මේ රාත්‍රි යාමේ
සුසුමන් මිදෙන සීතේ
තනිවී අන්ධකාරේ
පතනා උණුහුමයි ඒ
එළියක් සඳ නිසා අඳෙනු දකිනෙමි
කළුවන් වලා පරදනා
සුළඟක් වඩින තුරු මඟබලා ඉමි
සඳවත දෙනෙත හමුවනා
ඒ සොඳුරු සීතේ
මා පතන ලෝකේ
කෙළෙස මා සොයම්දෝ
සඳවතේ
මේ නිල් ජලාසේ
කුසුමක් සොයන දෑසේ
මිදෙනා කඳුළු අතරේ
පතනා සැනසුමයි ඒ
පර මල් විලක රොන් රස සොයා යන
මේ දිගු ගමන නිමවෙනා
මධු රොන් පිරුණු නුඹේ වත හමුවන
දින ගැන පැතුම් පීදෙනා
මේ අඳුරු යාමේ
මා සැමට රහසේ
ඇදෙමි ඒ සිත් මලේ
රොන් සොයා
දහසක් කළු වලා අතර මෙතුවක්
හද පැතු එළිය සැඟවෙනා
සුළඟක් අවැසි නුඹේ උව දකිනට
සුළඟක් මවනු කෙළෙස මා
Leave a Reply