සේ
පෙම් කඳුළු දෑසින්…

යෙහෙළියක සේ සොයුරියක සේ…

Leave a Reply