බක් මී මල් පෙති | Bakmee Mal Pethi by Chandana Liyanarachchi

බක් මී මල් පෙති ගං දෑලේ
නුඹ නැති දා වැලපෙන තාලේ
රෑට ඇසේ හඳ ඇති කාලේ
කාට කියන්නද දුක මාගේ…

බක් මී මල් පෙති ගං දෑලේ
නුඹ නැති දා වැලපෙන තාලේ
රෑට ඇසේ හඳ ඇති කාලේ
කාට කියන්නද දුක මාගේ..

සඳ නෑ අහසේ අමාවකයි
පිට ගම් ගිය දා හිතට දුකයි…
සඳ නෑ අහසේ අමාවකයි
පිට ගම් ගිය දා හිතට දුකයි…
තරු ඇස් දෙක හොරු අරන් ගියාදෝ
මට ලෙන්ගතු සිත අහිංසකයි

බක් මී මල් පෙති ගං දෑලේ
නුඹ නැති දා වැලපෙන තාලේ
රෑට ඇසේ හඳ ඇති කාලේ
කාට කියන්නද දුක මාගේ..

මග තොට මුණ ගැහෙනා දාක
නෙතු පුරවා කඳුළින් සෝක…
මග තොට මුණ ගැහෙනා දාක
නෙතු පුරවා කඳුළින් සෝක…
සමාව දෙන්නට කළ වරදක් නෑ
වරද මගේ නුඹ අහිංසකයි

බක් මී මල් පෙති ගං දෑලේ
නුඹ නැති දා වැලපෙන තාලේ
රෑට ඇසේ හඳ ඇති කාලේ
කාට කියන්නද දුක මාගේ..

බක් මී මල් පෙති ගං දෑලේ
නුඹ නැති දා වැලපෙන තාලේ
රෑට ඇසේ හඳ ඇති කාලේ
කාට කියන්නද දුක මාගේ..

Leave a Reply