දසිස් දිනා | Dasis Dina by Sunil Edirisinghe

දසිස් දිනා රුපු රජුන් නසා…

ලොව තෙදින් තමා නතු කළෙන් මෙමා
එද එවන් ලොවින් ලද දිනූ දෙයක් වෙද
තවත් එවන් රුපු කැළක් විනා..

දසිස් දිනා රුපු රජුන් නසා…
ලොව තෙදින් තමා නතු කළෙන් මෙමා
එද එවන් ලොවින් ලද දිනූ දෙයක් වෙද
තවත් එවන් රුපු කැළක් විනා..

අදින් මතුව යලි සටන් වදින්නට
රජෙක් නොමැති සිහ අසුන් අරා
සුසුම් නලින් මිස සිතින් බැහැර නොව
හිඳින් මගේ දුක කිරුල දරා…

දසිස් දිනා රුපු රජුන් නසා…

ලොව තෙදින් තමා නතු කළෙන් මෙමා
එද එවන් ලොවින් ලද දිනූ දෙයක් වෙද
තවත් එවන් රුපු කැළක් විනා..

දිනු විසල් ලොව සිතින් හරින්නෙමි
උතුම් මිනිස්කම මවෙත රඳා…
මගේ දෙපා මුල වැටී මෙසේ මම
කියම් මගේ දුක මටම හඬා…

දසිස් දිනා රුපු රජුන් නසා…

ලොව තෙදින් තමා නතු කළෙන් මෙමා
එද එවන් ලොවින් ලද දිනූ දෙයක් වෙද
තවත් එවන් රුපු කැළක් විනා..

Leave a Reply