දේවතාවී | Dewathawi by Ruwan Hettiarachchi [2021]

තනිකමෙන් ගෙවුනූ
මගේ ලෝකෙට
අහම්බෙන් හමුවුනු
දේවතාවී නුඹ

බැහැ අමතක කරන්න
කවමදාවත් මට
ආදරෙයි දිවි ඇති පුරා
ඔබයි පණ

සංසාරයේ පුරා
පෙරුමන් පිරුවදෝ අපි
ආදරෙන් ලංවෙලා
ඉමු හැමදාකදී

සංසාරයේ පුරා
පෙරුමන් පිරුවදෝ අපි
ආදරෙන් ලංවෙලා
ඉමු හැමදාකදී

ගැහෙනා හුස්මක පවා
පතන්නේ නුඹවයි මම
රකින්නම් පණ සේ
සදවතිය මාගේමයි නුඹ

දේදුන්නක පාට වාගේ
ඔබේ ආදරේ
සිත් අහසම එළිය කලේ
සිනාවයි නුඹේ

දේදුන්නක පාට වාගේ
ඔබේ ආදරේ
සිත් අහසම එළිය කලේ
සිනාවයි නුඹේ

මියැදුනත් මේ ලොවින්
කවදාක හරි අපි
ඉතිහාසෙට ලියවෙයි
පෙම් පුරාවත අපේ

තනිකමෙන් ගෙවුනූ
මගේ ලෝකෙට
අහම්බෙන් හමුවුනු
දේවතාවී නුඹ

බැහැ අමතක කරන්න
කවමදාවත් මට
ආදරෙයි දිවි ඇති පුරා
ඔබයි පණ

තනිකමෙන් ගෙවුනූ
මගේ ලෝකෙට
අහම්බෙන් හමුවුනු
දේවතාවී නුඹ

බැහැ අමතක කරන්න
කවමදාවත් මට
ආදරෙයි දිවි ඇති පුරා
ඔබයි පණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *