හද මඩලට සුවඳ ගෙනා
නෙතු අතරට කඳුළු තියා
යන එන මග හිටිය කෙනා
අද නොකියම නතර වෙලා
හැදුනද රිදුනද හිත මාගේ
ඇසුවට හිටියද නෙතු මානේ
මතකය අමතක වෙන කාලේ
මොකකට මුණ ගැහුනද ආලේ
රෑ තුන් යම හිත අස්සට
දුන්නු හීන නෑ හැබෑ වී
මේ ඇස් දෙක පියාගන්න
කාලෙ දැන් උදා වී
අද නතරවුනු තැනම මා ඉඳී
යලි ඔබ නොඑන බවද මා දනී
හිත හොයන සතුට මට හිමි නැතී
මතු ලබන භවයකට ඉඩ දෙමී
අපි ළං උනෙ ඇයි
සුන්දර මලක් මට පෙම් කලෙ ඇයි
ඉස්සර ළඟ ඉඳන් මාව සනසයි
මට තාම මතකයි ඔයා ගාව සුවදායි
සිතුවමකි ඇඳුනෙ රුව මවාගෙන
හදවතෙ කෙටු නම සිහි කරගෙන
රැය නොනිදන කල්පිත සයුරක
ගිලුනම මිදෙන්නට බැරි හීනයක
තනියම තනිකම වින්දා මාගේ
හැමදේම වෙන්නෙ හොඳටයි හිත කිව්වා වාගේ
මම පරණ මතක වල දැම්මා ආයේ
පෙමත් එක්ක පටලගත්තෙ ඇයි කෙල්ලෙ රාගේ
Leave a Reply