හිත හිරි වැටුනාදෝ
ඇස් දෙක දැකලා
එවන්නද ආදරේ
සුසුමක තියලා
ඈත ඈත අම්බරේ
පාවෙලා ගියත්
ආදරේ වෙනස් වුනේ
ජීවිතේ ගියත්
නිම්හිම් නොවූ
ආදරේ සිතුවම් කලා
හැගුම් පහසින්
රහසක් කිව්වා
හිත හිරි වැටුනාදෝ
ඇස් දෙක දැකලා
එවන්නද ආදරේ
සුසුමක තියලා
ගිම්හානේ ගිනිදැල්ල ආවත් කමක් නෑ
අපට බාදා නොදී
උන්මාද මිහිදුමද
නොයනා තැනක් නෑ
රැදෙයි අප තුරුලේ
සීතලේ උනුසුම ඇති මේ තරම්
දරාගන්න හිත හයිය නම්
දෑතේ ඉඩකඩ ඇති ඒ තරම්
අපගේම යහනක සිහින හේරාවකී
සරත් සදේ රැයක
මුදු සුවද දරා ගන්න
හිතවත් පෙම් කතාවක්
සුළගට මුමුනන්න
වරා මලින් මලට
මල්වියන් තනා ගන්න
පෙම්වත් භාවනාවක් මට
කියලා දෙන්න
හැගුම් විහැගුම්
තුරුල් වෙතී
සිතුම් සිතුම්
ඉගිල්ලෙවී
ඔබේ දෙනුවන්
වහදැවී
මාගේ දෙනුවන් පුරා විහිදේ
ප්රාර්ථනා තවරා ආදරේ
ඉන්න ඉඩදෙන්න තුරුලේ
හිනැහෙනා කල්පනා
ඔබ නිසයි ජීවිතේ
ඇඟිලි තුඩු තදකර මගෙ නළලේ
සිඹින සියුමැලි නුඹේ දෙතොල් අතරේ
ගැඹුරු හද කැලඹුම ඔය කඳුලේ
රහස නොහැඟේ මගෙම ළඳුනේ
නිහඬ ගමනේ මේතරම් දුර
ඇවිද අපි එකවාගේ
මිහිරි මතකේ සැරිසරා ඔබ
නවාතැන් ගෙන දෑසේ
බඹර නාදේ ඇසෙන මානේ
රැඳෙනු මාගේ සුවඳ වාගේ
බඹර නාදේ ඇසෙන මානේ
රැඳෙනු මාගේ සුවඳ වාගේ
කවිකාරී තෙපුල් මුමුණාවී
සඳයාවී උකුල් සුවදේවි
අදහන්නට බෑ පුදුමය
විසේකාරි
ශෘංගාරී දෙතොල් නලියාවී
හැඩකාරී සැනින් මත්වේවී
සුරලෝකේ ඉඳන් ආවාදෝ
විසේකාරී
ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ
හිත ඔබ ගාව නවතී වගේ
ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ
මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ
මායම් රූ නාරී විසේකාරී
සායං ගෑ දල්ලෙ රසේ දේවි
කෝලං පෑ දෑසේ රැඟුම් පාවි
හීලෑ නෑ ආලේ විසේකාරී
Leave a Reply