ඇස් වහගෙන හිටිය ඇති
බොල බලපන් වටපිටාව
හොඳට අපි නැත අපිට
හෙටක් නැතිද සරු ?
බොරුවට එක ජීවත් උනා ඇති
පුන්නක්කු බිව්වත් දැන් ඇති
කාලේට වාරෙට පාරට
බසින තාප්ප අංක කතිර
NO සිදුරු කලු වීදුරු ඇතුලේ
උන්ගේ ලෝකේ අපි නොදැකපු
අපිම විඳව ගින්දර..ගින්දර..
එදාවේල හම්බකර කන දුප්පතාගේ
බඩට මනාප හොරු ඔක්කොම පොරකති..
එන්න අම්මේ තාත්තේ
එන්න අපිට කතිරෙ දෙන්න..
දුන්නට පස්සේ ඔන්න
අපි නෑ පළාතේ හොයා ගන්න..
රණවිරුවනට පින් සිද්ද
වෙන්න පෙරකළ පිනකට..
අපි තාමත් මේ පොළොවේ
සංසාරේ මහපාරේ කහපාරේ..
කෝ මල්ලි ඔබ ඔය කට්ට
කාල ගත්ත ඩිග්‍රී..?
ඩිග්‍රී නෑනේ රේස් පදින්න
ගත්තා ලැම්බෝගිනී..
එකම වේදිකාවේ එකම
හීනෙට උන් රණ්ඩු
උන්ගේම බඩු උන්ගෙම
කූඩු සාමාන්‍ය වැසියන්ට නඩු..
කෝ උස්සපු කඩුව..? ඒක නෑනේ ගෙදර
ඇත තවමත් අතන මේතන පාරේ
ඉවර නොකර මගට එනව පෙළට
මනාපේ ගන්නට වැඳගෙන
පිළිවෙලටකට මෙන්න අපේ
අක්කට පරීප්පු , හාල් ….
මැද්දෙ චිකන් මීට් බෝල්ස්
එක්ක ඇත්තො කාති
බෝති නටති වෙනම
කෝටි ගනනක පාටි දමති
පගාව දූෂණ වංචා එක්ක
හොරට ගාඩ්ලා යති..
දියුණු වෙන්න දාපු මනාපේ
අපිට සොරි ඇත..
ඇත්ත කිව්වේ හිතේ දුකට
සුදු වෑන් එකට රෙඩි මම….!
Song Summary
The song is a sharp social and political protest that exposes corruption, inequality, and the betrayal of ordinary people by those in power.
Song Meaning
This song criticizes a society where common people struggle to survive while politicians and elites live in luxury through lies, bribery, and abuse of power. It urges people to stop being blind to reality and questions false promises about a better future. The lyrics highlight unemployment, meaningless degrees, election manipulation, and how votes are taken but citizens are forgotten afterward. War heroes are respected, yet everyday citizens continue to suffer on the same streets. The contrast between the poor fighting for daily meals and the rich enjoying lavish parties shows deep injustice. Overall, the song is a voice of frustration, warning that speaking truth can be dangerous, yet necessary, in a system built on deception.