ආශා නිල් දෑසින් | Asha Nil Dasin by Mihindu Ariyaratne [2021]

ආශා නිල් දෑසින්
ආදරේ පෙන්නලා
මායා උන්මාදී
ජීවිතේ මත් කලා

දෑතේ එල්ලිලා
යාදෝ ඉගිලිලා

ලමැදේ
හැංගී කී කතා
දැනුනා නිම්නේ දී පවා

මුදු සුවදේ වසග වෙලා
පෙම් කතා කියනවා
කෙහෙරැලි සයුරේ
පිහිනමි සොදුරේ
ආදරේ ගලනවා

හිරිකඩයි යව්වනේ
උනුහුමයි ඈ
තුරුලටයි ගුලි වුනේ
මා සොයා

ලමැදේ
හැංගී කී කතා
දැනුනා නිම්නේ දී පවා

ඇස් පියා ගන්න බෑ
ඇස් දෙකේ ඉන්නවා
හදවත ගැඹුරේ ඔබේ රුව මතුවේ
නිදිවරා විදිනවා

සදවතයි ඔබ මගේ
අහසමයි මා
හිත පුරා ආදරේ
ඔබ තියා යා

ලමැදේ
හැංගී කී කතා
දැනුනා නිම්නේ දී පවා

ආශා නිල් දෑසින්
ආදරේ පෙන්නලා
මායා උන්මාදී
ජීවිතේ මත් කලා

දෑතේ එල්ලිලා
යාදෝ ඉගිලිලා

ලමැදේ
හැංගී කී කතා
දැනුනා නිම්නේ දී පවා

Leave a Reply