ආශාවරී | Ashawari by Kalpana Nayanamadhu

ආදර අඹරෝරෙදි
ඔබ මා මග හැර ගිය දා…
කදුලැලි සයුරෝරෙහි
කාලය ගිලී ගියා…

මේ සදකැල්මවත්…
මගේ දුක දැක්කා නම්…එදා…
විදවන්න තිබුනා…
මට ඔබ සිහිකර මෙදා…

ආශාවරී ඔබේ නම පවා…
මියුරුයි කියා…
සිතුවත් එදා…
ආශාවරී ඔබ ඒ තරම්…
වියරුයි කියා…
සිතන්නටවත් මට බෑ මෙදා…

ලස්සන දවසක
හවසක හමුවී
ඒ විසිතුරු උයනේ…
උණුසුම විද විද
සුවසේ පෙරලී
හිද මා…තුරුළේ…
හිනැහුනු තරමට…ඔබගේ……
ගත මා ළගමුත්
හිත් ඈතක බව නම් නෑ දැනුනේ…

ආශාවරී ඔබේ නම පවා…
මියුරුයි කියා…
සිතුවත් එදා…
ආශාවරී ඔබ ඒ තරම්…
වියරුයි කියා…
සිතන්නටවත් මට බෑ මෙදා…

අවරට යන
හිරු සද වාගෙමද
මා දුටුවේ…
වෙරළට එන රළ ආපසු යන බව වත්
නෑ දුටුවේ…
පහසම..
පමණද…
පැතුවේ…
මා අත අත්හැර.. අතින් අතට යනෙනා…
ලදුනේ…

ආශාවරී ඔබේ නම පවා…
මියුරුයි කියා…
සිතුවත් එදා…
ආශාවරී ඔබ ඒ තරම්…
වියරුයි කියා…
සිතන්නටවත් මට බෑ මෙදා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *