ආදරේ ඕනෑකෙරේ | Adare Onakere by Madhavee Anthony ft. Raj [2021]

Sinhala song lyrics with music notes illustration

සීත මිහිදුම්
සේල උනුසුම් ස්වේත සලු දැහැනේ
සීන සුරතල් යහන්තලා නෑනේ

පාට පෙතිමල් දෑත විහිදන් සුරංගනා රෑනේ
නාද වෑහෙන ගුවන්තලා නෑනේ

දූලු වැගිරෙන
පාරේ එහාකොන
ආදරේ හොයනා

සල්පිල් වල වේදනා නෑ
මල්වැල් ඇත මූනු මානේ
සන්සුන් නැත පේන මානේ
හිනැහෙන්නෑ

කල් යල් බලමින් සිටින්නේ
මල් මල් පොඩි පුංචි උන්නේ
අත්වැල් බදමින් පිරේ හද සන්තානේ

මිහිරට කවි ගී ඇසෙන්නේ
කඩදහි මල් එය අදුරන්නේ
සුවය විතරයි ආදරේ දන්නේ

ගමවට කර මල් පීදෙන්නේ
නගරෙට නැත සුවද දැනෙන්නේ
දුකම විතරයි තියෙන්නේ

එන්න මා හා
යන්න පීරා
ආදරේ ඕනෑකෙරේ

සල්පිල් වල වේදනා නෑ
මල්වැල් ඇත මූනු මානේ
සන්සුන් නැත පේන මානේ
හිනැහෙන්නෑ

කල් යල් බලමින් සිටින්නේ
මල් මල් පොඩි පුංචි උන්නේ
අත්වැල් බදමින් පිරේ හද සන්තානේ

කදුලට කම්මුල් හෑරෙන්නේ
කන්තල ලග අකුනු ගහන්නේ
දුගද විතරයි මාරුතේ වෙන්නේ

ඉස්කෝලෙට නෑ අපි යන්නේ
හොද නරකෙට පාඩම් දෙන්නේ
වරද විතරයි ඒ තියෙන්නේ

එන්න මා හා
යන්න පීරා
ආදරේ ඕනෑකෙරේ

සල්පිල් වල වේදනා නෑ
මල්වැල් ඇත මූනු මානේ
සන්සුන් නැත පේන මානේ
හිනැහෙන්නෑ

කල් යල් බලමින් සිටින්නේ
මල් මල් පොඩි පුංචි උන්නේ
අත්වැල් බදමින් පිරේ හද සන්තානේ

සීත මිහිදුම්
සේල උනුසුම් ස්වේත සලු දැහැනේ
සීන සුරතල් යහන්තලා නෑනේ

පාට පෙතිමල් දෑත විහිදන් සුරංගනා රෑනේ
නාද වෑහෙන ගුවන්තලා නෑනේ

දූලු වැගිරෙන
පාරේ එහාකොන
ආදරේ හොයනා

සල්පිල් වල වේදනා නෑ
මල්වැල් ඇත මූනු මානේ
සන්සුන් නැත පේන මානේ
හිනැහෙන්නෑ

කල් යල් බලමින් සිටින්නේ
මල් මල් පොඩි පුංචි උන්නේ
අත්වැල් බදමින් පිරේ හද සන්තානේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply