ඇහැල මල් පිපෙනා දෙවට දිගේ නුඹ පියමැන්නා
පුන් පෝය දාක සඳ විලසින් මුහුණ පෙනෙන්නා
ඈත මෑත කොතැනක හෝ කවුරුත් නොයෙනා
වැට ළඟ හිඳිමින් මං එබී බලන්නම්
වත්සුණු තැවරූ ගත මට අගේ නොවෙන්නා
වනේ පිපුණු මලක් ලෙසට සුවඳ හමන්නා..
වත්සුණු තැවරූ ගත මට අගේ නොවෙන්නා
වනේ පිපුණු මලක් ලෙසට සුවඳ හමන්නා..
ඔමරි බැලුම් හෙලාවී මුහුණ බිමට නැමේවී
ඇහැල මල් පිපෙනා දෙවට දිගේ නුඹ පියමැන්නා
පුන් පෝය දාක සඳ විලසින් මුහුණ පෙනෙන්නා
ඈත මෑත කොතැනක හෝ කවුරුත් නොයෙනා
වැට ළඟ හිඳිමින් මං එබී බලන්නම්
බහක් නොදී ගියත් අහක බලා සිනා සී
මට ම හිමී යැයි මගෙ සිත නිතර කියාවී..
බහක් නොදී ගියත් අහක බලා සිනා සී
මට ම හිමී යැයි මගෙ සිත නිතර කියාවී..
මඟ බලමින් සැමදා ඉඳිවැට ළඟ ඉන්නම්
ඇහැල මල් පිපෙනා දෙවට දිගේ නුඹ පියමැන්නා
පුන් පෝය දාක සඳ විලසින් මුහුණ පෙනෙන්නා
ඈත මෑත කොතැනක හෝ කවුරුත් නොයෙනා
වැට ළඟ හිඳිමින් මං එබී බලන්නම්