සිගරට් ඇත ගින්දර නැත | Cigarette Atha Gindara Natha by Minol

Sinhala song lyrics with music notes illustration

හැරෙන්න පැත්තක් නැතිකමට දුන්න කතිරයක් මේ.
කබලෙන් ලිපට වැටුණත් නැහැ මරණයක්.

ආත්මාර්ථකාමී ඇයි උඹලා වයසට යද්දි.
ඊළග පරපුරට අයිති දැන් කුලී ගෙයක්.

කක්කුටු සංචල් උඹ කියන කෙලින් ඉම.
අපි හදපු හීන වලත් තිබ්බෙත් ඔය කියන දිනුම් ඉර.

මාළුන්ට ගස් නගින හැටි කියන.
අධ්‍යාපන කඩෙන් ගන්න දෙයක් ඇහුවම,
උන් මට කියනවා…

Cigarette ඇත ගින්දර නැත //
Cigarette ඇත ගින්දර නැත //

ලිව්වොත් කන්න නැහැ.
ඒකයි ඇහුවේ සිංදු මාත්.

ආසයි.
ඒත් කරන්න බැහැ.

දේවල් ගොඩක් හිතලා මැරුණා.
හීන ඒවා දළු දාන්න පතාගෙන ලියන්නේ මාත්.

යයිද ගොඩ රටත්?
මමත් කළත් විභාග Pass?

ඇත්තටම,
හැමතැනකම යටින් Game.
අවංකයිනම් ගොඩක් Case.

සැප ඕන්නම් පොරකන්නම වෙනවා.
එකෙක් පාගන්නම.

පැද්දෙ Car සෙල්ලම් පොඩිකාලේ.
මං තාම සෙල්ලම්.

මිනිහෙක් දැන් තාම යයි මං.
ඒ පාරේම තාම ඇයි මං?

උන්ට උන්ව ගෝතයි ඔළුව උඩින්.
සුද්දෙක්නම් නෙවෙයි වැදගත්කම්.

තවමත් බං කඩන්න බැරි නටබුන් වෙලා ඉතුරු.
තවමත් නෑ නිදහස් ලංකාව.
අපි නොදන්නේ අපි අපිවම බං.

නීතිය රහයි.
කන්න වෙනවා රහට සැකපිට.

කවුරුත් පොරක් වෙන්න ආසම පොඩි උන් ලග.
වෙනසක් වෙයිද හිතං?
නිකං ඉන්න බෑ මට.

එක පාරයි වෙන්නේ ජීවත් ඉතිං.
අතහරින්න බෑ මට.

නැද්ද ගින්දර දීපන් මට පින්සල.
ගේනවා ඉර පොළොවට තියනවා ගිනි.

තොපෙ ඔළුවල ඇස් ඇරෙනකම්.
ඉන්න මැරෙනකම්.

නෑ වෙන්න ජීවත් උඹට උඹව දැනෙනකම්.
ඇයි බුදියන් රට හැදෙනකම්.

Cigarette ඇත ගින්දර නැත //
Cigarette ඇත ගින්දර නැත //

කමක් නෑ මිනෝල්.
මුන් කොහොමත් පත්තු වෙනවා.

මං නිවෙන්න ලියනවා.
දැනෙන එකා කොහොමත් කිට්ටු වෙනවා.

කිව්වා මුන් කවන්නේ අපිට.
උන් කාලා ඉතුරු මස්.

නෑ හමන්නේ කිරි සුවඳ.
දිය කරන් උතුරු මස්.

ඌත් දිරන්.
අනිත් එකත් දිරවයි කොහෙ මිත්‍රත්වේ.

මාර හුත්තක්නේ.
හෙම්බත් වෙයි මාවත්.

නෑනේ උවමනාවක් උන්ට.
ගොඩ එන්න මේ තත්වෙන්.

කැඳ බිව්වත් බෙට්ට කෙළින්.
ඇලළුනු එරොප්පෙන්.

ඇහුවොත් කියවන්නේ.
ලෙලි ගලවන්නේ කලිසමත්.

සමානාත්මතාව නෙවෙයි.
අසහනෙයි.
කෝන්තරෙයි.

ආණ්ඩුවත් ගන්නේ නැත්තේ පියවරක්.
උන් ඇලෙව්ව හින්දද උඹලගේ ඡන්ද පෝස්ටරයක්?

අද දරාගන්න බැරි තැන.
අපි පැද්දෙනවා මිදුල මැද්දේ.

අසහනේ Peak එකේ සහතිකේ.
උතුරු මැද.

දරුවෙක් කුස දරයි.
තව දරුවෙක්.

උන් සද්දයක් නෑ.
කවුද ඇහුවොත් වග දැරුවෙක්.

ක්‍රමේ අධ්‍යාපන වෙනසක් කරනවා කියං.
වැටකෙයියා පදුරක Suck කරනවා තියං.

මිසක් නැහැ එකෙක් සවන් දුන්නේ.
මං පෙන්නද්දි ඉදිරිය.

යාත්තමින් පැහිලත්.
කෙස් කපන් නැහැ පෙකණිය.

විනයක්.
දෙහි ගෙඩි තුනක් එල්ලන එකත් මරුටියට.

ඇත්ත කතා කළොත්,
ඌ නියමයි කළුරියට.

මටත් තියෙනවා අසාවක්.
වසන්තයක් දකින්න.

මගේ අළු මතින් හරි.
තව එකෙක් රකින්න.

Cigarette ඇත ගින්දර නැත //
Cigarette ඇත ගින්දර නැත //

written by Minol Witharana, Heva & Xyren

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply