හිත යට මතක පොතේ
පිටු මත සිහින පිරේ
ඉඳුවර දෑසින් මට පෑව මෝහනේ
මේ දුර සංචාරේ සීතල සංසාරේ
උණුසුම නුඹගේ පිංසාර ආදරේ
හිරු ළඟ විකසිත වූ සඳමල මම නේදෝ
එනවිට දෑත විදා සොයා ජීවිතේ
දෙතොලින් හුස්ම උරා
කඳුලැලි පිසින නුරා
හසරැලි වස්සානේ නුඹමයි මාගේ
අපි තමයි අපිව දන්නේ
ලෝකය නෑ එය දන්නේ
බාධක නං තව එන්නේ
අපි ආදරයෙන් ඉන්නේ
අපි තමයි අපිව දන්නේ
ලෝකය නෑ එය දන්නේ
බාධක නං තව එන්නේ
අපි ආදරයෙන් ඉන්නේ
මලකට නටුව අගේ
සඳකට අහස වගේ
ඔය අත අල්ලාගනු ආසයි සොඳුරේ
උරහිස සවිය මගේ
හිස සිඹ නිරන්තරේ
කවියකි ජීවිතයම නුඹ එහි තාලේ
අප හට ඇනුම් බැනුම් විතරයි ලැබුණේ
එනමුදු හද ගැඹුරේ ප්‍රේමය තිබුණේ
අපි තමයි අපිව දන්නේ
ලෝකය නෑ එය දන්නේ
බාධක නං තව එන්නේ
අපි ආදරයෙන් ඉන්නේ
අපි තමයි අපිව දන්නේ
ලෝකය නෑ එය දන්නේ
බාධක නං තව එන්නේ
අපි ආදරයෙන් ඉන්නේ
Leave a Reply