අවන්හල | Awanhala by Dimantha Weerakooon ft. Tharindu Damsara

මහා හයියෙන් වහින වැස්සකදී
ජීවිතේ හරි අදුරු හවසකදී
අතැඟිලි තුඩින් පෙරලී පෙම් පරිච්ඡේදය දිගහැරී
මගේ ආදර කතන්දර කෘතියේ

බිදුවෙන් බිදුවට අපට ඇදහැලූනු
තුහින මල් පින්නේ
යටින් ඔබ හා මා දෑඟිල්ල පටලා
ඇවිද ගිය කාලෙ
හෙමින් තුරුලට ඇවිත් රහසින්
කියූ අපගේ ආදරේ
මගේ ආදර අන්දරේ
පොප්ලර් හෙවනේ කතන්දරේ

ගතින් ගත වෙලුනු නුපුරුදු රුදු වූ සීතලේ
ඔබ මගෙන් වෙන්වී යන්නට හමුවු හැන්දෑවේ
ගලාගිය ඔබේ දෙනෙත් කදුලින් ලියූ අපගේ ආදරේ
මගේ ඉස්සර ආදරේ
අඩ අදුරේ අවන්හලේ

Leave a Reply