බාචි සුසාන් (Mashup) | Bachi Susan (Mashup) by Bachi ft. Kanchana Anuradhi

Sinhala song lyrics with music notes illustration

හිත හිරි වැටුනාදෝ
ඇස් දෙක දැකලා
එවන්නද ආදරේ
සුසුමක තියලා

ඈත ඈත අම්බරේ
පාවෙලා ගියත්
ආදරේ වෙනස් වුනේ
ජීවිතේ ගියත්

නිම්හිම් නොවූ
ආදරේ සිතුවම් කලා
හැගුම් පහසින්
රහසක් කිව්වා

හිත හිරි වැටුනාදෝ
ඇස් දෙක දැකලා
එවන්නද ආදරේ
සුසුමක තියලා

ගිම්හානේ ගිනිදැල්ල ආවත් කමක් නෑ
අපට බාදා නොදී
උන්මාද මිහිදුමද
නොයනා තැනක් නෑ
රැදෙයි අප තුරුලේ

සීතලේ උනුසුම ඇති මේ තරම්
දරාගන්න හිත හයිය නම්
දෑතේ ඉඩකඩ ඇති ඒ තරම්
අපගේම යහනක සිහින හේරාවකී

සරත් සදේ රැයක
මුදු සුවද දරා ගන්න
හිතවත් පෙම් කතාවක්
සුළගට මුමුනන්න
වරා මලින් මලට
මල්වියන් තනා ගන්න
පෙම්වත් භාවනාවක් මට
කියලා දෙන්න

හැගුම් විහැගුම්
තුරුල් වෙතී
සිතුම් සිතුම්
ඉගිල්ලෙවී
ඔබේ දෙනුවන්
වහදැවී
මාගේ දෙනුවන් පුරා විහිදේ

ප්රාර්ථනා තවරා ආදරේ
ඉන්න ඉඩදෙන්න තුරුලේ
හිනැහෙනා කල්පනා
ඔබ නිසයි ජීවිතේ

ඇඟිලි තුඩු තදකර මගෙ නළලේ
සිඹින සියුමැලි නුඹේ දෙතොල් අතරේ
ගැඹුරු හද කැලඹුම ඔය කඳුලේ
රහස නොහැඟේ මගෙම ළඳුනේ

නිහඬ ගමනේ මේතරම් දුර
ඇවිද අපි එකවාගේ
මිහිරි මතකේ සැරිසරා ඔබ
නවාතැන් ගෙන දෑසේ

බඹර නාදේ ඇසෙන මානේ
රැඳෙනු මාගේ සුවඳ වාගේ
බඹර නාදේ ඇසෙන මානේ
රැඳෙනු මාගේ සුවඳ වාගේ

කවිකාරී තෙපුල් මුමුණාවී
සඳයාවී උකුල් සුවදේවි
අදහන්නට බෑ පුදුමය

විසේකාරි

ශෘංගාරී දෙතොල් නලියාවී
හැඩකාරී සැනින් මත්වේවී
සුරලෝකේ ඉඳන් ආවාදෝ

විසේකාරී

ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ
හිත ඔබ ගාව නවතී වගේ
ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ
මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ

මායම් රූ නාරී විසේකාරී
සායං ගෑ දල්ලෙ රසේ දේවි
කෝලං පෑ දෑසේ රැඟුම් පාවි
හීලෑ නෑ ආලේ විසේකාරී

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply