හිතයට දැවෙනා සිතුවිලි
අලුවී යනවා දැවි දැවී
ගිනිගත් කාලය සිහිවී
ඇරබුම කොතැනද නොදනී
දෙලොවක් අතරේ තනිවී
දරුවන් මිනිසුන් සිරවී
කාලය කිසිදා නොනවතී
ජීවන රෝදය දුටිමී
කුහකයන් වෙස් දාගන
ලෝකය මුසවේ බස් අහගන
ඇත්ත බොරුවෙන් වසාගන
සාමය හොයන්න බෑ පස් කාගන
ගගට කපාපු ඉනි යාවි ගහගන
අපිටම බැනලා වත්තේ පස්පාගන
සමාජේ මාරයි හිතාගන්න බෑ
ඒත් දැගලුවේ නෑ බොරු දේවල් කාගෙංවත් අහගන
හොදටත් නරකටත් බෙහෙතත්
ගුන වැඩි වෙද්දි විස වේනං
එකක් එහෙටත් එකක් මෙහෙටත්
පසු තැවියන් උන දේටත්
නිහතමානියා දුර්වලයා නොවෙයි
යාලුකම් හදවත් වල ගෙවෙයි
බොරුව රජ උනේ දයාව නෙවේ
නොදැනුවත් වමද කුහකයා උනේ
කාලය සර දම් කරාවී
අද වගේ හෙටත් හොද මං කරාවි
හොද මිනිසුන් දවසක නම් දරාවි
නරක මේ ලෝකයෙං කොං කරාවි
නැති බැරි උං හිග මං කරාවී
තෘශ්නාවෙන් අතර මං කරාවි
නපුරට සමාජේ ලං කරාවි
නපුරන් පේන්න පිං කරාවි
ලෙඩ කරයි විකීරනත්
වරද්දයි වැරදී තීරනත්
හොයාගන්න බෑ හරි මවතක් මාහා මුහුද මැද පීරලත්
අවංක හදවත් පීඩාවෙන් මයි
දුශ්ට හිත් හෙටත් ප්‍රෝඩාවෙන් මයි
කතාව තාමත් දෝලාවෙන්මයි
මං නිහඩ භව හෙවුවේ ගෝශා වෙන්මයි
වැඩක් නෑ කාටත් සාප කර
නවතමු අදහස් පාපතර
ඌද පොර මූ ද පොර
මට වැඩක් නෑ ඒවා විවා දකර
දුශ්කර ගමනක් අවා වගේම දුශ් කර ගමනක් යා යුතුයි
උබලා දුන්න දේට මට සාතුටුයි දවසක මාවත් දාල මට යායුතුයි
හරි මාර්ගෙ කියන්න තරු ඒවි
අපි නැති දවසට හෙට හුරුවේයි
නොදන්න සත්‍යද හෙලිවේයි
රැප් අහසත් දවසක කලු වේවි
ලස්සන කාලයක් සුන්දර ජීවිත මතකයන් එක්ක අලු වේවි
හෙට ආයෙත් පැලේක දලු ඒවි
මම වගේ එකෙක් ආය හෙට ඒවි
හිතයට දැවෙනා සිතුවිලි…
දෙලොවක් අතරේ තනිවී…
written by Lil Rome Praba & Jana Krishantha
Leave a Reply